Sale!
, , ,

වනදිවි තොරතුරු

රු1,330.00

  • වනසිරි සැරි වත + වන සිරියක අසිරිය + කුමාඔීන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ
  • සාමාන්‍ය මිල – රු. 1400/=
  • අපේ මිල – රු. 1330/=

Out of stock

වනසිරි සැරි වත + වන සිරියක අසිරිය + කුමාඔීන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

සාමාන්‍ය මිල – රු. 1400/=

අපේ මිල – රු. 1330/=

වනසිරි සැරි වත 

Author : කැමිලස් වනිගසූරිය 

Publisher : Sooriya Publisher

First Edition 2021

ISBN : 978-955-656-608-6

164 Pages

 

තිස්වසකට එපිට මතකය ඇහැරවමින්, ගතට සිසිලක්, නෙතට උළෙලක්, මෙන්ම සිතට නිවනක් විඳගනු රිසින්, එදා දිවිසැරියෙන් වැඩි හරියක් වනසැරියටම පෙම්බැඳි ප්‍රේමවන්තයකු සිය ලිවිසැරියෙන් මතු කරුණු ප්‍රේමාවර්ජන අන්දරයක් මා නෙත ගැටිණ.

එය වනසිරි සැර වත නම් වී.

මෙම පෙම් පවස අකුරට ගෙත්තම් කළෝ, දිබ්බැද්ද දෑවැද්ද කරගත් වනිගසූරිය සුරුවාණෝයි.

මොහු ලන්දේ ආනන්දෙට පෙම් බැන්දේ අද ඊයේ නොවේ. මීට විසිදෙවසරකට පෙරාතුව (1999) නදීතෙර කුංචනාදයට අත්පොත් තබමින් තුරුලිය කොමලිය කරගත් කැමිලස්, එතැන් සිට, වන ප්‍රජාවගේ අසීමිත දැනුම් සම්භාරයෙන් පරිණත මිහිබට විශ්ව විද්‍යාලයක් බඳු වන පියස ගැඹුරින්ම ගවේෂණයත්ව බඳුන් කැරෙමින් සිය දැනුම් කෝෂ්ඨාගාරය පුළුල් කර ගත්තේය.

එමගින් නෙලාගත් අස්වනු ඔහු ගබඩා කළේ ශාස්ත්‍රීය පර්යේෂණයන්ගෙන් මුවහන් කළ පුස්තිකාවන් හතක් තුළයි. ඒ අනගි පුස්තකයන් ඔහු විසින් සමාජ ගත කළේ මෙම විෂය ක්ෂේත්‍රයේ ඉඩෝරය නිසා පිපාසිත වූ විද්‍යාර්ථින්ගේ තිබහ සංසිඳුවන පරමාභිලාෂයෙනි.

එසේ කැමිලස් සමාජගත කළ එම ග්‍රන්ථ සියල්ලෙහි අග්‍රඵලය එකලස්කර, ලියු ඔහුගේ නව්‍යතම පර්යේෂණාත්මක ශාස්ත්‍රීය පුස්තිකාව වනුයේ මෙම වනසිරි සැරි වත නම් වූ අපූරුතම ග්‍රන්ථයයි.

මේ නැවුම් පුස්තකය, හුදෙක් වන පොතේ අසිරිය කියාපාන සංලාපයක් පමණක්ම නොව පරිසරය සැබෑ ලෙස සුරකිමින් මතු පරපුරට පිදිය යුතු පූජනීය සම්පතක් සේ අවධාරණය කළයුතු කාලීන බණවරක් ලෙසිනි සපථ කළ හැක්කේ.

මෙවන් අනගි කෘතීන් කැමිලස් වනිගසූරිය වියතාණන් යළි යළි දොරට කැන්දන් එන තෙක් පාඨක අපි නෙත් අයා බලා සිටින්නෙමු. 

#WanasiriSeriWatha #KamilesWanigasooriya #SinhalaPoth

 

වන සිරියක අසිරිය

Author : සිසිර කුමාර නම්බුගේ 

Publisher : Sooriya Publisher 

First Edition 2020

ISBN 978-955-656-552-2

184 Pages

සිරිලක වනදිවි අසිරිය විඳින්නට පාඨක සිත් යොමු කරවන, හුදු චාරිකා විස්තරවලට එහා ගොස් පරිසර දැනුමද පුද කරන “ වන සිරියක අසිරිය ” කෘතිය වනදිවි සාහිත්‍යයපෝෂණය කරන්නට දුන් මහඟු දායාදයක් ලෙස හැඳින්විය හැකිය. ජාතික වනෝද්‍යානවල පිහිටීම, ගමන් මාර්ග, සංචාරක බංගලා සහ සත්ත්ව හා ශාක ප්‍රජාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත මේ පොත පරිසර අධ්‍යයනයෙහි නිරතවන්නන්ට මෙන්ම වන උයන් චාරිකා සංවිධානය කරන්නට ද අත්පොතක් වනු නොඅනුමාන ය. 

පාසල් වියේදී සොබා දහම් සිසු හවුල වැඩසටහන මගින් පරිසර ක්ෂේත්‍රයට පිවිසි සිසිර කුමාර නම්බුගේ මහතා සොබා දහම, වාරණ ආදී සඟරාවලට චාරිකා සටහන් ලියා, මා දුටු දඹදිව කාතියෙන් ග්‍රන්ථ නිර්මාණයට පිවිසියේ ය. 

ඔහු විසින් රචිත “ වන සිරියක අසිරිය ” ජනතාව පරිසරයට සංවේදී කරවීමේලා මහඟු මෙහෙවරක් ඉටු කරනු නිසැක ය.

ප්‍රවීණ පරිසරවේදී
දයාරත්න දළවැල්ල 

#WanaSiriyakaAsiriya #SiSiraKumaraNambuge #SinhalaPoth

 

කුමාඔින්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

Author : ලක්ෂ්මන් දේවසේන

Man Eaters Of Kumaon (by Jim Corbett)කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

New Batch 2021

ISBN 978-955-656-179-1

239 Pages

ස්වාභාවික ලෝකයෙහි සමතාවය පවත්වාගෙන යාමට උපකාර වීම ව්‍යාඝ්‍රයාගේ කාර්යය වේ. සාගින්න නිවාගැනීමට  ගොදුරු නොමරා බැරි නිසා කිසියම් ව්‍යාඝ්‍රයෙකු ඉඳහිට  මිනිසෙකු මැරුවත්, ව්‍යාඝ්‍රයන් විසින් මරා  කන ලදැ’යි කියන වග සංඛ්‍යාවෙන් සියේට දෙකක් පමණ ගවයන් ව්‍යාඝ්‍රයන් විසින් ම මරන ලද බව ඇත්ත වුවත් ,මුළු ව්‍යාඝ්‍ර සංහතිය ලේ පිපාසිත  කුරිරු සතුනැ’යි හංවඩු ගැසීම  යුක්ති සහගත නොවේ. ඇරත් ව්‍යාඝ්‍රයා ගවයන් මරන්නේ උගේ ස්වාභාවික ආහාරය මිනිසුන්  විසින් නිර්දය ලෙස වඳකර දැමීමෙන් පසු  ය.මගේ අදහස්  හැම දෙනම පිළිගනීවි ය යන පුහු හැගීම මා තුළ නැතත්, සියලු දඩයම්කරුවන් එක හෙළා මා සමඟ වන කරුණක් ඇත්තේ ය. එනම්, ව්‍යාඝ්‍රයා හිත හොඳ එඩිතර මහත්මයෙක්  බවය. උගේ පරපුර වඳවුණු කල ඉන්දියාව සතුන් අතින් වඩාත් දුප්පත් වනු නිසැකය.  මහජනයා උගේ පැත්ත ගෙන ක්‍රියා  නොකළොත් නිසැකයෙන් ම සිදුවන්නේ ව්‍යාඝ්‍රයන් වඳ වීමය .

#KumaonhiMniKanaWyagrayo #LakshmanDewasena #SinhalaPoth #SinhalaPariwarthana

Weight 0.692 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වනදිවි තොරතුරු”

Your email address will not be published. Required fields are marked *