Author: ආනන්ද අමරසිරි
Lady of the Lotus (By William Edmund Barrett) කෘතියේ සිංහල පරිවර්තනය
Publisher: Sooriya Publishers
Fourth Batch 2020
ISBN 978-955-656-318-4
658 pages
සිද්ධාර්ථ – යශෝධරා ප්‍රේම පුරාවෘත්තය චිත්තාකර්ෂණීය වන්නා සේ ම, එය සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ
ආධ්‍යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ්‍යයන් දෙදෙනකු පිළිබඳ වෘත්තාන්තයක් ද වන්නේ ය.
පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජ කුමරා, ආත්ම විමුක්තිය සොයා යන අද්විතීය
ගමනක යෙදෙනු පිණිස පාරමිතාපූරිත ව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට
ප්‍රවේශ වෙයි. ධෛර්යසම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරිය ද තමාට අනන්‍ය වූ මාර්ගයක ගමන්
අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ්‍ර ද, ජනප්‍රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අද්භූත රීතියෙන්
බැහැර ව, යථාර්ථ රීතියෙන් පිහිටා, සිද්ධාර්ථ – යශෝධරා චරිත දෙක ප්‍රතිනිර්මාණය කරන විලියම් ඊ. බැරට්
කතුවරයා, ඒ සඳහා තමා කළ පර්යේෂණය ඇසුරින්, බුදු දහම, හින්දු දහම හා ඉන්දියාව පිළිබඳ ව ලියැවුණු
වෙළුම් 430ක් ඇතුළත් පුස්තකාලයක් ගොඩනැඟුණු බව ද, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ
ආනන්ද කුමාරස්වාමි ගේ අනුග්‍රහය මේ නිර්මාණ කාර්යයෙහි දී තමාට ලැබුණු බව ද සඳහන් කරයි.
#Yashodara #NelumMaleKumariya #AnandaAmarasiri #Pariwarthana #PariwarthamaNawakatha
Reviews
There are no reviews yet.