,

ශ්‍රී ලංකාවේ යාචකයා

රු650.00

  • Author – නන්දසේන රත්නපාල
  • Publisher – S.Godage Publishers
  • Twelfth Batch 2019 
  • ISBN 978-955-30-7076-0
  • 192 Pages

Out of stock

Author – නන්දසේන රත්නපාල

Publisher – S.Godage Publishers

Twelfth Batch 2019 

ISBN 978-955-30-7076-0

192 Pages

මීට දශක දෙකකට පමණ පෙර මුලින්ම ඉංග්‍රීසීන් පළවි සමාජ විද්‍යා මානව විද්‍යා ක්‍රමවිද්‍යාව පිළිබඳ පෙරළියක් කළ ඉංග්‍රීසි ග්‍රන්ථයක් , සිංහලෙන් බිහිවීම ඓතිහාසික සිද්ධියකි. සාමාන්‍යයෙන් අප මෙබඳු අවස්ථාවලදී දකින්නේ ඉංග්‍රීසි ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීමකි. නමුත් මෙහිදී සිංහල ග්‍රන්ථය සිංහලෙන් සිතා අලුතින්ම රචනා කිරීම අප කාටත් අසිරිමත් සිද්ධියකි.

මහාචාර්ය නන්දසේන රත්නපාල යාචකයෙක් වී සෑහෙන කාලයක් ගත කළ බව ප්‍රකට වු විට අපේ රට පුරාම බලවත් උනන්දුවක් පහළ විය. එබදු කටයුත්තක් අපේ රටේ කිසිම අයෙකු විසින් මින් පෙර නොකොට තිබූ නිසා මේ පර්යේෂණයේදී දෙවනි යුගයේදී මටත් පර්යේෂණ ක්ෂේත්‍රයට ගොස් මහාචාර්යවරයාට සහාය වීමට ඉඩ ලැබිණ. අප ඉන් ලත් දැනීමත් ආශ්වාදයත් ඉතා මහත් ය. අප පමණක් නොව එකල විද්‍යෙදය විශ්වවිද්‍යාලයෙන් (අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්) උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් මේ පර්යේෂණයෙන් අලුත් නැණසක් පාදාගත් හ.

ශ්‍රී ලංකාවේ යාචකයා පර්යේෂණ ක්‍රම විද්‍යාව පිළිබඳ පමණක් නොව සමාජ විද්‍යා හා මානව ක්ෂේත්‍රයට අදාළ විශාල දැනුම් සම්භාරයක් අප වෙත ගෙන එන ග්‍රන්ථයකි. අපේ අනාගත පරපුර මෙන්ම වර්තමාන ශ්‍රී ලාංකික සිංහලයන් මේ ග්‍රන්ථය ආදරයෙන් කියවනු දැකීමට මම බලාපොරාත්තු වෙමි. වෙනත් වටිනා සමාජ විද්‍යා හා මානව විද්‍යා ග්‍රන්ථ රාශියක් මහාචාර්යවරයා ලියා ඇතත් , මේ ග්‍රන්ථය පමණක් ලියුවේ වුවත්, ඔහුගේ නම සඳහටම අප අතර රැඳෙන්නට එයම ප්‍රමාණවත්ය. “ශ්‍රී ලංකාවේ යාචකයා” සමාජ විද්‍යා හා මානව විද්‍යා කෘතියක් මෙන්ම සාහිත්‍ය රසයෙන් අනූන ග්‍රන්ථයක් බවද කීම ග්‍රන්ථයේ රස විඳගත් මගේ යුතුකමකි.

එඩ්වින් කේ. ගණිහිගම

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

 

#SriLankaweYachakaya  #NandasenaRathnapala #SamajaVidyawa #SinhalaPoth #OnlineBooks #OnlinePoth #Yachakaya

 

Weight 0.255 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්‍රී ලංකාවේ යාචකයා”

Your email address will not be published. Required fields are marked *