, ,

ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්

රු790.00

  • Author: අභය හේවාවසම්
  • MOSTLY MURDER (by Sydney Smith)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Sooriya Publishers
  • Fourth batch 2020
  • ISBN 978-955-9348-59-0
  • 427 Pages

Out of stock

Author: අභය හේවාවසම්

MOSTLY MURDER (by Sydney Smith)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Sooriya Publishers

Fourth batch 2020

ISBN 978-955-9348-59-0

427 Pages

 

අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ්‍රීමත් සිඩිනි ස්මිත් විද්වතාණන් විසින් රචිත MOSTLY MURDER නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද්‍ය විද්‍යාවේ නෛතික අංශය පිළිබඳ නිබඳ සත්‍ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප්‍රතිඵල අධිකරණ තීරණවලට බෙහෙවින් බලපෑ බව නොරහසකි.

මෙහි සුවිශේෂතාවක් වනුයේ ලංකාවේ සූර ක්‍රිකට් ක්‍රීඩකයකු වූ එම්. සතාසිවම් මහතාගේ භාර්යාව අබිරහස් අයුරින් මරණයට පත්වීම පිළිබඳව ද සවිස්තර පරිච්ජේදයක් සපයා තිබීමයි. මෙහිදී සතාසිවම් මහතා වෙනුවෙන් පෙනී සිටියේ අග්‍රගණ්‍ය නීතිවේදියෙකු හා කීර්තිධර වාමාංශික නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතා බව වැඩිහිටි පාඨකයනට මතක ඇති බව නිසැක ය. මෙබඳු බිහිසුණු අබිරහස් මිනීමැරුම් පරීක්ෂණ පාදක කොට රචිත මෙම ග්‍රන්ථය ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම් නමින් දැන් සිංහල පාඨකයා අතට පත්වීම ඉමහත් සොම්නසට හේතුවකි.

අභය හේවාවසම් සූරීන් අතින් සිංහලට නැඟුණු සිව්වන කෘතිය වන මෙම ග්‍රන්ථයෙන් අනුක්‍රමයෙන් පිරිපැසුණු ඔහුගේ පරිවර්තන කුසලතාව මොනවට හෙළි වෙයි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා

 

#LowaHelluAbirahasMineemerum #AbhayaHewawasam #OnlineBooks

Weight 0.495 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්”

Your email address will not be published. Required fields are marked *