,

ලග්ගල ජනවහර

රු1,250.00

  • Author – කේ.බී. මානෑව
  • Publisher -එස්.ගොඩගේ සහ සහෝදරයෝ
  • Second Batch 2021
  • ISBN 978-955-30-0705-6
  • 508 Pages

Availability: 2 in stock

Author – කේ.බී. මානෑව

Publisher -S.Godage Publishers

Second Batch 2021

ISBN 978-955-30-0705-6

508 Pages

 

සිය උපන් ගම වූ නුවරකලාවියේ ජනවහර හා ජනමංගල්ල ගැන ප්‍රශස්ත ග්‍රන්ථද්වයක් සම්පාදනය කළ ජනශ්‍රැතිවේදී කේ.බී. මානෑව වියතාණන් මෙවර තමා දිගුකලක සිට වාසයට තෝරාගත් මාතලේ ප්‍රදේශය යාබද ව පිහිටි ලග්ගල ජනශ්‍රැති නිධානයට අත පොවා එහි සාරාර්ථය විද්වතුන් සඳහා පිරිනැමීමට ‘ලග්ගල ජනවහර’ නමැති අනගි ශාස්ත්‍රීය කෘතිය සකසා ඇත. නුවරකලාවිය පෙදෙස මෑතක් වන තුරු ම වෙනම සංස්කෘතික කලාපයක් ලෙස පැවතියාක් මෙන් ම ‘ලග්ගල’ ද තවමත් ගමන් බිමන් අතින් දුෂ්කර , ආර්ථික වශයෙන් පරිපීඩිත ගැමි ජනයා පදිංචි ව සිටින , හුදෙකලා සංස්කෘතික කලාපයක් ලෙස සැලකිය හැක. එනිසා ම එය සංස්කෘතික උරුමයන් කෙරේ ළැදියාවක් දක්වන්නන්ගේ නොමඳ සැලකිල්ලට ලක් විය යුතු පෙදෙසකි.

ලග්ගල පෙදෙස පිළිබඳ මීට පෙර ද ලිපිලේඛන සංග්‍රහයක් බිහි වූ නමුත්, ලග්ගල ජනවහර අළලා මෙවන් සවිස්තරාත්මක අගනා කෘතියක් එළිදැක්වී නැති බව පෙනේ. එම අඩුව සපුරාලනුවස් මානෑව වියතාණන් සිය අසහාය ජනශ්‍රැති ඥානය මෙහෙයවා මෙම සාරගර්භ කෘතිය සපයා ඇත.

සිංහල භාෂාවේ වචනවල ඇති ප්‍රාදේශිය විකල්ප රූපත් , නෂ්ටාවශිෂ්ටවූ පැරණි ව්‍යවහාරත්, දමිළ ඌරුවෙන් ලබාගත් ව්‍යවහාරත්, එසේ ම රාවණා පුරාණය සම්බන්ධ විවිධ පුරාවෘත්තමය තොරතුරුත් ඇතුළත් මේ කෘතිය ප්‍රශංසනීය ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.මානෑව වියතාණන් අතින් අප සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ මෙබඳු කෘති තව තවත් බිහිවේවායි පතමි.

පී.බී. මීගස්කුඹුර

සම්මානනීය මහාචාර්ය

සිංහල අධ්‍යයන අංශය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

#LaggalaJanawahara  #KBManeewa #JanaShruthi #SinhalaPoth #OnlinePoth #OnlineBooks

Weight 0.655 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලග්ගල ජනවහර”

Your email address will not be published. Required fields are marked *