Sale!
, , , , , , ,

ලෙනාර්ඩ් වුල්ෆ් මහතාගේ අත්දැකීම්

රු1,235.00

  • ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන් + ලක් බිමේ සත් වසක් 
  • සාමාන්‍ය මිල – රු.1300 /=
  • අපේ මිල – රු.1235 /=

Out of stock

ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන් + ලක් බිමේ සත් වසක් 

සාමාන්‍ය මිල – රු.1300 /=

අපේ මිල – රු.1235 /=

 

ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන්

 

Author : මහාචාර්ය චන්ද්‍රශ්‍රී රණසිංහ

Leonard Woolf’s Diaries in Ceylon කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Dayawansa Jayakodi Publishers

First Edition 2018

ISBN 978-955-686-405-2

424 pages

“බොහොමයක් ගම් පිලිබඳව සැලකීමේ දී පෙනී යන්නේ ඒක්කෝ ගම අභාවයට යා යුතුය; නැතහොත් හේන් කිරීමට අවසර දිය යුතුය.” (1909 ජූලි 21)

“මාගම් පත්තුවේ ජනයා පදින්චි කරවීමෙන් පසුව පවා ඔවුනට හේන් අවශ්‍ය වන්නේය යන මතය මම දිගටම දැරුවෙමි.” (1910 පෙබරවාරි 16)

“ගොවීන්ට මේ ආකාරයෙන් සැලකීම ගැන බෙහෙවින් කනගාටු විය යුතුය. ඔවුන් යල කන්නයේ වගාව කළේ ගව වසංගතය හේතුවෙන් මුහුණ පෑ ඉමහත් දුෂ්කරතා මධ්‍යයේය.” (1909 අගෝස්තු 03)

“මෙම පළාත්වල සිටින පිරිමි පක්ෂය සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. ඊළග වතාවේ මිද්වලකඩ දි මුලාදෑනියකු සේවයෙන් පහ කිරීමේ අවස්ථාව මට ලැබුනොත් මම ගැහැනියක මුලාදෑනිකමට පත් කිරීමට නිර්දේශ කරමි.” (1909 මාර්තු 28)

“මාර්ග බද්ද නරක බද්දක් බවට කිසි සැකයක් ඇත්තේ නැත. මාර්ගය බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නා අතරම ඇතැම්විට තානායමට යෑමට ද එය භාවිත කරන ධනවතුන්ට බද්ද කිසිසේත්ම බද්දක් නොවන්නේය. මාර්ගය ඉතා යාන්තමින් ප්‍රයෝජනයට ගන්නා ගැමියාට එය බොහෝවිට බරක් සේ සලකා සිතීමට තුඩු දෙන කරුණක් වන්නේය.” (1910 ජූලි 09)  

#LeonardWoolfgeDinapotheNilaSatahan #ChandraSriRanasingha #SinhalaPoth #SriLankaveIthihasaya

 

ලක් බිමේ සත් වසක් 

Author: ප්‍රේමචන්ද්‍ර අල්විස් 

Growing ( by Leonard Woolf ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher :  Sooriya Publisher

 Third Edition  2001

ISBN 978-955-9348-11-6

 287  Pages

අපේ රටටත් අපේ මිනිසුන්ටන් පමණක් නොව, අපේ සතා සීපාවාටත් ආදරය කළ ” සුදු ඒජන්ත හාමුදුරුවෝ ” වන ලෙනාඩ් වුල්ෆ් ගේ ( 1904 – 1911 ) ස්වයං ලිඛිත චරිතාපදානයේ  දෙවැනි කොටස වන GROWING ( 1961 ) කෘතහස්ත පරිවර්තකයකු වන ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් සිංහලයට නඟා ඇත.

පාහියන්ගේ – හියුංත්සාංගේ – දේශාටන වාර්තා – රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය ඩොයිලිගේ දිනපොත මෙන්ම වුල්ෆ්ගේ GROWING නම්  කෘතිය ද ලංකාවේ අතීත තොරතුරු සොයන පර්යේෂකයනට සෘජු මූලාශ්‍ර ග්‍රන්ථයක් ලෙස අතිශය වැදගත් ය. ලෙනාඩ් වුල්ෆ් ලියූ, බැද්දේගම නමින් සිංහල පාඨකයන් හඳුනන VILLAGE IN THE JUNGLE ( 1912 ) නම් නවකතාව ලංකාව පසුබිම් කොට ඉංගිරිසියෙන් ලියැවුණු ශ්‍රේෂ්ඨතම නිර්මාණාත්මක කෘතිය ලෙස සැලකේ.

#LakbimeSathWasak #PremachandraAlwis #SinhalaPoth #SriLankaveIthihasaya

Weight 0.720 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලෙනාර්ඩ් වුල්ෆ් මහතාගේ අත්දැකීම්”

Your email address will not be published. Required fields are marked *