Sale!
, , , , , , , , ,

වන දිවි තොරතුරු 2

Original price was: රු2,330.00.Current price is: රු2,214.00.

  • වන සතුන් මැද සත් වසක් + මහ කනදරාව යෝධ දළයා හා රජරට වනගත කතා + ලංකාවේ ගිනිඅවි සහ දඩයම් + නදීතෙර කුංචනාදය 
  • සාමාන්‍ය මිල – රු.2330 /=
  • අපේ මිල – රු.2214 /=

Out of stock

වන සතුන් මැද සත් වසක් + මහ කනදරාව යෝධ දළයා හා රජරට වනගත කතා + ලංකාවේ ගිනිඅවි සහ දඩයම් + නදීතෙර කුංචනාදය 

සාමාන්‍ය මිල – රු.2330 /=

අපේ මිල – රු.2214 /=

 

වන සතුන් මැද සත් වසක් 

IN RUHUNU JUNGLES (by Douglas Raffel) කෘතියේ සිංහල පරිවර්තනයකි

Author: සරත්චන්ද්‍ර ජයකොඩි

Publisher: Sooriya Publishers 

Second Edition 2021

ISBN 978-955-656-167-8 

259 Pages

ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය ලංකාද්වීපය පිළිබඳව ලියැවුණු සහස්‍ර සංඛ්‍යාත ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. ලංකාවේ ස්වභාවික සෞන්දර්යයේ චමත්කාරයෙන් මෝහනයට පත්වූ විදේශීය ලේඛකයන් අතරින් ඩග්ලස් රැෆල්ට හිමිවනුයේ ද අග්‍රගණ්‍ය සම්මානනීය ආසනයකි. හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිපලයට වඩා පෑනටත් පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන හැම වැකියකින්ම සහෘදයාට “පත්තියම්” වේ. 

ඩග්ලස් රැෆල් රුහුණු වන පියසට පැමිණියේ හෘද රෝගියකු ලෙසිනි. බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ සේවය කිරීමෙන් සංග්‍රාම භුමියෙහි දී හෙම්බත් වූ ඩග්ලස් රැෆල් යුද්ධ සන්නාහයෙන් සමුගත්තේ නිදහස් ලොවකට පිවිසීමේ දොරටු විමසමිනි. නාගරික සුඛෝපභෝගී ජීවිත චර්යාව ද ඔහුට කල් කදුරු වී තිබිණ.

ඔහු රුහුණු වන ගැබට ඇතුළු වූයේ දේවාරාධනයෙන් ස්වර්ග රාජ්‍යයට පිවිසුණු තරමේ ප්‍රීති ප්‍රමෝදයෙන් උද්දාම වෙමිනි.

ඩග්ලස් රැෆල් ජන්මලාභය ලැබූයේ ලංකාවෙහි ය. නිහඬ ජීවිතයක් ගත කරමින් ස්වභාවධර්මය හා එහි නිර්මාණයන් කෙරෙහි තියුණු ප්‍රේමණීය විචාරක්ෂීය යොමු කළ හෙතෙම ස්වකීය ජීවන චර්යාව හා චින්තන රටාව නිසා තරුණ පරපුරේ ආදරයටත් අවධානයටත් පාත්‍ර වූයේය. ජනප්‍රිය ලේඛකයකු ලෙසින් හේ ජීවමාන වෙයි.

#VanaSathunMedaSathVasak #SarathchandraJayakody #SinhalaPoth #SobaDahama

 

ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

Author : අභය හේවාවසම්

THE RIFLE & THE HOUND IN CEYLON (by Samuel Baker) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Sooriya Publishers

Second Edition 2021

ISBN 978-955-9348-88-4

310 Pages

බ්‍රිතාන්‍ය පාලන යුගයේදි ලංකාවට පැමිණි සැමුවෙල් බේකරු, දේශ ගවේශකයෙකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් ඇතුළු වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම බාරගත් ප්‍රකට දඩයක්කාරයකු ද විය. ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත්වීම ද, විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වාදීමද සිදු වූයේ ඔහුගේ පුරෝගාමීත්වයෙනි.

ඔහු ලංකාවේ ජීවත් වූ අට වසර තුළ ලත් අත්දැකීම් අළලා ලියා පළ කළ සුවිශේෂ ග්‍රන්ථයන් දෙකකි. මෙසේ ලංකාවේ ගිනිඅවි සහ දඩයම් නමින් පළ වන්නේ ප්‍රථමයෙන් ලියැවුණු THE RIFLE & THE HOUND IN CEYLON නම් ග්‍රන්ථයේ පරිවර්තනයයි.

ඔහු අතින් ලියැවුණු EIGHT YEARS IN CEYLON නම් දෙවැනි ග්‍රන්ථයද ලක් වනසැරියේ අට වසක් නමින් සූරිය ප්‍රකාශනයක් ලෙස පළ වී ඇත. 

#LankaweGiniawiSahaDadayam#AbhayaHewawasam #SinhalaPoth # SobaDahama

 

මහ කනදරාව යෝධ දළයා හා රජරට වනගත කතා

At the foot of a Giant Tusker (by A.M.Hettiarachchi )කෘතියේ සිංහල පරිවර්තනයකි.

Author : කැමිලස් වනිගසූරිය 

Publisher : Sooriya Publishers

Second Edition 2016  

ISBN 978-955-8892-89-0  

125 Pages

දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ තිරිකුණාමලය වරායේ නාවික හමුදා නිලධාරියකු ලෙස සේවය කළ ඒ.එම්. හෙට්ටිආරච්චි මහතා සිය ළමා කාලය වැඩි වශයෙන්ම ගත කර ඇත්තේ උතුරු මැද පළාතේ වනගත ප්‍රදේශවල ය. දුම්රිය ස්ථානාධිපතිවරයකු වූ තම පියාණන් 1930 දශකයේ පටන් ම උතුරු මැද හා නැගෙනහිර පළාත්වල දුෂ්කර වනාන්තරබද ප්‍රදේශයන්හි රාජකාරි කටයුතුවල නිරත වූයෙන් ශිෂ්‍ය හෙට්ටිආරච්චි තරුණයාගේ පාසල් නිවාඩු කාලය ද ගෙවී ගියේ පියාණන් සමඟ ම එතුමාගේ රාජකාරි නිල නිවෙස්වල ය. එහිදී වනසැරිය හා දඩයම ඔහුගේ එක ම විනෝදාංශය විය. එමඟින් වනාන්තරය හා වනසතුන් පිළිබඳ ලැබූ අත්දැකීම් නිසා ම ඔහු සැබෑ වනලෝලියකු බවට පත්විය. ඔහුගේ පසුකාලීන ජීවිතය වනාන්තරය හා බද්ධවීමට එය සෘජු ව බලපෑවේය.

ළමා කාලයේ පටන් ම උතුරු මැද පළාතේ ගන වනාන්තරවල කරක් ගැසූ ඔහු වනගත අසරණ ගැමියන් ඇසුරු කරමින් ද, ඔවුනට පිහිට වෙමින් ද, දුක සැප සම ව බෙදා හදා ගනිමින් ද, හේනේ පැලේ රුක් වදුලේ ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කාලය ගත කළේ ය. සමාජ අසාධාරණයන් මැද දුකසේ දිවි ගෙවූ ඒ අසරණ ගැමියන්ගේ දුක්වේදනා පිළිබඳ ව තමා ලත් අත්දැකීම් ඉතා සංවේදී ලෙසින් රට හමුවේ තැබීමට ඒ.එම්. හෙට්ටිආරච්චි මහතා සමත් වූයේ ඒ නිසා ය. එතුමාගේ බුද්ධිය, විශ්ව ඥානය, පාරිසරික රසඥතාව, අවබෝධය, එඩිතර පෞරුෂත්වය හා නිර්ව්‍යාජ මිනිස්කම තේරුම් ගැනීමට ඔහුගේ මෙම ග්‍රන්ථය කදිම උදාහරණයකි. 

#MahakanadarawaYodhaDalaya #AMHettiarachchi #SinhalaPoth # SobaDahama 

 

නදීතෙර කුංචනාදය 

Author : කැමිලස් වනිගසූරිය 

Publisher : Sooriya Publisher 

Thurd Batch 2017

ISBN : 978-955-656-013-0

240 Page 

 

වනගත හේන් ජීවිතයේ තොරතුරු රැසක් ස්වකීය ජීවිතයේ අත්දැකීම් ලෙස හෙළි කරන මෙම කෘතිය ආස්වාදජනක වන්නේ එය තාත්වික නවකතාවක් ලෙස ගොනු වී ඇති නිසා ම නොවේ. එය ඉදිරිපත් කරන කාෂ්ටක භූමියේ රන් දහදිය වගුරවමින් එහි රසය උරා ගැනීමට වෑයම් කරන දෙතුන් දෙනකුගේ ජීවිත තොරතුරු සහිත දුර්ලභ ගණයේ විෂය කරුණු නිසා ද නොවේ. කතුවරයා වන සෞන්දර්ය ගවේෂණයෙහි යෙදෙමින් හෙළි කරන අපූර්ව අත්දැකීම් හෙයිනි. ඉදිරිපත් කරන කුහුල දනවන රසවත් විලාසය හෙයිනි.

කැමිලස් වනිගසූරිය රජයේ ලිපිකරුවෙකි. අසුවේ වැඩවර්ජනය හේතුවෙන් ඔහුට රැකියාව අහිමි විය. ජීවනෝපාය සඳහ ඔහු කළේ තම උපන් බිමෙන් ඉතා ඈත් වූ ත්‍රිකුණාමලයේ සෝමාවතී වනාන්තරයේ හේන් ගොවිතැනට බැසීම ය. දෙතුන් දෙනෙකු එකතුව කළ මේ ජීවිත සටනෙහි ඉතා වැදගත් ප්‍රතිඵලය වූයේ කැමිලස් පරිසරවේදියකු වීම ය. වන සෞන්දර්ය ගවේෂකයකු වීම ය. ” නදීතෙර කුංචනාදය ” එහි ප්‍රතිඵලයකි.

වන දිවිය අළලා මෙබඳු කෘතියක් නිර්මාණය කිරීමෙහි ලා ඔහුට ආශාවක් ඇති වූයේ එම අත්දැකීම් සම්භාරය ස්වකීය ජනතාව අතරට ද බෙදා දීමේ වැදගත්කම පිළිබඳ සංකල්පය යි.

තමන් උපන් බිමෙහි ඓතිහාසික හා පාරිසරික සම්පත් දැන හඳුනාගෙන එම තොරතුරු අන්‍යයන්ගේ දැන ගැනීම සඳහා හෙළි කිරීමට වෑයම් කර ඇත්තේ ඉතා කෙටි දෙනෙකි. මෙය දියුණු විය යුතු සාහිත්‍යාංගයෙකි. එමඟින් තුරුලතා කෙරෙහි මෙන් ම වනසතුන් ⁣කෙරෙහි ද ආදරයක් සැලකිල්ලක් දක්වන්නට ජනතාව තුළ ඇති කරන ආකල්ප බෙහෙවින්ම වැඩදායක ය.

මානව ප්‍රේමය, සත්ත්ව කරුණාව, පරිසර දයාව මිනිසුන් තුළ මිනිස්කම සඳහා වගා විය යුතු ගුණාංග වෙයි. මෙබඳු පොතපතින් එහි ලා සිදුවන මෙහෙය මහඟු ය.

කැමිලස් වනිගසූරිය දශකයකටත් අධික කාලයක් තුළ විවිධ පුවත්පත් සඟරාවලට සෝමාවතී වනාන්තරයේ සෞන්දර්යාත්මක හා භූගෝලීය තත්ත්වය නොවන්නට ඓතිහාසික වූත් පුරාවිද්‍යාත්මක වූත් ඉතා වැදගත් තොරතුරු රාශියක් ඔහුගෙන් අනාවරණය වන්නට තිබිණ.

                                                                                        මහාචාර්ය බන්දුසේන ගුණසේකර 

#NadeetheraKunchanadaya #KamilasWanigasooriya #SinhalaPoth

 

Weight 1.179 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වන දිවි තොරතුරු 2”

Your email address will not be published. Required fields are marked *