Author – සුනිල් කුසුම්සිරි
Publisher – Fast Publishes
Third Edition 2022
ISBN 978-955-7560-29-8
387 Pages
සුනිල් කුසුම්සිරි නම් වූ මේ වෘත්තියෙන් මිනින්දෝරුවරයෙකු වන ලේඛකයා ඉතා සරලව, රසවත්ව ලියයි. මොහුගේ අපූරු බස් වහර මේ කෘතිය දර්ශනීය හා ආශ්වාදනීය නිර්මාණයක් කරයි.
‘මිනින්දෝරුවරයා’ මෙරට ජන සමාජය තුළ සමාජ ගත වූ ඓතිහාසික චරිතයකි. මෙම කෘතිය සියවස් දෙකකට අධික කාලයක් පුරා මෙරට හැම බිම් අඟලකම පය ගැසු මිනින්දෝරුවරයාගේ වෘත්තීය ජීවන රටාවේ කැපකිරීම හා අභියෝගයන් මෙම රසමුසු තැන් ද ත්‍රාසය හා භීතිය මුසු අත්දැකීම් පිළිබඳව කෙරෙන චමත්කාරජනක වර්ණනයකි.
මොහු විවිධ යුගවල සැරිසැරූ සිය සහෘද්ධ වෘත්තිකයන්ගේ අත්දැකීම් රස විඳියි. ඉන් අනතුරුව මොහු ඒ රස විඳීම් ලෝකයා හමුවේ තබයි. ඇත්තෙන්ම මෙය වියැකී ගිය මිනින්දෝරු ශිෂ්ටාචාරයක් ගැන ලියවුණු රසාලිප්ත සිනමා සිතුවම් පටයක් බඳුය. මිනින්දෝරු වෘත්තිකයන් පිළිබඳව මෙවන් ආකාරයේ ග්රන්ථයක් මීට පෙර කිසිදා ලියවී නොමැත. මෙය මේ ඉතිහාසයේ පළමු වැන්න විය යුතු ය.
මොහු මිනින්දෝරු දෙපාර්තමේන්තුවට එක්වූයේ ‘රජයේ මිනින්දෝරුවරයෙකු’ ලෙස ය. රාජ්‍ය සේවයෙන් කල් ඇතිව විශ්‍රාම ගත් මොහු පෞද්ගලික සේවයේ යෙදෙන්නේ ය. අද වන තෙක් දශක තුනකට ආසන්න කාලයක් පුරා ගෙවුණු මොහුගේ වෘත්තීය ජීවිතය තුළ මොහු මිනින්දෝරු දෙපාර්තමේන්තුව ගැනත්, “මිනින්දෝරු වෘත්තිකයන්” ගැනත් ජාතික පුවත්පත්වලට අගනා ලිපි ලියූවේය. මොහු ඒ තුළින් සිය වෘත්තියට මාහැගි සේවයක් කළේය.
සුනිල් කුසුම්සිරි මගේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වූ අතර මගේ ප්‍රියතම ශිෂ්‍යයෙක් ද විය.
පී. එම්. පී. උදයකාන්ත ,සර්වේයර් ජනරාල්, 2016 සැප්තැම්බර් මස දීය
#Maimgala #SunilKusumsiri #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.