Author : සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
Lajja (by Taslima Nasreen) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher : Sarasavi Publisher
Fifteen Batch 2019
ISBN 978-955-573-260-4
216 Pages
‘ ලජ්ජා ’ බංග්ලාදේශ ලේඛිකා තස්ලීමා නස්රීන් ගේ අතිශය විවාදාත්මක නවකතාවයි. ‘ ලජ්ජා ’ උතාහම (කුණාටුව) ‘ අමාර් මේයේ ඛේලා ’ ඇතුළු නව ගද්‍ය හා පද්‍ය රචනා ගණනාවක් ලියා, ඉහත කී මුල් කෘතින් දෙක ම තම රටේ තහනමට ලක් කරවාගත් තස්ලීමා නස්රීන් වනිතා විමුක්තිය මුල් කරගත් මානව භක්තිය පිළිබඳ ඉමහත් උද්ඝෝෂණයක් නංවන වීර ගැහැනියකි. ආගම් භේදයකින් තොරව ගැහැනිය, පිරිමින් අත මෙන් ම සමාජය තුළ ද මුහුණපාන අනේක විධ හිරිහැර තම හැම රචනාවකින් ම එළි දක්වන තස්ලීමා ඇගේ ප්‍රයාසය වරදවා වටහාගත් අන්තවාදීන් ගේ දෝෂ දර්ශනයට ලක් ව මව්බිමෙන් ද පිට ව සිටින්නී ය.
‘ ලජ්ජා ’ බංග්ලාදේශයේ හින්දූන් මුහුණපාන ගැටළු පිළිබඳ කතාවක් පමණක් නොව අර්ථ විරහිත දාමරිකකම්වලට ගොදුරුවන කාගේත් කතාවකි. “ නවකතාව යනු සිද්ධියක් මධුර මනෝහර ආකාරයෙන් වස්තර කරන්නක් යැයි මම මෙතෙක් සිතා සිටියෙමි. එහෙත් වික්‍රම සේති ගේ ගද්‍ය ශෛලියටත්, රුෂ්ඩි ගේ තාත්වික වචන හරඹයටත්, නාරායන් ගේ ජීවමය භාෂා හැකියාවත්, නායිපාල් ගේ කලකිරීම්වාදයටත් වඩා වෙනස් මඟකින් ‘ලජ්ජා ’ ඉදිරිපත් කළ තලිස්මා එමඟින් මා වෙත වූ පෙර කී අදහස පුදුමාකාර ලෙස වෙනස් කළා ” යැයි ගෞරාව් සූද් පවසයි.
#Lajja #SirilChandrasekaraGunawardene #SinhalaPoth #SinhalaParivarthana
Reviews
There are no reviews yet.