,

මෝදර මෝල

රු350.00

  • Author : රංජිත් ධර්මකීර්ති
  • Publisher : Sakila Publishers
  • Seventh Batch 2015
  • ISBN 978-955-1300-41-8
  • 119 Pages

Availability: 2 in stock

Author : රංජිත් ධර්මකීර්ති

Publisher : Sakila Publishers

Seventh Batch 2015

ISBN 978-955-1300-41-8

119 Pages

“ සමකාලීන සමාජ දේශපාලන ප්‍රශ්න විෂය කර ගනිමින් රචනා කරන ලද සිංහල නාට්‍ය අතර රන්ජිත් ධර්‍මකීර්ති ගේ ‘ මෝදර මෝල ’ විශේෂ ස්ථානයක් හිමිකර ගනී. හුදෙක් දේශපාලන ප්‍රතිචාරය සහ උදුඝෝෂණය සඳහා නාට්‍ය වේදිකාව යොදා ගැනීමට මෙන් ම සමාජ දේශපාලන ප්‍රශ්න නාට්‍යයට විෂය කර ගැනීම මුළුමණින් ම ප්‍රතික්ෂේප කිරීම යන ප්‍රවණතා දෙක ප්‍රබලව පැවති සමයක එම තත්ත්වය වෙනස් කරමින් සිංහල නාට්‍යය සඳහා නව සෞන්දර්ය විද්‍යාත්මක පදනමක් ගොඩනැගීමෙහි ලා දායක වූ නිර්මාණයක් ලෙස ‘ මෝදර මෝල ’ හැඳින්විය හැකිය.”

මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

“ඉකුත් දා වේදිකා ගත වූ ‘ මෝදර මෝල ’ වේදිකා නාට්‍ය නාට්‍යකරුවන් තුළ අපැහැදිලි සාකච්ඡාවකට බඳුන්ව තිබූ අර්බුදය පිළිබඳව නිසි විසඳුමක් වෙත මං විවෘත කළ, නාට්‍යකරුවන් තුළ පැවැති මන්දෝත්සාහී අකර්මරණ්‍ය වූ ස්වභාවය මඟහැර වූ සමාජ – ආර්ථික ප්‍රශ්න වේදිකාව මත ගැඹුරින් නිර්මාණාත්මක ව, යථාර්ථවාදී ව, ඉදිරිපත් කළ හැකි ය යන්න පිළිබිඹු කළ බුද්ධිමත් ප්‍රේක්ෂකයා ගේ බලාපොරොත්තුවක් ඉෂ්ට කිරීමට දැරූ විශිෂ්ට ප්‍රයන්තයක් ලෙස සඳහන් කළ යුතු ය. 

ආරියවංශ රණවීර – “ විවේචකයෝ හමුවෙති ” 1982.07.16

“ පවතින සමාජ යථාර්ථය ග්‍රහණය කොට එය සියුම් ව වේදිකාවට ගෙන එන්නට රන්ජිත් ධර්‍මකීර්ති                         ‘ මෝදර මෝල ’ තුළින් ගත් උත්සහය අප වඩාත් අගය කළ යුතුය. අද උග්‍ර වී ඇති සාරධර්‍ම පරිහානිය හා නව වෙළඳ රටාව විසින් බිඳ දමන ලද අපේ ජන ජීවිතයේ ශෝකාන්තය ‘ මෝදර මෝල ’ තුළින් අපට පෙන්වයි.”

ගාමිණි සුමනසේකර – “ දිවයින ඉරිදා සංග්‍රහය ”

#ModaraMola #RanjithDharmakeerthi #Sinhalapoth 

 

Weight 0.170 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මෝදර මෝල”

Your email address will not be published. Required fields are marked *