Sale!
,

ලංකා ඉතිහාසය – 3

රු1,834.00

  • ඩොයිලි දුටු උඩරට රාජ්‍යය + රණශූර හෙළයෝ + පුරාණ රාජ නීති හා රාජ දඩුවම් + සිංහලයෝ + කොළොම් පුර පුරාවෘත්තය
  • සාමාන්‍ය මිල – රු. 1930/=
  • අපේ මිල – රු. 1834/=

Out of stock

ඩොයිලි දුටු උඩරට රාජ්‍යය + රණශූර හෙළයෝ + පුරාණ රාජ නීති හා රාජ දඩුවම් + සිංහලයෝ + කොළොම් පුර පුරාවෘත්තය

සාමාන්‍ය මිල – රු. 1930/=

අපේ මිල – රු. 1834/=

 

ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

Author – උපාලි රත්නායක

A Sketch Of The Constitution Of The Kandyan Kingdom (by Sir John D’ Oyly) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – ෆාස්ට් පබ්ලිෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්

Second Batch 2016

ISBN 978-955-0256-10-5

256 Pages

ලංකාව 1815 දී ඉංග්‍රීසීන්ට අල්ලා ගැනීමට ඉඩ සැලසුණු ඓතිහාසික ක්‍රියාවලිය තුළ ජෝන් ඩොයිලිගේ භූමිකාව සුවිශේෂී වෙයි. මේ ඔහු විසින් එවකට තිබූ උඩරට සමාජ සංස්ථාවේ ස්වභාවය අලලා ලියන ලද A SKETCH OF THE CONSTITUTION OF THE KANDYAN KINGDOM නම් කෘතියේ පරිවර්තනයකි. මහනුවර යුගයේ ඉතිහාසය, ආර්ථිකය,අභිචාර විධි, සිරිත් විරිත්, නීති රීති ඇතුළු ජන ජීවිතයේ කුදු මහත් සියලු පැතිකඩ ගැඹුරු නිරීක්ෂණයට ලක් කරන මේ ග්‍රන්ථය අපේ වංශ කථාවේ එක් තීරණාත්මක කඩඉමක් පිළිබඳ ලියැවුණු මාහැඟි කෘතියකි.  

#DoylyDutuLankawa #UpaliRathnayake #SinhalaPoth #sinhalaPariwarthana #SriLankaweIthihasaya

 

රණශූර හෙළයෝ – පෘතුගීසීන් පරාජය කිරීමේ බිහිසුණු සටන් ( ක්‍රි.ව. 1500-1658)

Author -චමින්ද මිහිඳුකුල සූරිය

Publisher -සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම

First Edition 2018

ISBN 978-955-30-9321-9

200 Pages

කෝට්ටේ සහ සීතාවක සේනා අතර ඇති වූ යුද්ධ බොහෝමයක යුද පිටිය වූයේ මුල්ලේරියා වෙල්යාය යි.

ඒහි දී ඇති වූ අති බිහිසුණු එක් සටනකින් රණශූර ටිකිරි බණ්ඩාර කුමරු ජයග්‍රහණය කළේ ය. මෙම සටන

කෙතරම් බිහිසුණු වී ද යත් සිංහල සේනාව අතින් මැරුම් කෑ පෘතුගීසි හේවායන්ගේ සංඛ්‍යාව 1,600 කට වඩා වැඩි විය.

“මුල්ලේරියා සටන” නමින් ප්‍රසිද්ධියට පත් මෙම සටනින් මැරුණ පෘතුගීසීන්ගේ ලෙයින් මුල්ලේරියා

වෙලෙහි දිය රත් පැහැ වී යැයි කියනු ලැබේ. ජාතියක් වශයෙන් පෘතුගීසීන්ට ආසියාවේ අන් කවර ස්ථානයකදීවත්

මෙවන් ඉරණමක් අත් වී නොතිබුණී.

#RanashuraHelayo  #ChamindaMihindukulasooriya #Sinhalapoth #SriLankaweIthihasaya

 

පුරාණ රාජ නීති හා රාජ දඩුවම් ( අපරාධකරුවන්ට රජ කාලයේ ලබා දුන් දඩුවම්)

Author – ධර්මරත්න තෙන්නකෝන්

Publisher – සී/ස ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම

First Edition 2018

ISBN 978-955-30-8879-6

88 Pages

වදකස්ථානයේදී ඇතැම්හු දිවස්හුල හිදුවති. ඇතැමෙකුගේ ඇත් පා ලස්හි බැද කපා හරිති. ඇතැමෙකු ඇතුන් ළවා පාගවතී. වරදකරුවන්ට තම දඩුවම් පමුණුවන මෙම වදකස්ථානය  නගරයේ ඉතා උස් අවකාශ ස්ථානයක පිහිටුවා ඇත්තේ ය. එසේ පිහිටුවා ඇත්තේ දඩුවම් කරනසැටි බලා ෙසසන් හට වරද නොකරන්නට ආදර්ශයක් වශයෙනි, පාඩමක් වශයෙනි‍. බන්ධනාගාර ගත කළ සිරකරුවෝ වෙති. සමහර සිරකරුවෝ යදමින් දැමූ විලංගු පිට පසුවෙති.                                                                                      

 

රොබට් නොක්ස් – එදා හෙළදිව

#PuranaRajaneethiHarajaDaduwam  #DharmarathneThennakoone #SinhalaPoth #SriLankaweIthihasaya

සිංහලයෝ

Author – සෙනරත් පරණවිතාන 

Publisher – සී/ස (පෞද්) විසිදුනු ප්‍රකාශකයෝ

Seventh Batch  2017

ISBN 955-9170-12-0

62 Pages

මේ වූ කලී අවුරුදු දෙදදහස් පන්සියයක් තුළ අවිච්ඡින්න ව පැවති රාජ පරම්පරාවක් යටතෙහි සාම හා යුද්ධ කාර්යයන්හි යෙදෙමින් විසූ සිංහල වර්ගයා ගේ කථාන්දරයයි. දිවයිනෙහි තැනින් තැන නටබුන් ව දක්නා ලැබෙන මහා ශිලා නිර්මාණයන්ගෙන් පිළිබිඹුවන නවශිලා සංස්කෘතියෙන් ඇරැඹෙන මේ කථාන්දරය එකී සංස්කෘතිය දඹදිවින් සංක්‍රමණය වූ ඉන්දු-ආර්ය ශිෂ්ටාචාරය සමඟ සංකලනය වීම ඔස්සේ දිවෙයි. ඒකී සංකලනය ද ඉන්දු – ආර්ය භාෂාවේ හා ජීවන ක්‍රමයේ ව්‍යාප්තිය ද සිංහල ජාතියේ ආරම්භය සේ ගැනෙයි.

පූර්ණ ශිෂ්ටාචාරයක නටබුන් අතර පුරා තිස් වසරක් පමණ වූ කාලයක් වැඩ කරමින් දිවි ගෙවූ ආචාර්ය සෙනරත් පරණවිතානයෝ සිංහලයන් ගේ උදාර ජීවන කාර්යය සැලසුම් කර ගැනීමට උපස්තම්භක වූ නානාවිධ අංශ දෘශ්‍යමාන සාක්ෂ්‍ය මඟින් මෙහි ලා විස්තර කරති. රඹුක්කන පිහිටි ශිලාමංචකයෙන් පටන් ගෙන අනුරාධපුරයේ හා පොළොන්නරුවේ රූපයන් ගෙන් දක්නා පරිදි සිංහලයා තුළ මල්පලගැන්වී පැවැති සියුම් කැටයම් කලා ෙෙනපුණ්‍යය ද ගල්ලෙන්, වෙහෙර, විහාර ඔස්සේ සීගිරි ලලනාවන් තුළින් නිරූපනය වන රමණීය චිත්‍රකලා කෞෂල්‍යය ද කුළුගන්වමින් කතුවරයා තමනට හුරුපුරුදු සරල සිංහල බසින් කියන මේ කථාන්දරය විශ්ව ඉතිහාසයෙන් ම අසමසම වූ වාරිමාර්ග ක්‍රමයකින් සරුසාර වූ කෙත්වතුවලින් හෙබි රජරට තැනිතලාවේ සිට කෙමන් කඳුරටටත් එතැන් පටන් කුසගින්නේ දොරටුවටත් සිංහලයා පසුබැස ගිය සැටි චමත්කාර ලෙස දක්වයි.

මෙහි පිටවැස්මෙහි  පෙනෙන සෙල්ලිපිය පදවියේ දක්නා ලැබෙයි. එහි පෙළ ද භාවය ද යට දැක්වේ. මේ යුගයේ ජීවත් වන තරුණ සිංහල පරපුරට අතීතයෙන් බිඳක් සිහිපත් කර ගැනීමටත් ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ කාර්යය සිද්ධීන් අනුගමනය කිරීමටත් මේ ශිලාලිපිය ද පරණවිතානයන්ගේ  මේ කෘතිය ද හේතු වේ වායි පතමු.

               ඉදං ලංකාධිනාථෙන

               ශ්‍රීපරාක්‍රමබාහුනා

               කාරිතං විශ්වලෝකාර්ථ

               කාර්යයව්‍යාපාරිතාත්මනා

මුළු ලොවට වැඩ සැලැස්වීමෙහි තමා යෙදී සිටින ශ්‍රී පරාක්‍රමබාහු ලංකාධිනාථයා විසින් මෙය කරවන ලදී.

               බැන්දැ නීගඟවැවු 

               සිරිලකැ ද කෙත් කරවා

               සියල් දිය රඳවා පැරැ-

               කුම්බානිරිඳු කෙළ මේ

 

ගංහෝ හරහා ඇනි බඳවා වැව් තනවා සිරිලකැ කෙත් කරවා සියලු දිය රදවා (නොහොත් මුළු මහත් ලොව සතොස් කරවා) පැරකුම්බා නිරිඳු මේ කළේ ය.

#Sinhalayo  #SenarathParanavithana #Sinhalapoth #SriLankaweIthihasaya

 

කොළොම් පුර පුරාවෘත්තය  

Author : පද්මා එදිරිසිංහ 

Changing Face of Colombo (by R.L. Brohear) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Visidunu Publisher

Third Batch 2011

ISBN :  955-9170-32-5

142 Pages 

 

මේ කෘතියේ ප්‍රස්තාවනාවෙහි ලා කතුවරයා ම පවසන්නා සේ කොළඹ වනාහි, අප රට ජනතාව මත බලහත්කාරයෙන් පැටවූවක් මිස ඔවුන් ගේ තෝරාගැනීමක් හෝ නිර්මාණයක් හෝ නොවන මූත්, එය අප රට වත්මන් ජන ජීවිතය මෙහෙයවන කේන්ද්‍රස්ථානය බවට පත් ව තිබේ. කොළොම් පුරයට විදේශිකයනට කෙසේ වූව ද, එදිනෙදා ජීවන අවශ්‍යතා සපුරාගැනීම පිණස, කාලය සමඟ පොර බදමින් කොළොම් පුර සැරිසරන අපට, වත්මන මිස අතීතයක් ඉතිහාසයක් ඒ හා බැඳී ඇති බවක් සිහිපත් නො වේ. එහෙත් අද වන විට කොළොම් පුරයට වසර පන්සියයක් ඈතට දිවෙන අතීතයක් ඇත. පෘතුගීසි, ඕලන්ද, බිරිතනි යුග ඔස්සේ දිව යන අතීතයක් මතු නො ව, ඒ හා බැඳුණු පුරාවෘත්ත ද ස්මාරක ද කොළොම් පුරය සතු ය. 

 

මෙහි ‘ කොළොම් පුර පුරාවෘත්තය ‘ නමින් පද්මා එදිරිසිංහ අතින් සිංහලයට නැඟී ඇති  ‘ Changing Face of Colombo ‘ නම් කෘතියෙන් ආචාර්ය ආර්. එල්. බ්‍රෝහියර්, 1505 – 1972 අතර කාලයේ දී යුගයෙන් යුගය කොළොම් පුරය ගොඩ නැඟුණු අයුරු, එහි දේශපාලන බලය අරබයා කෙරුණු නන්විධ අරගල, කොළොම් පුර අහස්කුස වෙඩි බෙහෙත් දුමාරයෙන් පුරවාලූ, පොළොව මිනිස් රුධිරයෙන් තෙත් කරලූ සංග්‍රාම මේ සියල්ල ඒ හා බැඳුණු ඓතිහාසික පුරාවෘත්ත ද ස්ථාන හා සිහිවටන පිළිබඳ තොරතුරු ද සමඟ ඔබ හමුවට ගෙන එයි. මෙහි දී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් බිහි වූ කීර්තිමත් ම නිලධරයකු ශ්‍රී ලංකා, නෙදර්ලන්ත හා මහා බ්‍රිතාන්‍ය රජයයන් ගෙන් පිදුම් ලද ලංකාව පිළිබඳ සුප්‍රකට ශාස්ත්‍රඥයකු විසින් කොළොම් පුරය පිළිබඳ ව කරන ලද විචක්ෂණ ගවේෂණයක ඵල, ලන්දේසි පෙරදිග වෙළෙඳ සමාගමේ සේවය සඳහා කොළඹ පැමිණි ප්‍රංශ ජාතික මුතුන් මිත්තන් ගෙන් පැවත එන, කොළඹ ඉපිද හැදී වැඩී ඒ හා ආධ්‍යාත්මික ව බැඳුණකු ගේ අතින් ලියැවී ඇති අයුරු ඔබට දැකගත හැකි ය. මෙය දැනුමෙන් සපිරි, රසයෙන් අනූන කෘතියක් වී ඇත්තේ එ බැවිනි. 

 

ආර්. එල්. බ්‍රෝහියර් හා ජේ. එච්. ඕ. පවුලස් ගේ  ‘ Land Maps and Surveys ‘ කෘතියේ දෙ වන වෙළුමෙන් උපුටාගත් කොළඹ නගරයේ ඓතිහාික සිතියම් රැසක් මේ කෘතියට ඇතුළත් ව ඇත. ඉස්මත් රහීම් විසින් සම්පාදනය කරන ලද 1518 – 1900 අතර කාලයේ කොළඹ විවිධ ස්ථාන දර්ශන රූ ගත කළ දුර්ලභ චිත්‍ර හා ඡායාරූප රැසක පිටපත් එකතුවක් ඒවා පිළිබඳ විස්තර ද සමඟ මෙහි ඉදිරිපත් කර ඇත. 

#KolompuraPurawurthaya #PadmaEdirisinghe #SinhalaPoth #SinhalaPariwarthana #SrilankaweIthihasaya

Weight 1.293 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකා ඉතිහාසය – 3”

Your email address will not be published. Required fields are marked *