Sale!
, , , , , , , ,

ලංකා ඉතිහාසය 4

රු1,748.00

  • කෝපි කාලෙ ලංකාව + කන්ද උඩ රට සටන් + ත්‍රී සිංහලය
  • සාමාන්‍ය මිල – රු.1840 /=
  • අපේ මිල – රු.1748/=

Out of stock

කෝපි කාලෙ ලංකාව + කන්ද උඩ රට සටන් + ත්‍රී සිංහලය

සාමාන්‍ය මිල – රු.1840 /=

අපේ මිල – රු.1748 /=

 

කෝපි කාලෙ ලංකාව

OLD CEYLON – Sketches of Ceylon life in Olden Time (by John Capper) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Author: කුසුම්සිරි විජයවර්ධන

Publisher: Sooriya Publishers 

First Edition 2021

ISBN 978-624-5638-09-3

163 Pages

 

….වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය. 1856 දී ආරම්භ කළ Ceylon Times පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වීමෙනි….

කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැංගේය. ඔහු Old Ceylon – Sketches of Ceylon life in Olden Time පොත 1877 දී ලිව්වේ එසේ එංගලන්තයේ සිටින අතරතුරදීය. බොහෝ විදේශිකයන් නොදැන සිටි ලාංකීය ජන ජීවිතය හා වතුවගාව නිසා ගම්වල සිදුවූ විනාශය ගැන සියුම් ස්පර්ශයක් මේ කෘතියේ දැකගත හැකිය. කෝපි කාලෙ ලංකාව නමින් ඔබ මේ කියවමින් සිටින්නේ එම පොතෙහි සිංහල අනුවාදයයි.

#OldCeylonSketchesofCeylonlifeinOldenTime #KusumsiriVijayawardana #KopiKaleLankawa # SriLankaveIthihasaya 

 

කන්ද උඩ රට සටන් 

Author : ප්‍රේමචන්ද්‍ර අල්විස් 

KANDYAN WARS ( by GEOFFREY POWELL  ) කෘතියේ සිංහල පරිවර්තනයකි.  

Publisher : Sooriya Publishers 

 First Edition 2009

ISBN 978-955-656-120-3

372 Pages

බ්‍රිතාන්‍යයන් කන්ද උඩ රට ආක්‍රමණය සඳහා දැරූ ප්‍රයත්නයේදී ඔවුන් හා කන්ද උඩ රට සිංහලයන් අතර කලක් තිස්සේ පැවැති සටන් පිළිබඳ ‌ෙඑතිහාසික කරුණු අළලා ජ්‍යොෆ්‍රි පවල් නමැති ඉංග්‍රීසි ජාතික ලේඛකයා අතින් ඉතා මෑත වකවානුවකදී KANDYAN WARS යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය “කන්ද උඩ රට සටන්නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජ්‍යොෆ්‍රි පවල් අතින් සම්පාදනය වී ඇත්තේ ඔහු සිදු කළ ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බව මේ පොත කියැවීමේදී ඔබට වැටහෙනු නිසැකය.

බ්‍රිතාන්‍යයන්ගේ ආක්‍රමණය පිළිබඳ ප්‍රකට ‌ෙඑතිහාසික කරුණු පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට ද වඩා ශ්‍රී ලාංකික හා විදේශීය විද්වතුන් ඒ ආක්‍රමණය සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී පළ කළ මත හා දැරූ ආකල්ප පාඨකයා හමුවෙහි තැබීම ඉංග්‍රීසි පොතේ කතුවරයාගේ අභිප්‍රාය වී ඇති බව පැහැදිලිය. ලංකාවේ ආණ්ඩුකාරධුරය හෙබැවූ ෆ්‍රෙඩික් නොර්ත් හා බ්‍රව්න්රිග් බ්‍රිතාන්‍ය රජය වෙත පවා අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් කන්ද උඩ රට ආක්‍රමණයේ අවශ්‍යතාව අවධාරණය කළ ආකාරයත් “කන්ද උඩ රට ජනතාවට ඔවුන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ දිය යුතුය”  යන සාමකාමි ආකල්පයත් දැරූ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ඔහුගේ ධුර කාලය අවසානයේ පෙරළා සිය රට ගිය පසු බ්‍රිතාන්‍ය රජයට පවා එසේ නිර්දේශ කළ ආකාරයත් මෙහි දැක්වෙයි.

සිය ආක්‍රමණයේදී බ්‍රිතාන්‍යයන් කන්ද උඩ රට ප්‍රදේශවල සිදු කළ බිහිසුණු මිනිස් ඝාතනයත් අතිමාත්‍ර දේපල විනාශයත් කොතරම්ද යන වග බ්‍රිතාන්‍යයන්ගේ දහ නව වැනි පාබළ සේනාංකයේ සෙබළෙකුගේ ම මුවින් පිට වී ඇති මේ වචන කීපයෙන් ම තහවුරු වෙයි. “මා සේවයෙන් මුදා හළ පසු මට උරුම වන ඉරණම මංපහරන්නකු බවට පත් වීම ය. ඒ අනෙකක් නිසා නොව, අපගේ මිනිසුන් අතින් මහනුවරදී සිදු වු දේ දැකීමෙන් පසු මිනිසකුගේ ජීවිතය ඔහුගෙන් පැහැර ගැනීම ඉතා ම පහසුවෙන් කළ හැකි තත්ත්වයට මගේ හිත හැඩ ගැසීම නිසා ය.”  

#KandaUdarataSatan #PremachandraAlvis #SinhalaPoth #SriLanakaveIthihasaya

 

ත්‍රී සිංහලය

 

Author : අභය හේවාවසම්

Tri Sinhala (by Paul E. Pieris) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

Second Batch 2021

ISBN : 978-955-656-036-1

295 Pages

 

“ත්‍රී සිංහලය” කාලීන වටිනාකමක් ඇති ග්‍රන්තයකි. අවුරුදු දහස් ගණනෙක මෙරට අඛණ්ඩ රාජ්‍ය පාලනය  සුණු විසුණු වී ගියේ උඩරට රජු හා රදල වරුන් ගේ අසමගිය උත්සන්න වී යාමෙනි. වෙළඳුන් වශයෙන් පැමිණි ඉංග්‍රීසිහු මෙරට අභ්‍යන්තරික ගැටුම් වලින් උපරිම ප්‍රයෝජන ගෙන ස්වකීය අධිරාජ්‍යයට තවත් යටත් විජිතයක්  එක් කළ හ.

උඩරට රජු හා රදළවරුන් අතර භේදය, බ්‍රවුන්රිගේ යටත් විජිත උමතුව,ඩොයිලි ගේ සටකපට ප්‍රයෝග යනාදියේ එක්වීමේ ප්‍රතිඵලය වූයේ රට විදේශීය ජාතියකට නතු වී යාම ය.

කෲර රජෙකුගෙන් රට වැසියා ගලවා ගැනීමේ “මහා ගැලවුම් කරුවන් “ වශයෙන් ඉදිරිපත් වූ ඉංග්‍රීසිහු ඒකදු ජීවිත හානියක් සිදු නොකර  මෙරට අල්ලා ගැනීමේ සතුටින් උදම් ඇනූ හ. බටහිර ජාතීන්ගේ  බලසම්පන්න යුධ අවි සහිත ශක්තිමත්  හමුදා බලකායන්ට  සිංහලේ කුඩා රාජ්‍යය නතුකර ගැනීමට නොහැකි විය. එහෙත් උඩරට අල්ලා ගැනීමේ  “නොවරදින උපාය” ඉංර්‍ග්‍රසිනට  සැපයූවෝ සිංහල රදළවරු ය. ඉන් සිදුවූයේ  මෙරට ඵෙතිහාසික ගලා යෑම නොපිට පෙරළීය. 

 වර්තමානයේද අප රට තුළ පැන නැඟී ඇති අර්බුදයන් හි දී  අසමගිය සමඟ විදේශ මැදිහත්වීම ගැන සිතා බැලීමට අනුබල දෙන පාඩමක්, අපේ ම අත්දැකීම්ක් ඉතිහාසයෙන්  අපට ලබා දෙන  බැවින් “ත්‍රී සිංහල “ පිළිබඳශ්‍රී ලාංකික  අපගේ අවදානය යොමු විය යුතු  යැයි අදහස් කරමි.

#TreeSinhalaya #AbayaHewawasam #Sinhalapoth #sriLankaweIthihasaya

 

Weight 0.990 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකා ඉතිහාසය 4”

Your email address will not be published. Required fields are marked *