Sale!
, , , , ,

රමෝනා කථා මාලාව

රු4,750.00

  • බීසස් සහ රමෝනා + කරදරකාර රමෝනා + එඩිතර රමෝනා + රමෝනා සහ ඇගේ තාත්තා + රමෝනා සහ ඇගේ අම්මා + රමෝනා කුම්බි, වයස අවුරුදු 8 යි + සදහටම රමෝනා + රමෝනාගේ ලෝකය
  • සාමාන්‍ය මිල – රු.5000 /=
  • අපේ මිල – රු. 4750 /=

Out of stock

බීසස් සහ රමෝනා + කරදරකාර රමෝනා + එඩිතර රමෝනා + රමෝනා සහ ඇගේ තාත්තා + රමෝනා සහ ඇගේ අම්මා + රමෝනා කුම්බි, වයස අවුරුදු 8 යි + සදහටම රමෝනා + රමෝනාගේ ලෝකය

සාමාන්‍ය මිල – රු.5000 /=

අපේ මිල – රු. 4750 /=

 

බීසස් සහ රමෝනා

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Beezus and Ramona (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Little House Publishers (Privet) Limited

Frist Edition 2019

ISBN 978-624-5173-00-6

192 Pages

මොනවද රමෝනා මේ කරන්නෙ?

බීසස් කුම්බි, ඇගේ සිව් හැවිරිදි නැගණිය වන රමෝනා සමග ඉවසීමෙන් වැඩ කිරීමට උත්සහ කරන නමුත්, රමෝනා පුයර යැයි කියා මාෂ්මෙලෝ කුඩු නාසයේ තවරා ගන්නා විට සහ පවුලේ අයට නොකියා ළදරු පාසලේ ඇගේ පන්තියේ ළමයින්ට සාදයකට ආරාධනා කරන විට එසේ ඉවසීමෙන් කටයුතු කිරීම පහසු නැත. සමහර වේලාවට, බීසස් රමෝනාට කැමති නැති නමුත්, ඔවුන් සොහොයුරියන් වන අතර, එහි අදහස හැම මිනිත්තුවේම නොවුනත්, ඔවුන් හැම දාමත් ඔවුනොවුන්ට ආදරය කරනු ඇති බවයි.

#BeesasSahaRamona #GangaNiroshiniSuduwalikanda #බිවර්ලික්ලේරි #LamaPoth #LamaKatha

 

කරදරකාර රමෝනා

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ramona The Pest (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Little House Publishers (Private) Limited

Frist Edition 2019

ISBN 978-624-5173-01-03

220 Pages

ඔන්න ඔන්න රමෝනා එනවා!

රමෝනා කුම්බි ට බාලාංශ පන්තිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය. ඈ ඩේවි නම් කුඩා පිරිමි ළමයාට කොතරම් කැමති වීද යත්, ඔහු සිපගන්නට ඈට ඔ්නෑ විය. ඈ සූසන්ගේ ලස්සන කොණ්ඩ කැරලිවලට කොතරම් ආස කළාද යත්, බෝයිං ගා පනින අයුරු බැලීම සඳහා ඒ කොණ්ඩ කැරලිවලින් අදින්නට ඈට ඔ්නෑ විය. නිශ්චලව වාඩිවී සිටියොත් ඈට ‘ ප්‍රසන්ට් ’ එකක් දෙන බව පවා ඇගේ ගුරුතුමිය කීවාය! ඉතින් රමෝනා කොහෙත්ම ප්‍රශ්න ඇති කරගන්නට යන්නේ නැත. ඈ කිසිදාක හිතමතා කරදරකාරියක වන්නේ නැති බව රමෝනා ගැන දන්නා හැම දෙනාම දැන සිටියහ.

#KaradarakaraRamona #GangaNiroshiniSuduwalikanda #බිවර්ලික්ලේරි #LamaPoth #LamaKatha

 

එඩිතර රමෝනා

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ramona The Brave (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Little House Publishers (Private) Limited

Frist Edition 2019

ISBN 978-624-5173-02-0

184 Pages

එඩිතර ව සිටිම පූර්ණ කාලීන රැකියාවකි.

අඩුම තරමින්, දවල් කාලයටවත් තමාට ම කියා අලුත් නිදන කාමරයක් ලැබීම ගැන රමෝනා මහත් සතුටට පත් වී සිටියි. රෑ කාලයේ දී, අවතාර වැනි, ඇටකටු නැති ගෝරිල්ලන් දොර යටින් රිංගාගෙන එන විට නිර්භීත ව සිටිම පහසු වැඩක් නොවේ. ඊළඟට, පාසලට යන අතරමග දී රමෝනා ගේ සපත්තුව සොරාගෙන ගිය ලොකු, නපුරු බල්ලෙකුට ද ඈ මුහුණ දිය යුතු වෙයි. පළමුවැනි ශ්‍රේණියේ සිටින වෙනත් ළමයකු නම් හොඳට ම බිය වනු ඇත. එහෙත් රකුසන්ට සහ බල්ලන්ට රමෝනා ව ලේසියෙන් බය කරන්නට හැකි වන්නේ නැත!

#EditharaRamona #GangaNiroshiniSuduwalikanda #බිවර්ලික්ලේරි #LamaPoth #LamaKatha

 

රමෝනා සහ ඇගේ තාත්තා

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ramona and her Father (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Little House Publishers (Private) Limited

Frist Edition 2019

ISBN 978-624-5173-03-7

187 Pages

කුම්බි නිවසේ කරදර.

තාත්තාට රැකියාව අහිමි වී ගිය විට, රමෝනා, පවුලේ අයට උදව් වන්නට තීරණය කරයි. රූපවාහිනී වෙළඳ දැන්වීමක පෙනී සිටීමෙන් සමහර විට ඈට ඩොලර් මිලියනයක් උපයා ගන්නට හැකි වනු ඇත. නැතිනම් මුදල් ඉතිරි කරගැනීම සඳහා තාත්තා ගේ දුම්බීම නවත්වා ගන්නට ( එසේම ඔහුගේ පෙනහළු බේරා ගන්නට ) ඈට හැකි වනු ඇත. ඇගේ සිතේ නොයෙක් අදහස් පිරී තිබේ. සමහර අදහස් හරි යයි. සමහර අදහස් වරදියි. එහෙත් ඩොලර් මිලියනයකට තමාව හුවමාරු කර නොගන්නා බව තාත්තා කියන විට, තමාගේ ලෝකයේ සියල්ල සතුටුදායක බව රමෝනා තේරුම් ගනියි.

#RamonaSahaAgeTatta #GangaNiroshiniSuduwalikanda #බිවර්ලික්ලේරි #LamaPoth #LamaKatha

 

රමෝනා සහ ඇගේ අම්මා

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ramona and her Father (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Little House Publishers (Private) Limited

Frist Edition 2020

ISBN 978-624-5173-13-6

226 Pages

ලොකුත් නැති, පොඩිත් නැති ළමයෙකු වී සිටීම කොතරම් අසීරු ද?

කුම්බි මහතාට අලුත් රැකියාවක් ලැබී ඇති අතර, අම්මාත්, තාත්තාත් දෙදෙනා ම රැකියාවට ගොස් සිටින අතරේ තනි ව ම නිවසට වී සිටින්නට රමෝනා තව ම පොඩි වැඩි ය. එබැවින් පාසල නිම වූ පසු ඈ හෝවි ගේ නිවසට යන අතර, එහි සිටින කරදරකාර විලා ජීනා සමඟ ළදරු සෙල්ලම්වල යෙදෙන්නට ඈ දැන් ලොකු වැඩිය. වැඩුණු ළමයෙකු මෙන් හැසිරෙන්නට ඈ උත්සහ කරන නමුත්, ඈ ට ඇත්තට ම ඔ්නෑ වී ඇත්තේ, නාසය පොපියවා ඉස්සර මෙන්, ඇගේ අම්මා ගේ පුංචි හා පැටියා වී ඉන්නට පමණි. ඈ ට සදහට ම අම්මා ගේ පුංචි දුව වී ඉන්නට බැරි ද?

#RamonaSahaAgeAmma #GangaNiroshiniSuduwalikanda #බිවර්ලික්ලේරි #LamaPoth #LamaKatha

 

රමෝනා කුම්බි, වයස අවුරුදු 8 යි

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ramona Qumby Age 8 (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Little House Publishers (Private) Limited

Frist Edition 2020

ISBN 978-624-5173-14-3

239 Pages

සෑම දෙයක ම වගකීම පැවරී ඇත්තේ රමෝනා ට ය.

දැන් තුන්වැනි ශ්‍රේණියේ සිටින රමෝනා අලුත් පාසලකට යන අතර, ඈ ට අලුත් මිතුරු මිතුරියන් හඳුනාගන්නට ලැබෙයි. රමෝනා, අම්මා රැකියාවට ගොස් සිටින අතරේ, පාසලෙන් පසු ඈ ව බලාගන්නා කෙම්ප් මහත්මිය සමඟ සහයෝගයෙන් වැඩ කර, විලා ජීන් සමඟ සෙල්ලම් කළ යුතු ය. කුම්බි මහත්මිය රැකියාවට නොගියොත්, කුම්බි මහතා ට යළිත් සරසවියට යෑමට නොලැබෙනු ඇත. ඒ අතරේ, තුන්වැනි ශ්‍රේණිය රමෝනා බලාපොරොත්තු වූ තරම් සුන්දර තැනක් වන්නේ ද නැත.

#RamonaKumbiWayasaAurudu8 #GangaNiroshiniSuduwalikanda #බිවර්ලික්ලේරි #LamaPoth #LamaKatha

 

සදහටම රමෝනා

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ramona Forever (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Little House Publishers (Private) Limited

Frist Edition 2020

ISBN 978-624-5173-16-7

235 Pages

ඊළඟට සිදු වන්නේ කුමක් ද?

හෝවි කෙම්ප් ගේ අබිරහස් බාප්පා සවුදි අරාබියේ සිට පැමිණි මොහොතේ පටන් රමෝනා ගේ ජීවිතය වෙනස් වෙයි. රමෝනා ගේ අම්මා රහස් දුරකතන සංවාදවල යෙදෙයි. අතුරුපස කෑම නතර කරයි. බී පුංචි ද රහසක් සඟවාගෙන සිටියි. පුදුම වන්නට කාරණා කොතරම් තිබුණත්, ප්‍රීතියෙන් සිටින, අන් අයට උදව් කරන ළමයකු වීම රමෝනා ගේ අධිෂ්ඨානයයි. ඈ ප්‍රියමනාප, එඩිතර හෝ ඇතැම් වේලාවට මෝඩ අපරීක්ෂාකාරී වැඩ කරන දැරියක වුවත්, ඈ හැමදාමත් අපුරු රමෝනා යි – සදහට ම!

 

#SadahatamaRamona #GangaNiroshiniSuduwalikanda #බිවර්ලික්ලේරි #LamaPoth #LamaKatha

 

රමෝනාගේ ලෝකය

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Ramonas World (by Beverly Cleary) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Little House Publishers (Private) Limited

Frist Edition 2020

ISBN 978-624-5173-19-8

253 Pages

හොඳ ම අවුරුද්ද

හතර වැනි ශ්‍රේණියේ ගත කරන අවුරුද්ද හොඳ ම අවුරුද්ද වන්නට යන බව රමෝනා සිතාගෙන සිටි නමුත්, එය ඈ සිතුවාට වඩා දුෂ්කර අවූරුද්දක් බව ට පත් වෙයි. ඈ නිවැරදිව අකුරු ලියන්නට උගෙන ගන්නේ කෙසේද? ඇගේ අම්මා අපේක්ෂා කරන පරිදි, කුඩා නැගණිය රොබර්ටා ට පරමාදර්ශයක් වන්නේ කෙසේ ද? හතර වැනි ශ්‍රේණියේ ජීවිතය වික්‍රමාන්විත ක්‍රියාවලින් සහ අභියෝගවලින් පිරී තිබේ. ඒ සියල්ල අවසානයේ සමරන්නට “ සීරෝටින් ” උපන් දිනයක් ද තිබේ!

#RamonageLokaya #GangaNiroshiniSuduwalikanda #බිවර්ලික්ලේරි #LamaPoth #LamaKatha

 

Weight 1.705 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රමෝනා කථා මාලාව”

Your email address will not be published. Required fields are marked *