ශ්‍රී ලංකාවේ පුරාණ ධජ පතාක + ෆාහියන් හිමිගේ අසිරිමත් වන්දනාව + කිතුළ හා පැණිහකුරු + ඵෙතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල
සාමාන්‍ය මිල – රු.2340/=
අපේ මිල – රු.2223/=
ශ්‍රී ලංකාවේ පුරාණ ධජ පතාක
Author : ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
Publisher : Samanthi Books Publisher
First Edition 2015
ISBN 978-955-084-133-2
97 Pages
ශ්‍රී ලංකාවේ පුරාණ කොඩි, ධජ, පතාක, ඉතිහාසය කා හටත් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ප්‍රවීණ ලේඛක ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ සාර්ථක පර්යේෂණයක ප්‍රතිඵලයකි.
ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ ඝනයේ කොඩි රැසක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. පිටු දහස් ගණනක නිබන්ධනයක ඇතුළත් කළ හැකි දේවල් රැසක් මෙම කුඩා ග්‍රන්ථයෙන් ඉදිරිපත් කිරීම කතුවරයාගේ දස්කමකි.
– ශාස්ත්‍රපති චිත්‍රා සොනාලි දුනුවිල –
#SriLankawePuranaDajaPathaka #Mirandoobeysekara #SinhalaPoth #SriLankaweIthihasaya
ෆාහියන් හිමිගේ අසිරිමත් වන්දනාව
Author : ජී.ඒ. නාලිනී
Travels of Fahian & Sung Yun (by Samuel Beal) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher : Kadulla Publisher
First Edition 2020
ISBN 978-955-31-1714-4
224 Pages
ෆාහියන් හිමි තම වන්දනාව අරඹන ක්‍රි.ව. 400 සමයේ, බුදු දහම බටහිරින් ගාන්ධාර දේශයේ (වර්තමාන පකිස්ථානය) සිට ඈත පෙර දිග චීන දේශය දක්වාම පැතිර තිබිණි. බටහිර දෙසින් පැමිණ මුස්ලිම් ආක්‍රමණ සමග පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවලින් බුදු දහම තුරන් වී ගියේය. ඉන්දියාවේ මධ්‍ය දේශයේ පැතිර තිබූ බුදු දහම, තර්ක කිරීමේ හැකියාව නොමැති භික්ෂූන් විසින් මිත්‍යා දෘෂ්ටිකයන් සමග පැවැත්වූ වාද විවාදවලින් පැරදවීම නිසා දුර්වල කරන ලදී. එම නිසා දහම පිළිබඳ අභ්‍යන්තර එකඟතාවය නැති වූ අතර මූලික මූල ධර්ම අතපසු කිරීමද සිදු විය. මීට අමතරව බුදු දහම තුළට හින්දු ආගමේ දේව ඇදහිලිවල ඇති විසිතුරු ලක්ෂණ මෙන්ම, මායා බලය, යන්තු මන්ත්‍ර යනාදිය ද ඇතුළු වී ජනප්‍රිය රුචියක් කරා ඇදී යාම නිසා බුදු දහම විනාශ විය.
#FahiyanHimigeAsirimathWandanawa #GANalini #SinhalaPoth #SinhalaPariwarthana
ඵෙතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල
Author : අබේ.පී. ලියනආරච්චි
Publisher : Kadulla Publisher
First Edition 2020
ISBN 978-624-5509-03-4
202 Pages
වර්තමාන සමාජ සන්දර්භය තුළ ඉතිහාසය පිළිබඳව හා එම කාල වකවානුවෙහි ජාතික මෙහෙවර කරන ලද ජාතික වීරයන් ගැන ද ඔවුන්ගේ විමුක්ති අරගලවල ස්වභාවය පිළිබඳ ද නුතන පරපුරේ බොහෝ දෙනා තුළ ඇති අල්පමාන්ත්‍රික වේ.
එවැනි යුගයක වෙල්ලස්ස පෙදෙසින් බිහි ව විවිධ විෂය පරාසයන් ඔස්සේ නව දැනුම සොයා යන රාජ්‍ය නිලධාරියෙකු, සාහිත්‍යයේ බොහෝ ඉසව් ස්පර්ශ කළ ලේඛකයෙකු, මාධ්‍යවේදියෙකු හා සාමාජ ක්‍රියාකාරියෙකු වූ අබේ.පී. ලියනආරච්චි විසින් සම්පාදිත “ ඵෙතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල” නැමැති මේ කෘතිය අතීතයේ ඌව වෙල්ලස්සේ උරුමයන් හා විමුත්ති අරගලය ගැන බොහෝ තොරතුරු වර්තමාන යුගය කරා ගෙන ඒමෙන් මෙරට ඉතිහාසයේ එක් අඳුරු යුගයක් පිළිබඳ ව බොහෝ දෙනෙකුගේ විචාරශීලී බුදුධිය වර්ධනයට මහගු පිටුවහලක් වන බව කිව හැකිය.
#AithihasikaUwaSahaWellassaKerella #AbePLiyanaArachchi #SinhalaPoth #SriLankaweIthihasaya
කිතුල හා පැණිහකුරු
Author : ගුණසේකර ගුණසෝම/ උමයංගනා පූජනී ගුණසේකර
Publisher : Sooriya Publishers
Second Batch 2020
ISBN 978-955-656-411-2
418 Pages
කිතුල් මල් මැදීම හා පැණි හකුරු තැනිම මෙරට විදුහුරු සංස්කෘතියේ පරම්පරා හිමිකමකි. මධ්‍ය කඳුකර වාසී කිතුලේ පැණි – හකුරු රසය මුළු දිවයිනට ම හුරු ය. එහෙත්, කිතුලේ ජනශ්‍රැති හා කිතුල් සම්ප්‍රදාය ආශ්‍රිත විදුහුරු තොරතුරු අප්‍රකට ය. කිතුල ජාතියක් නිරෝගී කරන වෘක්ෂය වේ. දළදා හාමුදුරුවන්ට දෛනිකව කිතුල් ඇල්තෙලිජ්ජ පිරිනමන්නේ ද, සිරිලක රජුට පැණි පංගුවේ රාජකාරිකරුවන් සිටියේ ද කිතුලේ පැණි – හකුරු උරුමය ප්‍රබල බැවිනි.
කිතුලෙන් මහරු විදෙස් විනිමය අපට නෙළාගත හැකි ය. නමුත් අප ඇබ්බැහිකර තිබෙනුයේ, ජාතිය රෝගී කරන උක් සිනි කෙරෙහි ය. කිතුල ආශ්‍රිත විද්‍යාත්මක පර්යේෂණ සිදු නොවීම මෙහි මුඛ්‍ය ගැටලුවයි. කිතුලෙන් මෙරට පැණි හකුරු අවශ්‍යතා ඉටුකළ හැකි බවට විශ්වාසයක් නොතිබීම අනෙක් ගැටලුව යි.
රාජ්‍ය සම්මානිත ප්‍රවීණ ජනශ්‍රැති ලේඛක ගුණසේකර ගුණසෝම සහ කෘෂි සම්පත් කළමනාකරණය හා තාක්ෂණය ( විශේෂ ) උපාධිධාරීණී පූජනී ගුණසේකර පිය – දියණි දෙපළ කිතුලට පෙම් බඳින ලද්දේ ජාතික උවදුරකට පිළියම් සෙවීම පිණිස ය. ‘ කිතුල හා පැණිහකුරු ’ පිය – දියණි පර්යේෂණයේ ප්‍රතිඵලයයි. සැබැවින් ම මේ කෘතිය අධ්‍යයනය කරන පොදු පාඨක කාටත් කිතුල යනු කල්ප වෘක්ෂයක් මැ නොවේදැයි සිතෙනු ඇත. ජනශ්‍රැතියත්; ශාක විද්‍යාවත්; ජාතික අවශ්‍යතාවත්; මැනැවින් කලමනාකරණය වූ ‘ කිතුල හා පැණිහකුරු ’ මෙතෙක් මේ විෂය ආශ්‍රිතව ලියවුණු පළමු පුරෝගාමී පර්යේෂණ කෘතිය වේ. එහෙයින් මෙය කිතුලේ අස්පර්ශනීය උරුමය සංරක්ෂණය ද විද්‍යාත්මක චින්තනයේ පෝෂණය ද මැනැවින් ඉටු වූ කෘතියකි. එනිසාම මේ කෘතිය කිතුල් පැණිහකුරු සේ රසවත් ය.
– ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත –
#KithulaHaPeniHakura #GunasekaraGunasoma #UmayanganaPoojaniGunasekara #SinhalaPoth
Reviews
There are no reviews yet.