, ,

මෙහෙරුනීසා

රු1,100.00

  • Author: තෙසාරා ජයවර්ධන
  • THE TWENTIETH WIFE (By Indu Sundaresan) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: KSP Publishers
  • First Edition 2020
  • ISBN 978-955-4635-38-8
  • 420 Pages

Out of stock

Author: තෙසාරා ජයවර්ධන

THE TWENTIETH WIFE (By Indu Sundaresan) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: KSP Publishers

First Edition 2020

ISBN 978-955-4635-38-8

420 Pages

 

ස්ත්‍රීන් අතර සූර්යා බඳු තැනැත්තිය යන අර්ථයෙන් යුතු මෙහෙරුනීසා යන නම දැරූ ඇය, සලීම් කුමරු එසේත් නැතිනම් බලසම්පන්න මෝගල් අධිරාජ්‍යයෙකු වූ ජහන්ගීර් අධිරාජ්‍යායාගේ අග්‍ර මහේෂිකාව වීමෙන් පසු ලොවම ආලෝකවත්කරන්නිය යන අර්ථයැති නූර් ජහන් (1577 – 1645) නමින් රාජ්‍ය පාලන කටයුතුවල නිරත වූවාය.

පුරුෂ මූලික සමාජයක ගැහැනියක සතු ස්ථානය සහ ගෞරවය සිය ස්වාමි පුරුෂයාගේ තත්ත්වය මත රඳා පැවති මෝගල් සමයෙහි නිසඟ බුද්ධිය. දක්ෂතාවය සහ අධිෂ්ඨානශීලී ආත්ම විශ්වාසයකින් යුතුව 17 වැනි සියවසේදී කැපී පෙනුණු ඉතාමත් ප්‍රබල අධිරාජිනියක් ලෙස ඇගේ නම මෝගල ඉතිහාසයේ ලියවී ඇත. මේ සුවිශිෂ්ට දේශපාලන සහ යුධ මූලොපායිකාව සහ රාජ්‍ය තාන්ත්‍රිකවරිය ඉන්දියාවේ ජීවත් වූ අතිශය රූමත් කාන්තාවන්ගෙන් අයකු ලෙසද, ඉතිහාසගතවී ඇත.

සලීම් කුමරු නොහොත් ජහන්ගීර් අධිරාජයාගේ විසි වන අගමෙහෙසිය වූ, සරණාගතයින් යුවලකගේ දියණියක වන මෙහෙරුනීසාගේ ජීවිත කතාව සහ ඇගේත් සලීම් කුමරුගේත් ආන්දෝලනාත්මක ආදර අන්දරය ඇසුරෙන් ලියැවුණු The Twentieth Wife කෘතිය මේ වන විටත් ලෝකයේ භාෂාවන් විසි පහකට පමණ පරිවර්තනය වී ඇති අතර පිටපත් මිලියන ගණනක් අලෙවි වූ කෘතියකි. ඉන්දියාවේ ජනප්‍රිය Siyasaat කතා මාලාවට පාදක වී තිබෙන්නේද ඉන්දු සුන්දරේසන් විසින් රචිත මෙම කෘතියයි.

 

#ඉන්දුසුන්දරේසන් #InduSundaresan #Meherunisa #meheruneesa #Pariwarthana #PariwarthamaNawakatha

Weight 0.480 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මෙහෙරුනීසා”

Your email address will not be published. Required fields are marked *