,

රංග කලා ප්‍රවේශය

රු1,200.00

  • Author : රන්ජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publisher
  • Fifth Batch 2017
  • ISBN 978-955-1300-46-3
  • 208 Pages

Availability: 2 in stock

Author : රන්ජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publisher

Fifth Batch 2017

ISBN 978-955-1300-46-3

208 Pages

 

නාට්‍ය හා රංග කලාව (Drama & Theatre) විෂය අළලා ලියන ලද මෙම ග්‍රන්ථයේ නවතම මුද්‍රණය මෙය යි. ජාතික අධ්‍යාපන ආයතනය මඟින් උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය වෙනුවෙන් පරිශීලන ග්‍රන්ථයක් ලෙස නිර්දේශ කර තිබීම හා මෙම විෂය අළලා ලියන ලද ප්‍රාමාණික ග්‍රන්ථයක් ලෙස විද්වතුන් විසින් සම්මත කරනු ලැබීම, මෙම මුද්‍රණය බිහි වීමට හේතු සාධක වූ බව කිව මනා ය.

නාට්‍ය නිෂ්පාදනය හා වේදිකා ශිල්පය පිළිබඳ ව ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ අත් පොත් සුලභ වුව ද, එ බදු ග්‍රන්ථයක් තවමත් සිංහල පාඨකයා අතට පත් වී නොමැත. ‘රංග කලා ප්‍රවේශය: විමර්ශනාත්මක අධ්‍යයනයක්’ නමැති මෙම ග්‍රන්ථය එම ඌනතාව පිරිමසාලීම සඳහා සම්පාදනය වූවකි.

නාට්‍යයක පෙළ තෝරා ගැනීමේ සිට නිෂ්පාදනය දක්වා නිර්මාණ ක්‍රියාවලිය ද නාට්‍ය සංවිධානය, කළමනාකරණය, මේ රට රංග ශාලා ඉතිහාසය , රංග ශාලා වාස්තු විද්‍යාව, අංගාලෝකය පිළිබඳ ඉතිහාසය හා වේදිකා ශිල්පය වැනි විෂය කරුණු පුළුල් වශයෙන් මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.

මෙම කතුවරයා විසින් සම්පාදිත නාට්‍ය ශිෂ්‍ය හා ශික්ෂණ යන දෙපාර්ශවයේ ම ඉමහත් ප්‍රසාදයට පාත්‍ර වු ‘නාට්‍ය ප්‍රවේශය : විමර්ශනාත්මක අධ්‍යයනයක්’ නමැති ග්‍රන්ථය බෙහෙවින් ම නාට්‍ය පෙළ පක්ෂයට සීමා වූ අතර මෙම ග්‍රන්ථය එම විෂයෙහි ම රංග කලා පක්ෂය විමර්ශනයට ලක් කරයි.

#RangakalaPraveshaya #RanjithDharmakeerthi #SinhalaPoth #OnlineBooks

 

Weight 0.429 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රංග කලා ප්‍රවේශය”

Your email address will not be published. Required fields are marked *