, ,

ලෝහ කර්මාන්තය – දෙවන කොටස

රු650.00

  • Author: සිඩ්නි සිරිවර්ධන
  • Publisher: S. Godage & Sahodarayo (Pvt)  Company
  • Fourth Batch 2020
  • ISBN 955-20-4885-0
  • 264 Pages

Out of stock

Author: සිඩ්නි සිරිවර්ධන

Publisher: S. Godage & Sahodarayo (Pvt)  Company

Fourth Batch 2020

ISBN 955-20-4885-0

264 Pages

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ පදනම ලෙස සැලකෙන කර්මාන්තශාලා තාක්ෂණය පිළිබඳ ඉංග්‍රීසි බසින් ලියැවුණු ග්‍රන්ථ බොහෝ ඇතත්, ස්වභාෂාවෙන් ලියැවුණු පොත පත සහ අත්පොත් ඇත්තේ අතළොස්සකි. එවැනි පසුබිමක “ලෝහ කර්මාන්තය” දෙවැනි කොටස එලි දැක්වීම ස්වභාෂාවෙන් මූලික අධ්‍යාපනය ලබා කාර්මික ක්ෂේත්‍රයට පිවිසීමේ අපේක්ෂාවෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගෙන යන සිසුන්ට පමණක් නොව, එම ක්ෂේත්‍රයේ දැනට නියුතු, නමුත් ක්‍රමාණුකූල තාක්ෂණික දැනුමක් නොමැති ආධුනිකයන්ට ද මහඟු අත්වැලක් සේ සැලකිය හැකිය.

ලෝහ කර්මාන්තයට පසුතල වන ලෝහවල සංයුතිය හා ගුණාංග පිළිබඳ මූලික දැනුම “ලෝහ කර්මාන්තය” (පළමු වැනි කොටස) තුළින් පාඨක ඔබට ලබා දී ඇත. මෙම දෙවන අදියරෙන් කතුවරයා අදහස් කරන්නේ ලෝහ හැසිරවීම සඳහා මූලික වශයෙන් භාවිතා කෙරෙන ආවුද හා උපකරණ, ලෝහ යාන්ත්‍රණය හා ලෝහ බද්ධ කිරීමේ තාක්ෂණය පිළිබඳ පැහැදිලි මූලික අවබෝධයක් ලබා දීම ය. එම මෙවලම් සහ ක්‍රියාවලි පාඨකයා වෙහෙසට පත් නොවන අයුරින් සරල බසින් ඉදිරිපත් කිරිමට අදාළ තාක්ෂණික පාරිභාෂිතය සියුම් ලෙස භාවිතා කිරීම මා මෙම ග්‍රන්ථයෙන් දකින විශේෂිත වූ වැදගත්කමයි. එමඟින් දැනට ඉතා ව්‍යාප්තව ඇති ලෝහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වයං රැකියාවන්හි නිරත විශාල පිරිසකගේ තාක්ෂණික දැනුම සහ එම නිෂ්පාදන ක්‍රියාවලියන්ගේ තත්ව වර්ධනය සඳහා වැදගත් කාර්ය භාරයක් මෙම ග්‍රන්ථයෙන් ඉටුවනු නො අනුමානයි. පුහුණු ශ්‍රමිකයින් සඳහා කරුමාන්තශාලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය දී ඇති අවධියක මෙම ග්‍රන්ථය කල එළි දැක්ම ඉතා කාලෝචිතය.

#LohaKarmanthayaDevanaKotasa #SidniSiriwardhana #SinhalaPoth

Weight 0.365 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලෝහ කර්මාන්තය – දෙවන කොටස”

Your email address will not be published. Required fields are marked *