ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු දැවැන්තයින් දෙදෙනෙක්
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ + විසල් අහස යට කඳු හෙල් බෝමා
සාමාන්‍ය මිල – රු. 2150/=
අපේ මිල – රු. 2043/=
හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ
Author: ඒ.පී.ඒ. ගුණසේකර
Publisher: S Godage & Sahodarayo
Sixth Edition 2021
ISBN 955-20-7281-6
592 Pages
රාජ්‍ය නිලධාරීන් ලංකාවේ ගම් දනව්වල සේවය කිරීමේදී ලබා ගත් අත්දැකීම් ලේඛනගත කිරීම කලාතුරකින් වුව ද සිදු වේ. අපට නිතැතින්ම සිහියට නැඟෙන නිදර්ශන වශයෙන් ලෙනාඩ් වුල්ෆ් (බැද්දේගම) , ලීල් ගුණසේකර (අත්සන, පෙත්සම) විමලරත්න කුමාරගමගේ කවි හා මගේ නිර්මාණයක් වන වැව් බැඳි රාජ්ජේ සවාරියක් සඳහන් කළ හැකිය. එහෙත් මේ සාහිත්‍යාංගය සිංහලයේ එතරම් ප්‍රචලිත වූවක් නොවේ. යුරෝපීය සාහිත්‍යයේ නම් බෙල් ලෙත්ර (belles – letters) මෙව්වා (memoirs) යනු විසින් වැඩී ගිය සාහිත්‍යාංගයක් ලෙස එය සැලකේ. අප පාසලේ ඉහළ පන්තිවල උගන්නා කාලයේ ෆැන්සිස් බේකන්, ඔලිවර් ගොල්ඩ්ස්මිත්, චාර්ල්ස් ලෑම්බ් හා විලියම් හැස්ලිට් යන ලේඛකයන්ගේ එබඳු රචනා කියවීම අනිවාර්ය අංගයක් විය.
වර්තමාන කෘතිය මානව සම්පත් සංවර්ධන, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ද වන ඒ.පී.ඒ. ගුණසේකරයන්ගේ රචනයකි. දශක තුනකට පෙර උතුරු මැද පළාතේ විශේෂයෙන්ම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ආදායම් නිලධාරීවරයෙකු මෙන්ම, උප දිසාපතිවරයෙකු ලෙස ද සේවය කිරීමේ දී ලත් අත්දැකීම් මෙම සංග්‍රහයේ ඇතුළත් වෙයි.
මාගේ සහෝදර නිලධාරියකු වන ගුණසේකරයන් තුළ මෙතරම් සුවිශේෂ රචනා ශක්තියක් හා වින්දන ශක්තියක් හා වින්දන ශක්තියක් ඇති වග මම නොදැන සිටියෙමි. මෙම රචනාවලියෙන් ඉස්මතුව පෙනෙන්නේ ඔහු සතු මානව දයාවත්, මිනිස් ජීවිතයෙහි මනාව ප්‍රකට නොවන්නේ නමුදු, යටින් දිවෙන ශෝකාන්තයත් අවබෝධකර ගැනීමේ හැකියාවක් කතුවරයා තුළ නොමඳව ඇති බවය. ඒ අත්දැකීම් හා වේදයිතයන් ඔහු සුගම්‍ය ශෛලියකින් ඉදිරිපත් කරන්නේ අප සිත් ඇද බැඳ ගනිමිනි.
නිර්දය තීරණ ගන්නකු ලෙස ද, විනිවිද පෙනෙන අවංකභාවයෙන් යුක්ත වූවකු ලෙස ද ගුණසේකරයන් රාජ්‍ය සේවයේ කා අතරත් ප්‍රකට ය. ඒ නිර්දයභාවයත්, අවංකභාවයත් හැම විටම පොදු මිනිසාගේ හිත සුව පිණිස වූවක් බව හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ කියවන විට පාඨකයා වටහා ගනු නිසැකය.
#HorowpothanePalaweniDeeyaro #APAGunasekara # SinhalaPoth #Charithapadana
විසල් අහස යට කඳු හෙල් බෝමා
Author: පී.බී. අබේකෝන්
Publisher : Fast Printery Publisher
First Edition 2021
ISBN 978-624-97404-0-2
492 Pages
‘ තැනිතලා, කඳු හෙල් තරණය කරන සත්වයා නැනිතලාවේ පමණක් ගැවසෙන්නාට වඩා ශක්තිමත්ය. බුද්ධිමත්ය. විචක්ෂණශීලීය.’
“ මෙම ස්වයං චරිතාපදානය කියවන ඔ්නෑම කෙනෙකු මේ මගේ කතාවයි නැතිනම් මා දන්නා ඒ ධෛර්ය සම්පන්න මිනිසාගේ කතාව යැයි කියනු නොඅනුමානය. මෙම කෘතිය මගින් අපට කියා දී ඇති පාඩම් බොහෝමය. අප අතරින්ම අපට වඩා වෙනස් අය නිර්මාණය කළ හැකිය. අනෙකාට වඩා තමන් වෙනස් කර ගැනීමට නම් තමන් තුළ ඇති ශක්තීන් ඉස්මතු කරගත යුතුය. ඉලක්ක ජය ගැනීමට ගැළපෙන උපාය මාර්ග පුද්ගලානුබද්ධය. ජයග්‍රහණය සදහා වන මෙවලම් මේ විසල් අහස යට බොහෝමය. එහෙත් ඒවා වළකන කඳු හෙල්, අවුල් වියවුල්, උගුල් සහ රැවටිලි බස් අනන්තය අප්‍රමාණය. එම නිසා ඒවාට මුහුණ දීමට අවැසි මානසික සුවතාව ඇති කරගතහොත් අපේ ගමන වැළකිය නොහැකිය.”
මහාචාර්ය රංජිත් බණ්ඩාර
#WisalAhasaYataKanduHelBoma #PBAbeykoon #SinhalaPoth #Charithapadana
Reviews
There are no reviews yet.