, , ,

මේ ඒ කතා

රු350.00

  • Author: නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි
  • Publisher: Fast Publishing (Pvt) Ltd
  • First Edition 2017
  • ISBN 978-955-677-708-6
  • 195 Pages

Out of stock

Author: නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

Publisher: Fast Publishing (Pvt) Ltd

First Edition 2017

ISBN 978-955-677-708-6

195 Pages

නියෝජ්‍ය පොලිස්පති ධුරන්ධර ප්‍රියන්ත ජයකොඩි විසින් රචිත මෙම කෘතිය අතිශය විරල ගණයේ අත්දැකීම් සමුදායක ස්වරෑපය අවලෝකනය කරනු සඳහා පාඨක සමාජය වෙත කරනු ලබන හෘදයංගම ඇරියුමකි.

මෙම කෘතියේ අඩංගු ලිපි මාලාවට පාදක වී ඇත්තේ කතුවරයාගේ රාජකාරීමය අත්දැකීම් ගොන්නකි. විටෙක එය ගවේෂණාත්මක අත්දැකීමකි. තවත් විටෙක සුන්දර මතක සැමරුමකි. ආකර්ශනීය සංචාරාත්මක වියමනකි. නොඑසේ නම් රට කැළඹූ අබිරහසක හෙළිදරව්වකි. මෙහි කතුවරයා, තමා පෞද්ගලිකව අත්දුටු මේ දුලබ එමෙන්ම, විවිධාකාර අත්දැකීම් සමූහය වටා එතුණු රළු රාජකාරීමය කඩතුරාව ඉවතලමින් මනා සංයමයකින් ඒවා නිර්මාණාත්මක රචනා බවට පෙරළනුයේ පරිකල්පන ශක්තියෙන් පෝෂිත ශුර ප්‍රබන්ධකරුවකුගේ කුසලතාව විශද කරමිනි. එමෙන්ම මුළු කෘතිය පුරා පාඨක විශ්වසනීයත්වය ද රඳවා ගනිමිනි. එබැවින් අප මේ කියවන්නේ හුදු සත්‍ය කතා අඩංගු කෘතියක් වුව ද, එය නිර්මාණාත්මක කෘතියක් තරමට රසවත් යැයි අපට හැ‍ඟේ. මෙම ලිපි සංග්‍රහයෙහි අපූර්වත්වය වනුයේ ද එයයි.

‘මේ ඒ කතා’ ආස්වාදජනක කතා මාලාවක් බව කියනු රිසියෙමු.

නීල් විජේරත්න

#MeEakatha #PriyanthaJayakody #SinhalaPoth

Weight 0.233 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මේ ඒ කතා”

Your email address will not be published. Required fields are marked *