,

ශික්ෂා මාර්ගය – පළමු වන පොත

රු240.00

  • Author : කුමාරතුංග මුනිදාස
  • Publisher : Visidunu Publishers 
  • Third Batch 2019  
  • ISBN 978-955-0955-57-2 
  • 48 Pages

Out of stock

Author : කුමාරතුංග මුනිදාස

Publisher : Visidunu Publishers 

Third Batch 2019  

ISBN 978-955-0955-57-2 

48 Pages

 

එ දා මෙ දා තුර ලියැවී ඇති ඉහළ ම සම්පූර්ණ පාසල් කියවීම් පොත් පෙළ ලෙස වියතුන් විසින් චිරසම්භාවිත ශික්ෂා මාර්ගය පොත් පෙළ මෙ සේ වත්මන් දරුවනට පරිහරණය පිණීස අලංකාර නිමාවකින් යුතු ව ප්‍රකාශයට පත් කිරීමට හැකි වීම පිළිබඳ ව අපි අතිශයින් සතුටු වෙමු. එහි ලා මහත් වෙහෙසක් දැරූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්ධුල හරිශ්චන්ද්‍රයන් හට අප ගේ පින හිමි වේ.

මුළු පොත් පෙළෙහි ම අන්තර්ගතයෙන් අප විසින් සංස්කරණය කරනු ලැබ ඇත්තේ රචනා දෙකක් පමණි. ඒ එ දා යටත් විජිතයක් ව පැවැති අප රටේ රාජ්‍ය නායකයා වූ එංගලන්තයේ රජු පිළිබඳ ව හා එ දා පාසල් දරුවකු ගේ අවශ්‍යතා සැපිරීම සඳහා භාවිත මුදල වූ සතය පිළිබඳ ව තිබූ රචනා ය. මුල් රචනාවන් ගේ අදහස් හා වාක්‍ය රටා එ ලෙස ම රැක – ගනිමින් ඒ රචනා ‘අපේ රජය’ හා ‘රුපියල’ ලෙස මෙහි දී කාලානුකූල කොට ඇත. ඒ උක්ත රචනාවන් පාසල් දරුවකු සතු විය යුතු මූලික දැනුමට අදාළ බැවිනි. නුදුරු අනාගතයේ දී ම එළිදැක්වීමට සැලසුම් කර ඇති ‘කුමාරතුංග මුනිදාස – එකතු කළ කෘති’ ග්‍රන්ථ මාලාවෙහි ලා මේ රචනාවන් මුල් ස්වරූපයෙන් ම ශාස්ත්‍රවන්තයන් ගේ ප්‍රයෝජනය පිණිස පළ වනු ඇත.

භාෂාත්මක වශයෙන් මෙහි ලා කරනු ලැබ ඇත්තේ අක්ෂර වින්‍යාසයෙහි හා පද බෙදීමෙහි අල්ප වූ සංස්කරණ කිහිපයක් පමණි. ඒ කුමාරතුංග මුනිදාසයන් පසු කාලීන ව ‘නො – යෙදුම’ , ‘වඳ පවතුව’ ඈ ලිපි මඟින් හෙළි කළ විවරණ රීතීනට අනුකූල වන පරිදි ය.

නිවැරදි භාෂා භාවිතයෙන්, ලෝකය පිළිබඳ පැතුරුණු නුවණින්, වීර අදහස්වලින් හා උදාර චරිතයෙන් යුත් දරු පරපුරක් මේ සිරි ලක් පොළොවෙන් බිහි කිරීමට ශික්ෂා මාර්ගය පොත් පෙළ යළි යළිත් හේතු වනු නිසැක ය.

 

කුමාරතුංග මුනිදාස පදනම

පල්ලිමුල්ල, පානදුර

2014 ජුලි 25

 

#ShikshaMargaya #KumarathungaMunidasa #LamaPoth #OnlineBooks #OnlinePoth

 

Weight 0.122 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශික්ෂා මාර්ගය – පළමු වන පොත”

Your email address will not be published. Required fields are marked *