Author: චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි
වංග ලේඛක ශරත්චන්ද්ර චට්ටෝපාධ්යායගේ “ශ්රී කාන්ත සහ රාජලක්ෂ්මී” නම් වූ නව කතාවේ සිංහල පරිවර්තනය
Publisher : Wijayasooriya Grantha Kendraya
Seventh Batch 2019
ISBN 955-652-002-3
270 Pages
ඒ දඟකාර තරුණිය එදින රාත්රියේ පැමිණ හෙළුෑ කඳුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළී පැවතුණ. ඔවුන් දැන් කොහේ ඇද්දැයි මට නිතරම සිහි විය. ඔවුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි.
සැඳෑ හිරුරැස් අප ඉදිරියේ වූ තැනිතලාවේද එහි තිබුණු හුදෙකලා බට පඳුරේද සියඹලා ගස් මතද රන් පැහැයක් තැවරීය. මම රාජලක්ෂ්මීට හොරෙන් ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් මත වූ සිනාව ඒ වන විටත් මැකී ගොස් තිබුණේ නැත. හිරුගේ විසුරුණු ස්වර්ණ ප්රභාවෙන් ඇගේ සුපුරුදු සිනාමුසු මුහුණ දකිද්දී එය කිසියම් අපූර්ව බවක් පළ කළේය.
#SriKantha #SriKanthaSahaRajalakshmi #ChinthaLakshmiSinharachchi #Vanga #SharathchandraChattopadya #SharathchandraChatterji #SinhalaPoth #SinhalaNovels
Reviews
There are no reviews yet.