Sale!
, , ,

වෙල්ලස්සේ ජනවහර + යක්ෂ ගෝත්‍රික සෙල් ලිපි සහ අනාවැකි + කන්ද උඩරට පැරණි පුස්කොළ ලියවිලි + ශ්‍රී ලංකාවේ කර්මාන්ත පුරාණය

රු2,442.00

  • වෙල්ලස්සේ ජනවහර + යක්ෂ ගෝත්‍රික සෙල් ලිපි සහ අනාවැකි + කන්ද උඩරට පැරණි පුස්කොළ ලියවිලි + ශ්‍රී ලංකාවේ කර්මාන්ත පුරාණය
  • සාමාන්‍ය මිල – රු. 2570/=
  • අපේ මිල – රු. 2442/=

Out of stock

වෙල්ලස්සේ ජනවහර + යක්ෂ ගෝත්‍රික සෙල් ලිපි සහ අනාවැකි + කන්ද උඩරට පැරණි පුස්කොළ ලියවිලි + ශ්‍රී ලංකාවේ කර්මාන්ත පුරාණය

සාමාන්‍ය මිල – රු. 2570/=

අපේ මිල – රු. 2442/=

වෙල්ලස්සේ ජනවහර

Author : දඹගල්ලේ කේ.බී. රත්නායක 

Publisher : Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-461-7

495 Pages

මුඛ පරම්පරාගතව පැවත එන සාම්ප්‍රදායික විශ්වාසය, සිරිත්, විරිත්, ජනකථා සහ ජන භාෂාව යනාදිය ඔ්නෑම ජනවාර්ගික කණ්ඩායමක පැවැත්මෙහි ලා වඩාත් තීරණාත්මක වූ අංගෝපාංග වේ. කිසියම් මිනිස් කණ්ඩායමක ජීවන ක්‍රමය හා සම්බන්ධිත සම්ප්‍රදායික මූලයන් සහ එහි කොටසක් ලෙස ප්‍රවර්ධනය වූ නිර්මාණාත්මක ප්‍රකාශන ලෙස සැලකෙන ජනගීත, ජනනැටුම්, අත්කම් ආදී ක්‍රියාකාරකම් සියල්ල ඔපවත් වන්නේ ද ජන බස ඇසුරෙනි. දඹගල්ලේ කේ. බී. රත්නායක යනු ශ්‍රී ලංකාවේ ප්‍රාදේශය ජනවහර කෙරෙහි සුවිශේෂ ඇල්මක් දක්වන්නෙකි. වෙල්ලස්සේ ජනවහර නම් ග්‍රන්ථය වෙල්ලස්ස නම් ප්‍රදේශය ආශ්‍රීතව රචනා කරන ලද්දකි. 

#WellasseJanawahara #DabagallekbRathnayake #SinhalaPoth #SriLankaweIthihasaya

 

යක්ෂ ගෝත්‍රික සෙල් ලිපි සහ අනාවැකි 

Author : පූජ්‍ය මානෑවේ විමලරතන හිමි 

Publisher : Samanthi Publisher

First Edition 2016

ISBN : 978-955-084-180-5

192 Page 

තරු දොරටුව (ස්ටාර් ගේට් – Star Gate) නමින් හඳුන්වන රන්මසු උයනේ ගුහා සටහනින් පෙන්නුම් කෙරෙන්නේ මේ ලෝකය ගෝලාකාර වස්තුවක් බවයි. ලෝකය ගෝලාකාර වස්තුවක් බව මුලින්ම හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලාංකික සෘෂිවරුන් විසිනි. ලෝකය ගෝලාකාර බව සත්‍ය ලෙසම තේරුම් ගැනීමට නම් අභ්‍යවකාශයේ සිට නැරඹිය යුතුය. මෙය ගගනගාමියෙකුට මිස වෙනත් අයෙකුට කළ නොහැකි කාර්යයකි. නැතිනම් වෙනත් ග්‍රහලෝක සමීපව බලාගත හැකි උපකරණ භාවිතා කළ යුතු වන්නේ ය. එවැනි උපකරණ භාවිත කළ බවට කිසිඳු සාක්ෂියක් දැනට සොයා ගැනීමට නොහැකි වුනත් ජේතවන, අභයගිරි වැනි ස්ථාන සතුරු ග්‍රහණයට හසුවන සෑම අවස්ථාවකම එවැනි උපකරණ විනාශ වන්නට ඇත. මිනිසා විසින් ග්‍රහ චක්‍රය ආක්‍රමණය කළ බවට සැක සිතෙන රූප සටහන් ජේතවන අභය භූමියේ සොයා ගත හැකිය. මේ ග්‍රහ මණ්ඩල අතර පෙන්නුම් කරන යානා වලින් අදහස් කරන්නේ මිනිසා විසින් විශ්ව චක්‍රය ආක්‍රමණය කළ බවද? නැතිනම් වෙනත් ග්‍රහලෝකවල සිටින ජීවීන් විශ්වය තුළ සැරිසරන බවද? නැතිනම් වෙනත් ග්‍රහලෝකවල සිටින ජීවීන් විශ්ව චක්‍රය ආක්‍රමණය කළ බවද? නැතිනම් වෙනත් ග්‍රහලෝකවල සිටින ජීවීන් විශ්වය තුළ සැරිසරන බවද? ගුවන් යානයකින් බැස යන මගියාගේ සටහන සහ එවැනිම යානයකින් චෛත්‍ය වන්දනා කරන සටහන ද නැවත එම යානය තාරකා අතරට යන දර්ශනය ද අවුරුදු දහස් ගණනකට පෙර මිනිස් සිතට නැගුණේ අහම්බයකින් නොවේ. 

#YakshagothrikaSellipiSahaanaweki #PujyaManeweWimalarathanaHimi #SinhalaPoth #SriLankaweIthihasaya

කන්ද උඩරට පැරණි පුස්කොළ ලියවිලි

Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල

Publisher : Samanthi Publishers

First Edition 2018

 ISBN 978-955-084-169-1

84 Pages

පුස්කොළ ලියැවිලි යනු එක්තරා වකවානුවක ශ්‍රී ලාංකික ජන සමාජය නිරූපණය කරන මහරු කැඩපතකි. ඒ හා බැඳුණු අපූර්ව උපසංස්කෘතියක් ද පවතියි. විශේෂයෙන් ම 17 – 19 ශතවර්ෂයන් හි රචනා කරන ලද පුස්කොළ පොත් හා ඒවායේ අන්තර්ගතයන් ඇසුරින් තත්කාලීන සමාජය පිළිබඳව විශ්වාසනීය උපකල්පනයක් ගොඩනගා ගැනීමට හැකියාව තිබේ. මෙවන් පසුබිමක් තුළ විහ්වවිද්‍යාලයීය අධ්‍යයන පරිචයක් සහිතව, පුස්කොළ පොත් හා පැරණි අත්ලිපි පිළිබඳව වසර ගණනාවක් ම ශාස්ත්‍රීය පර්යේෂණයන් හි නියැළෙන නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් ගවේශිත පුස්කොළ පොත් හා ලියැවිලි සමුදාය අතුරින් හමු වු විශේෂිත අගයන්ගෙන් යුතු වූ, දුබල අත්ලිපි කිහිපයක් ප්‍රාමාණික විශ්ලේෂණයන් ද සහිතව ප්‍රකාශනයට පත්කිරීමට ගනු ලබන ප්‍රයන්තයක පළම්වැන්න මෙය ය. පුස්කොල පොත් පමණක් නොව, 17/19 ශතවර්ෂයන් හි ලාංකීය ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කරන්නවුන්ට ද මෙය ඵලදායක වනු නොවනුමාන ය. 

#KandaUdarataParaniPuskolaLiyawili #NimeshaThiwankaraSenawipala #Sinhalapoth #SriLankaweIthihasaya

ශ්‍රී ලංකා⁣වේ කර්මාන්ත පුරාණය 

Author : පී.ඇම්. සේනාරත්න 

Publisher : Samanthi Publisher

First Edition 2015

ISBN : 978-955-084-118-9

188 Page 

කර්මාන්ත යන පදයට විවිධ නිර්වචන ඉදිරිපත්කොට ඇත. ඇතැම්විට එයට නිපදවීම යන අර්ථය යෙදේ මිනිසාගේ සියළුම ආර්ථීක කටයුතු ද කර්මාන්ත වශයෙන් හැඳින්වීමට උත්සාහ ගෙන ඇත. මෙම පුළුල් අර්ථයෙන් විග්‍රහ කරන විට කෘෂිකර්මය, වෙළඳාම, භාණ්ඩ නිෂ්පාදනය, ප්‍රවාහනය ආදී බොහෝ දේ එයට ඇතුළත් ය. 

 

මෙම පොතේ අන්තර්ගතව ඇත්තේ ඈත ඉතිහාසයේ දහ අට කුලයට අයත් කර්මාන්තකරුවන්ගේ කර්මාන්තවල සිට දඩයම, ගොවිතැන, හුවමාරු ක්‍රමය, වෙළඳාම, නිපදවීම, ඉදිකිරීම ආදී මිනිසා ශිෂ්ටාචාරවීමේ කතාන්දරයයි.

 

කුලය හා කර්මාන්ත, මුදල් භාවිතය, කෘෂිකර්මය, මැටි කර්මාන්තය, පොකුණු හා ගෘහ නිර්මාණය, උළුවහු කර්මාන්තය, ලෝහ, පේෂ කර්මාන්තය හා ඇඳුම්, සම් කර්මාන්තය, කැටයම්, මැණික්, රබර්, තේ, කෝපි, පොල්, කොහු, කුරුඳු කර්මාන්ත ද කඩදාසි, පන්, බීරළු, ලාක්ෂා කර්මාන්ත ආදී වශයෙන් කොටස් කර විස්තර පොතේ අන්තර්ගතයේ සවිස්තරව තිබේ. 

 

කර්මාන්ත පිළිබඳව තැන තැන විසිර පැවති සියළුම තොරතුරු එක් තැනකට ගෙන තිබීම මෙම පොතේ ඇති විශේෂයයි.

#SrilankaweKarmanthaPuranaya #PMSenarathna #SinhalaPothශ්‍

Weight 1.218 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වෙල්ලස්සේ ජනවහර + යක්ෂ ගෝත්‍රික සෙල් ලිපි සහ අනාවැකි + කන්ද උඩරට පැරණි පුස්කොළ ලියවිලි + ශ්‍රී ලංකාවේ කර්මාන්ත පුරාණය”

Your email address will not be published. Required fields are marked *