Author: රංජන් ධර්මකීර්ති
Publisher: Sakila Publisher
Second Batch 2018
ISBN 978-955-1300-53-1
180 Pages
‘ මැද මහල, ’ මෙම කතුවරයා විසින් රචිත ‘සත් මහල’ නවකතාවේ ම දිගුවකි. හැටේ දසකයේ උඩරට පළාතේ ජීවත් වූ වැඩවසම් චින්තනය හා ගතානුගතික ආකල්ප කරපින්නා ගත් ලොකු නිලමේ ප්රමුඛ වංශක්කාර පවුලක චරිත, ‘සත් මහල’ නවකතාවට පාදක විය.
හැත්තෑව දසකය, මෙ රට සමාජ – ආර්ථික හා සංස්කෘතික ජීවිත කෙරෙහි පෙරළිකාර බලපෑමක් ඇති කළ යුගයකි. එම කාලයේ දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව හා 1971 දී ඇති වූ තරුණ කැරැල්ල, ‘ මැද මහල ’ නවකතාවට පසුබිම් වෙයි.
එම වකවානුව තුළ, දේශපාලන සුළි සුළඟට හසුවුණු අමුණුගොඩ පවුලේ චරිතයෝ ද එම සුළඟින් කැරකී ඇඹරී යති. ඊට හසු වූ අමුණුගොඩ වලව්වේ චරිතවල මානව චර්යාවන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් විවරණය කරන කතුවරයා, කාලීන සමාජ දේශපාලන යථාර්තය කෙරෙහි ද මෙම නවකතාවෙන් එබී බලයි.
#MadaMahala #RanjithDharmakeerthi #SinhalaPoth #SinhalaNawakatha
Reviews
There are no reviews yet.