Sale!
, , , ,

රූපා ශ්‍රියාණි මහත්මියගේ නවකථා එකතුව

Original price was: රු2,980.00.Current price is: රු2,831.00.

  • තරු බඹසර + බැද්දෙ කුලවමිය + සිටුවර පුවත + සෙංකඩගල මහ බි‌සෝ
  • සාමාන්‍ය මිල – රු. 2980/=
  • අපේ මිල – රු. 2831/=

Out of stock

තරු බඹසර + බැද්දෙ කුලවමිය + සිටුවර පුවත + සෙංකඩගල මහ බි‌සෝ

සාමාන්‍ය මිල – රු. 2980/=

අපේ මිල – රු. 2831/=

 

  1. තරු බඹසර

 

Author රූපා ශ්‍රියානි ඒකනායක

Publisher : Sooriya Publishers

Fourth Batch 2019

ISBN 978-955-656-038-6

279 pages

 

සදාචාරය යන්න පුද්ගල කණ්ඩායම් විසින් සමාජය මත ආරෝපණය කිරීමට වෙර දරන බොල් හරසුන් ආකල්ප හා පිළිගැනීම් සමුදායක් ලෙස සමහරු තර්ක කරති. එහෙත් එවැනි තර්ක ඉදිරිපත් කරන කණ්ඩායම් ද නො දැනුවත්ව ම හා වරින් වර සමාජය විසින් ඔසවා ගෙන යනු ලබන සදාචාරාත්මක වටිනාකම්වල ප්‍රබල බව පසක් කර ගනිති. මෙහි එන ප්‍රධාන චරිත ද්වය වන මහසෙන් හා මයුරි ද සදාචාරාත්මක පක්ෂය බිඳ ගෙන අංශු මාත්‍රයක් හෝ ඉදිරියට යෑමට තැත් කිරීමෙන් සමාජ කතිකාන නමැති සැඬ සුළඟට අසුව ඒ මේ අත ගසා ගෙන යති. තමන් බැතියෙන් සුරැකි ඇවතුම් පැවතුම් මේ හේතුව නිසා බිඳී යයි. සමාජයෙන් එල්ල වන තර්ජන ගර්ජන වලට මුහුණ දීමට ඔවුන්ට සිදු වෙයි. කවදත් සිදුවන ආකාරයෙන්ම මෙහි දී ද ගැරහුම් නින්දා අපහාස හඹා යන්නේ මයුරි නමැති ගැහැනිය පිටුපසය. මේනිසාම ඇය තම ජීවිතයේ නොයෙක් හැල හැප්පුම් රාශියකට මුහුණ දෙයි. ඒ සියල්ල විඳ දරා ගෙන උපේක්ෂා සහගතව ජීවිතය දෙස බැලීමට මේ සිදුවීම් නිසාම ඇයට මනා පරිචයක් ලැබේ.

#TharuBambasara #RuupaSriyaniEkanayeke #SinhalaPoth #SinhalaNawakatha

 

2. බැද්දෙ කුලවමිය 

Author රූපා ශ්‍රියානි ඒකනායක

Publisher : Sooriya Publishers  

Sixth Batch 2018

ISBN 978-955-656-333-7

291 pages

 

‘’……හැම දිනක ම මා එතැනින් හොර රහසේපිට වී යන්නේ තෙරක් නොපෙනෙන කුඹුරු යායත්, ඊට ඉස්මත්තෙන් නැගී සිටින තුරු පෙළත්, අමුතුම බසකින් අප අමතන ඇනිකට් ඇළේ කඩිනම් ගමනත් දෙස හිස් බැල්මෙන් බලා සිටීමේ නොතින් ආශාවෙනි.තනි වූ මා පිළි ගැනීමට ඒ ආචේතනික වස්තූහු කවදත් සූදානම්ව  සිටියහ.මා වෙනුවෙන් ත්‍යාගශීලී වන අහස, සුළඟ, වෙල් එළිය ,තුරු ලතා ඈ සියල්ල විසින් මහා උණුසුමකින් යුතුව මා වැළඳගනු ලබයි. මේ නිසාම, මා ආදරයෙන් බලා කියා ගත් එළිමහන් සැන්දෑවටත්, හඳ එළියට හා තරු එළියටත් මුදු වූ මම, මා අසාමාන්‍ය අඟනක් බවට ගම හැම තැනම කියමින් ඇවිදිනා අයට කර්කශ වූද, සතුරු වූ ද, ප්‍රහාර එල්ල කරමින් සිටියෙමි…..’’

#BeddeKulawamiya #RuupaSriyaniEkanayeke #SinhslsPoth #SinhalaNawakatha

 

3. සිටුවර පුවත

Author රූපා ශ්‍රියානි ඒකනායක

Publisher : Sooriya Publishers 

Second Batch 2011

ISBN 978-955-656-197-5

 268 pages

 

වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්‍රීහු තවත් වරෙක සඳ රැස් මෙන්  මුදු සිසිලෙන් යුක්ත වන්නෝය.මේ නවකතාවේ එන සරලා නම් ගැහැනිය ද, ඒ චරිත ලක්ෂණ ද්විත්වය ම හිමි කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසාය.

සරලාගේ චරිතයට ප්‍රභාෂ්වරයක් වීමට හැමවිටම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ පවනක් වෙමින් ද, වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින්ද, සරලා තමා වෙත නතු කර ගැනීමට වායම් කරන්නේ ස්වකීය ප්‍රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් අනුවේදනීය මොහොතකය.

රාග , දෝෂ, මෝහ ආදී ක්ලේශ රාශියකින් වෙළී සිටින මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද, මනා ගුණ ද අත් දකිමින් ගෙන යන ජීවිතයෙන් බිඳක් මේ නවකතාව තුළින් කතුවරිය අප තුළ සිතුවම් කරන්නී ය.

#SituwaraPuwatha #RuupaSriyaniEkanayeke #SinhslsPoth #SinhalaNawakatha

 

4. සෙංකඩගල මහ බි‌සෝ

Author රූපා ශ්‍රියානි ඒකනායක

Publisher : Sooriya Publishers 

 Fourth Batch 2020

ISBN 978-955-8892-92-0

 350 pages

කුසුමාසන දේවිය නමින් ද ප්‍රකට වූ දෝන කතිරිනා බිසව  උරුමයෙන්ම තමන්ට  හිමි වූ කිරුළ නිසා අනේකවිධ දුක් ගැහැටවලට බඳුන් වූ රජකුමරියකි. උඩරට සිංහල වංශකතාවේ ශෝචනීය සිද්ධි දාමයක් නිරෑපනය කෙරෙන ‍  “ සෙංකඩගල මහ බිසෝ නමින් මෙම නවකතාව  ලිවීමේදී කතුවරිය මහත් වූ දයාවෙන් යුතුව  කුසුමාසන දේවිය ගේ චිත්ත තත්ත්වය විවරණය කරයි. මනුෂ්‍යත්වයේ සෑම ස්වරූපයක්ම ගැඹුරින්  ස්පර්ෂ කරයි. මෙය වරෙක කියවන්නා තුළ ආනන්දයක්ද, වරෙක ඇසට කඳුලක්ද නැංවීමට සමත් වන්නේ ඒ හේතුවෙනි.කඳුකර රජ දහනේ විසිතුරු සිත්තමක් බඳු මෙම නවකතාව තුළින් අපූර්ව චමත්කාරයක් පාඨක මනසේ ජනිත වෙයි.

බුද්ධියට මෙන්ම හදවතට ද එක සේ ආමන්ත්‍රණය කරන මෙම නවකතාව තුළින් මතු වන්නේ ඉතිහාසයේ සැඟව ගිය කුසුමාසන දේවියගේ සංවේදී චරිතයේ ගති සොබාවයි.

#SenkadagalaMahaBiso #RuupaSriyniEkanayeke #SinhlaPoth #SinhalaNawakatha 

 

Weight 1.395 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රූපා ශ්‍රියාණි මහත්මියගේ නවකථා එකතුව”

Your email address will not be published. Required fields are marked *