, ,

සදාචාරය හා නිරෝගි සම්පත

රු160.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publisher
  • Seventh Batch 2017
  • ISBN 978-955-0201-62-4
  • 56 Pages

Availability: 2 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publisher

Seventh Batch 2017

ISBN 978-955-0201-62-4

56 Pages

විනය නීති කට පාඩම් කරවීමෙන් ගුණ ධර්ම ඉගැන්විය නොහැකි ය; එය නිශ්ඵල ව්‍යාපාරයෙකැ යි ඇතැම් අධ්‍යාපනඥයෝ කියති. විනය නීති කට පාඩම් කරගැන්ම නිසා ඒ අනුව ක්‍රියා කිරීමේ පුරුද්ද නිතැතින්ම පිරිහෙන්නේ ය යි ඔවුහු තර්ක කෙරෙති. මති මාත්‍ර වශයෙන් බොහෝ කොට ශාස්ත්‍ර උගත් තැනැත්තා ක්‍රියාවෙහි අදක්ෂයෙකි. මති මාත්‍ර වශයෙන් අර්ථ ශාස්ත්‍රයෙහි කොටිප්‍රාප්ත ශාස්ත්‍රඥයෝ සිටිත් ඔවුන්ගෙන් සමහරු නූගත් ස්ත්‍රියක තරම් වත් මුදල් හදල් ඉතුරු කර ගැන්මට සමර්ථ නොවෙත්. 

නිරොගිතා සදාචාර ප්‍රති පත්ත්‍යාදිය ඉගැන්වීමට සම්පාදිත මෙය නවීන අධ්‍යාපනඥයන්ගේ මෙකී මතයන් අනුව සකස් කරන ලදී. ඒ ඒ සදාචාර ප්‍රතිපත්ති එක එක මාතෘකාවට ගැළපෙන කථාවස්තු ද යොදන ලදී. පූර්වාපරදිග ධර්ම ශාස්ත්‍රිය ග්‍රන්ථයන් ගෙන් උපුටා සංග්‍රහ කරන ලද මේ කථාවස්තු ඉතා පහසුවෙන් නාට්‍යයන්ට හරවා ගත හැකි ය. 

සදාචාර ප්‍රතිපත්තියක් විස්තර කොට අනතුරුව යොදන ලද කථා සාරාංශ ශිෂ්‍යයන් ක්‍රියාවට පොළඹ යි; ගුරුමහතුන් ඒ කථා සාරාංශයන් ශිෂ්‍යයන් ලවා නාට්‍යයන්ට හැරවුව හොත් එයින් ලැබිය හැකි විපුල ප්‍රයෝජන මහත් වේ. 

-මාර්ටින් වික්‍රමසිංහ- 

#SadacharayaHaNirogiSampath #MarinWickramasinghe #Sinhalapoth #LamaintaKiyaweemta

WhatsApp us