Author – අනුර රත්නසේකර
Publisher – VAPA university Press
First Edition 2023
ISBN 978-624-5785-14-8
252 Pages
භාෂාව හා සංගීතය යනු අදහස්, සන්නිවේදන සහ හැඟීම් ප්රකාශ කිරීම සඳහා භාවිත විශිෂ්ට වූ මානව නිර්මාණයකි. මෙම නිර්මාණය සඳහා මානවයා විසින් ස්වභාවික පරිසරය සතු විශ්ව ශක්තියක් වන ධ්වනිය උපයෝගී කරගෙන ඇත. එම ධ්වනි ශක්තියේ අංශු මාත්රයක් මානව සංස්කෘතිය හා සම්බන්ධ කිරීම මගින් නිර්මාණය කරගන්නා සංස්කෘතිමය නාද කියවීම සංගීතය යනුවෙන් හැදින්විය හැකිය. සංස්කෘතිය මානව ශිෂ්ටාචාරය ඇසුරේ පරිණාමය වන අතර එය මානව සංහතියේ වරිග ඇසුරේ විවිධ ස්වරූපයෙන් යුක්ත ව ,ස්වාධීන ව, ක්රියාත්මක වේ. එබැවින් මානව වංශ ඇසුරේ ක්රියාත්මක වන විශේෂිත සංස්කෘතිමය නාදයක් වන සංගීතය, විශ්ව භාෂාවක් විය නොහැකිය. එහෙත් එහි භාවිත ධ්වනිය විශ්ව ශක්තියක් වන බැවින් සංගීතය මානව සංස්කෘතිය හා බැඳී විශ්ව ලක්ෂණයක් (universal feature) ලෙස හැඳීන්විය හැකිය
#SangeethaVidyaParignanaya #AnuraRathnasekara#SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.