මරණයේ දොරටුව ( හිට්ලර්ගේ මිනීමරු කම්හල තුළදී වෛද්‍යවරයෙකු ඇසින් දුටු සාක්ෂි)
Author: රංජිත් කුරුප්පු
Auschwitz “A Doctor’s Eye witness (by Dr. Miklos Nyszli ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Fast Publishing (pvt) Ltd
Fifth Edition 2020
ISBN 955-1188-55-6
216 Pages
වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය ලෝක වේදිකාව මත රඟ දක්වමින් සිටියහ. මුළු ලෝකයටම ගිනි තබන ලද ඔවුහු අද ඔවුන්ගේම ගිනිමැලයට වැටී දැවීයමින් සිටින්නෝය. දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද “Deautshland, Deautschland, uber alles” “ලෝකයේ උතුම් ම ජාතිය ජර්මනියයි” යන ආඥාපතියාගේ වියරු හඬත් සමඟ ඔහු අද පොළොව යට ඇති බංකරයකට වී ගැහෙමින් සිටින්නේ ය. අහංකාරෝන්මාදයෙන්, ආඩම්බරයෙන් වැජඹුණ නාසි රාජ්‍යයට විරුද්ධව, මුළු ලෝකයම එකතු වී නිදහස සඳහා කරන ලද වීරෝදාර සටනින් සහතික වශයෙන්ම නාසි රාජ්‍යයේ බළ බිඳ දමා ඇත.
#MaranayeDoratuwa #RanjithKuruppu #SinhalaPoth #SinhalaParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.