Author: සුදත් රොහාන්
GOOD OLD SECRET SEVEN (By Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Tharanga Publishers
First Edition 2006
ISBN 978-955-657-056-4
142 pages
ජැක්ගේ ටොම් මාමා එයාට හරිම අපූරු තෑග්ගක් ගෙනත් දුන්නා. ඒ තෑග්ග තමයි අපූරු දුරදක්නයක්.
සත් සුමිතුරන් පිරිසත් එක්ක මේ දුරදක්නය හවුල් කරගන්න හිතාගෙන ජැක් ඒකත් අරන් ආවා.
පීටර් තමයි මුලින් ම දුරදක්නයෙන් ඈත බැලුවේ. දුරදක්නය තුළින් බලද්දි ඈත කන්දක් උඩ තියෙන
ගරාවැටුණ, අබලන් ටෝර්ලීන් මන්දිරය හරිම අපූරුවට පෙනෙනවා. අබලන් මාළිගාවේ ගරාවැටුණ ජනේලයක්
ළඟ කවුදෝ අමුත්තෙක් ඉන්න බවයි පීටර් මුලින් ම දැක්කේ.
ජරාජීර්ණ වෙලා තියෙන මන්දිරයක ජනේලයක් ළඟ අමුත්තෙක් ඉන්නේ ඇයි? පීටර් ගොඩක් වෙලාවක්
ඒ ගැන කල්පනා කෙරුවා. ඇත්තට ම දුරදක්නයක් දුටු අමුත්තා සැඟවුණ අබිරහසක ප්රධාන චරිතය කියලා වටහා
ගන්නට සත් සුමිතුරන්ට එතරම් කාලයක් ගතවුණේ නෑ.
#SathSumithuranSahaTorleenMadureAbirahasa #SudathRohana #sinhalaLamaPoth
Reviews
There are no reviews yet.