,

ලක්දිව පැරණි නර්තන කලාව

රු490.00

  • Author : කෝෂලී කැකුලන්දල 
  • Publisher : Samanthi Publishers
  • First Edition 2014
  • ISBN 978-955-0084-75-3
  • 144 Pages

Availability: 1 in stock

Author : කෝෂලී කැකුලන්දල 

Publisher : Samanthi Publishers

First Edition 2014

ISBN 978-955-0084-75-3

144 Pages

ශ්‍රී ලාංකීය නර්තන කලාව උඩරට, පහතරට සහ සබරගමු යන ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙන් සමන්විත වෙයි. එම නර්තන සම්ප්‍රදායන් අතුරින් සබරගමු නර්තන සම්ප්‍රදාය පැරණිම සම්ප්‍රදාය ලෙස සලකනු ලැබේ. නමුත් එය ශ්‍රී ලාංකේකීය නර්තන කලාවේ මූලාරම්භය යැයි ඉන් අදහස් නොවේ. මේ හැරුණු කොට ශ්‍රී ලංකාවේ අනුරාධපුර, පොළොන්නරු, යාපහුව සහ ගම්පොළ වැනි රාජධානි සමයන්හි විහාරාරාම සහ වෙනත් ගොඩනැගිලි ආශ්‍රිතව නර්තන විලාශයන් දැක්වෙන කැටයම් සහ මූර්ති හමුවේ. ඊට අමතරව බ්‍රාහ්මී ශීලා ලේඛනවල නැටුම් ශ්‍රේණි පිළිබඳ සඳහන් වී ඇති අවස්ථා දක්නට ලැබේ. එසේම වංශකතා වැනි මූලාශ්‍ර ආශ්‍රිතව ද පැරණි ලක්දිව නර්තන කලාව පිළිබඳ විවිධ තොරතුරු සඳහන්ව තිබෙනු දැකිය හැකිය. මේ සෑම සාධකයකින්ම පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ වසර දහස් ගණනකට පෙර පවා නර්තනය කලාවක් ලෙස පැවති බව ය. නමුත් මෙම පැරණි නර්තන කලාව පිළිබඳ අප දන්නා තොරතුරු අල්ප ය. එමනිසා මෙම කෘතියෙන් අපේක්ෂා කරනු ලැබුවේ මෙම පැරණි නර්තන කලාව පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සිදු කිරීම යි. පැරණි ලක්දිව නර්තනය පිළිබඳ මෙතෙක් සිදුකර ඇති පර්යේෂණවලින් වෙනස් මඟක් ගනිමින් පුරාවිද්‍යාත්මක දෘෂ්ටියක් යටතේ අර්ථ නිරූපණය කිරීමට ගත් උත්සහයක් වශයෙන් මෙය පෙන්වා දිය හැකිය. 

#LakdiwaParaniNarthanaKalawa #KoshaliKekulandala #SinhalaPoth

Weight 0.177 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්දිව පැරණි නර්තන කලාව”

Your email address will not be published. Required fields are marked *