, ,

යාබදව හිඳ

රු950.00

  • Author: කසුන් නිරංග ද සොයිසා
  • THE COUPLE NEXT DOOR (By Shari Lapena) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Prathibha Publishers
  • Second Batch 2020
  • ISBN 978-624-5152—18-6
  • 423 pages

Out of stock

Author: කසුන් නිරංග ද සොයිසා

THE COUPLE NEXT DOOR (By Shari Lapena) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Prathibha Publishers

Second Batch 2020

ISBN 978-624-5152—18-6

423 pages

 

…ඇය අත්වැලට තවත් බරවිය. ඇත්තටම මත ගත වැදුනා වැඩිය. නමුත් තව ටික දුරකි, පියවර කිහිපයකි. ඈන්,

මාර්කෝ පසුකර ඉස්සර විය. දැන් මේ පෙනෙනුයේ ඔවුන්ගේ පඩිපෙළය. ඉන්පසු අර තරමටම සුවිසල් වු එකම

මෝස්තරයේ ඉපැරණි දොර ය. ඈන් නිහඬව ඇවිද ගියා ය. මාර්කෝ සමග දොඩන්නට ඇයට ඇවැසි නැත. බාග දා,

මුළු රාත්‍රියේම ඔහු හා ඇය කතා නොකර හිඳිනු ඇත.

යුහුසුළුව අඩි තැබු පළමු පඩියේදී ගල්ගැසී නැවතී ගිය ඈ, නෙත් අයා කිසිවක් දෙස බලා හිදින බවක් පෙනිණි.

“ඇයි?” පිටිපසින් ආ මාර්කෝ ගේ හඬ ය. ඒ මත විශ්මය නොඑසේ වී නම් නොඉවසිල්ල මුසු වී ඇත.

ඈන් භ්‍රාන්තව බලා හිදින්නීය. මාර්කෝ ඈ ඇස් ඔස්සේ ඇස් ලීය. ඉදිරි දොර ඔහේ හැර දමා ඇත! දොර සහ

උළුවස්ස අතරත අඟල් හතරක පමණ හිඩැසකි. කවුරුත් නමුත් දොර විවර කර ඇත.

“ මට හොදටම මතකයි මං දොර අඟුළු දාලයි ආවේ මාර්කෝ” ඈන් සැලෙමින් පැවසුවා ය.

“ මං පුරුදු විදියට පස්සේ දොරෙන් ගියෙ ඈන්.  ඔයාට අමනක වුනා වත් ද ඈන් ? ඔයා ටිකක් අද වැඩිපුර බීලයි

හිටියේ”

ඈන් ඒ කිසිවක් කණ වැකෙන්නට කල් මරමින් හිඳ තිබුනේ නැත. ඇය වහා දිව ගියා ය. දොර දෙබෑ කල ඈ,

කොරි‌‌ඩෝවටත් ඉන්පසු විසිත්ත කාමරයටත්, එය පසු කර සිඟිත්තියගේ නිදන කාමරයටත් විදුලි වේයෙන්

දිව ගියා ය. මාර්කෝ ද ඇය පසුපසින්ම විය.

එලෙස කිරිකැටි සිඟිත්තියගේ හුරුබුහුට් කාමරය කඩා වැදි ඈ මුවින්,  මිනිස් ස්වරතන්ත්‍රයෙක කිසිකලෙක හෝ

නුපැද්දිය හැකි වු අති අමානුෂික වුත්, කන් බිහිරිකොට ඇට මිදුලු කිතිකැව්වා වූත්, විලාපයක් – මාතෘත්වයේ,

ඉපැරණි ශිෂ්ඨාචාරයන් හී යුග යුග සියවස් ගණනාවක අම්මාවරුන්ගේ විප්පයෝගයේ අදෝනාවේ දෝංකාරය

කැටි කරගත් විලාපයක් – නික්මෙනු , නිදිගත් යාබද නිවෙස්නයන් දෙදරවා ශ්‍රවණය විය!

 

#YabadawaHida #KasunNirangaDeSoysa #Pariwarthana #PariwarthanaNawakatha

Weight 0.530 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යාබදව හිඳ”

Your email address will not be published. Required fields are marked *