,

විස්මිත සිහින දකින්නා

රු1,000.00

  • Author : දමිත් නිපුණජිත් 
  • Publisher : Sooriya Publisher
  • ISBN : 978-955-656-098-5
  • 182 Pages

Availability: 2 in stock

Author : දමිත් නිපුණජිත් 

Publisher : Sooriya Publisher

ISBN : 978-955-656-098-5

182 Pages

 

සිහිනය හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉඳිමින්ම ඔබ ඉරණම තුළම ජීවත් වේවි. ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි. ඒ, ඉරණිම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකින්. 

 

විජය දේශය නමුත් අපට වුණේ විශාල අත්වැරැද්දක්, ලංකාවේ ඒ කාලෙ ඇත්තටම එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා. අදටත් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා, නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙවෙයි, වෙනත් තාක්ෂණයකින්. ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය වසර දහස් ගණනකට කලින් නිර්මාණය කළේ සහ ඔවුන්ට ඉගැන්නුවේ අපිම විය. 

 

අදිස් අවිය තරප්පු පෙළින් බැස ආ ජුල්ස් වර්න් විස්මයට පත් දෑසින්, තමා ඉදිරියේ් සිටින තරුණයාගේ ඇඳුම් පැළඳුම් හා හැඩරුව දෙස බලාගෙන නිමේෂයක කල්පනාවක නිමග්නව සිටියේය. එහෙත් එහි වූයේ ටොම් බලාපොරොත්තු වූ විශ්මය නොවේ. ඔහු ඊට හේතුව සොයන්නට මත්තෙන් ඒ මහා ප්‍රබන්ධකරුවාගේ මුවින් පිට වූ වචන දෙක කාලයාත්‍රිකයාව විස්මයෙන් අළලවන්නට සමත් විය. ” ඔබ අනාගතයෙන්ද………..?

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමෙන් පසුව විද්‍යා සන්නිවේදකයකු ලෙස විදුසර පුවත්පතට සම්බන්ධ වූ දමිත 2010 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිරිනමනු ලබන දිවයිනේ හොඳම විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. පරිපාලන සේවා විභාගය සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරී පත්ව කලක් සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ දමිත පසුව ඉන් ඉවත්ව යෝගාවචරයෙකු ලෙස අධාත්මික ගවේශණයක නිරත විය. ඉන් අනතුරුව නැවතත් විදුසරට සම්බන්ධ වී කරන ලද විද්‍යා සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඔහුට 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පිරිනමන වසරේ හොඳම සෞඛ්‍ය විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය හිමි විය.

 

මෙසේ දෙවන මුද්‍රණයක් ලෙස නැවත පළවන  ‘ විස්මිත හීන දකින්නා ‘ නම් ඔහු ගේ කුළුදුල් විද්‍යා ප්‍රබනධ කෘතිය  හොඳම ස්වතන්ත්‍ර විද්‍යා  ප්‍රබන්ධ කෘතිය සඳහා වූ රාජ්‍ය සම්මානය හිමි විය. 

 

ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිළිබද සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු වන දමිත දැනට බෞද්ධ අධ්‍යයනය පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියි. 

#WishmithaSihinaDakinna #DamithaNipunajith #Sinhalapoth

 

Weight 0.223 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විස්මිත සිහින දකින්නා”

Your email address will not be published. Required fields are marked *