උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප + අධිමානසිකලාභීන් හා පරා මනෝ විද්‍යාව + ප්‍රායෝගික මනෝ විශ්ලේෂණය
සාමාන්‍ය මිල – රු. 1580/=
අපේ මිල – රු. 1501/=
උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප
Author : ආචාර්ය සමුද්‍රා සෙනරත්
Publisher : Sooriya Publishers
First Edition 2021
ISBN 978-955-656-620-8
154 Pages
ආචාර්ය සමුද්‍රා සෙනරත්, කොළඹ විශ්වවිද්‍යාලයේ, අධ්‍යාපන පීඨයේ, අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ උපදේශන මනෝවිද්‍යා සහ අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගැන්වීම පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියකි. ඇය විසින් එළි දක්වන ලද මෙම කෘතිය පිළිබඳ හැඳින්වීමක් ලිවීම පිළිබඳ සතුටුවන්නේ ඇයගේ “ උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප” කෘතිය උපදේශන මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයට ඉමහත් ලෙස දායක වන නිසාය. 21 වන ශතවර්ෂය ආරම්භයත් සමඟ වේගයෙන් විද්‍යාව හා තාක්ෂණය දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස ජන සමාජයෙහි සරල ලෙස ජීවත් වූ මිනිසා සංකීර්ණ සමාජයකට අවතීර්ණය වීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසාගේ මානසික සෞඛ්‍ය බිඳවැටීමකට ලක්ව ඇති බව වර්තමාන සමාජයෙන් පෙන්නුම් කරයි. ඒනම් මානසික රෝග, ගැටලු, පවුල් ආශ්‍රිත අර්බුද, සියදිවි නසාගැනීම්, ව්‍යසනවලට ලක්වීම හා ආශ්‍රිත ගැටලු, උග්‍ර වෙමින් පවතී. මෙවැනි ගැටළු නිරාකරණය සහ මානසික සෞඛ්‍ය ගොඩනැංවීම උදෙසා උපදේශන මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ සහාය වර්තමාන සමාජයට දැඩි ලෙස අවශ්‍ය වී ඇත. උපදේශන මනෝවිද්‍යා පාඨමාලා හදාරණ විද්‍යාර්ථීන්ට සහ ප්‍රායෝගිකව උපදේහනයේ නියැලෙන වෘත්තීය උපදේශකවරුන්ට මෙම ග්‍රන්ථයේ අන්තර්ගත ඥාන සම්භාරය අතිශයින්ම වැඩදායි වනු ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීම මඟින් අදාළ විෂය ක්ෂේත්‍රයෙහි අන්නතිය වෙනුවෙන් කතුවරිය විසින් ගන්නා ලද උත්සහය බෙහෙව්න් අගයකොට සලකමි.
මහාචාර්ය සුසීමා වැලිගමගේ, වාණිජ සහ කළමනාකරණ අධ්‍යයන පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය.
#UpadeshanaManowidyaweMulikaSankalpa #SamudraSenarath #Manowidyawa
අධිමානසිකලාභීන් හා පරා මනෝ විද්‍යාව
Author : රංජන කුමාර් අන්ද්‍රාදි
Publisher : Samanthi Publishers
New Batch 2018
ISBN 978-955-084-216-2
140 Pages
“මෝහනයේ හාස්කම් ග්‍රන්තය ලියා ප්‍රකාශයට පමුණුවාලීමෙන් රංජන කුමාර් අන්ද්‍රාදී සිංහල පාඨකයාට විශාල සේවයක් කර ඇත”
දිවයින – 1990 ජුනි 21
“මෙය ස්වාපන විද්‍යාව(මෝහන) පිළිබඳව මෙතෙක් සිංහලෙන් ලියැවී ඇති ඉතාමත් සවිස්තරාත්මක කෘතිය වශයෙන් ද හැදින්විය හැකිය.”
කල්පනා -1998 ජනවාරි කලාපය
“නවීන මෝහන විද්‍යාව පිළිබඳ මෙම ග්‍රන්තය ලියා පල කිරීමෙන් රංජන කුමාර් අන්ද්‍රාදි සිංහල උගතුන්ගේ මනෝවිද්‍යාව පිළිබඳව ඥාණ සම්භාරය දියුණු කිරීමට කර ඇත්තේ වටිනා සේවයකි”
දිනමිණ -1987 සැප් 10
“සිංහලෙන් පලවූ ප්‍රථම මෝහන නැතහොත් ස්වාපන විද්‍යා ග්‍රන්තය වූ මෝහනයේ හාස්කම් එම විෂය පිළිබඳ දැනගතයුතු සියළු කරුණු ගොනු කර සරල බසින් ලියූ ග්‍රන්තයකි”.
“අන්ද්‍රාදි මහතා සෑහෙන්න වෙහෙසක් දරා අදාළ ඉංග්‍රීසි භාෂාවෙන් පොත් පත් හදාරා ඉන් ලත් ඥාණ සම්භාරය කෙටි කර සිංහල පාඨකයාට මෝහන විද්‍යාව පිළිබඳ හොඳ දැනීමක් ලබා දීමට ගන්නාලද උත්සාහය ප්‍රශංසනීය වේ”.
ඉරිදා දිවයින -1990 සැප්.30
#AdhimanasikaLabinHaParaManoWidyawa #RanjanaKumarAndradi #SinhalaPoth #ManoWidyawa
ප්‍රායෝගික මනෝ විශ්ලේෂණය
Author : සුගත් කංකානම්ගේ
Publisher : Samanthi Publishers
First Edition 2021
ISBN 978-624-5442-60-7
160 Pages
මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන සිය රෝගීන් සමඟ දීර්ඝ කාලයක් කටයුතු කිරීමේදී ඔවුන්ගේ මානසික රෝග විෂයයෙහි බලපවත්නා වූ හේතු අනාවරණය කර ගැනීමට සිග්මන් ප්‍රෝයිඩ් සමත් විය. මෙකී හේතු පුද්ගල පෞරුසය හා සමීප ලෙස බැඳී පවතින බව හෙතෙම තව දුරටත් අනාවරණය කර ගත්තේය. මෙවන් රෝගීන් සඳහා වන ප්‍රතිකාර ප්‍රවේශයේදී ඔවුන්ගේ මානසික පීඩාවට අදාළ වන්නාවූ මානසික සාධක අනාවරනය කර ගත යුතු විය. ඒ සඳහා ඔවුන්ගේ මනස වඩාත් ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු වේ.
පුද්ගල ස්වරූපය නිසි ලෙස හඳුනා ගැනීම සඳහා මනෝ විශ්ලේෂණය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මානසික රෝග චිකිත්සාවේදී වෘත්තිකයින් විසින් එය භාවිතයට ගනු ලැබේ.
මනෝ විශ්ලේෂණය යනු කුමක්ද යන වගත්, එහි ස්වරූපය සහ භාවිතය පිළිබඳවත්, ප්‍රායෝගික වශයෙන් එය උපයෝගි කර ගන්නා ආකාරයත් පිළිබඳව මෙම කෘතියෙහි සවිස්තරාත්මක ලෙස කරුණු අන්තර්ගතය. අත්වැරදීම්, කටවැරදීම්, සිහින, විවිධ වූ කායික චර්යාවන් ආශ්‍රය කර ගනිමින් පුද්ගල අනිවරණය කර ගන්නා ආකාර මෙහි සංගෘහිතය. පුද්ගල මනස සහ ලිංගික ජීවිතය සමඟ පවත්නා වූ දැඩි සම්බන්ධතාවය පිළිබඳවත් එය ඇසුරු කර ගනිමින් මනස විශ්ලේෂණය කර ගනු ලබන ආකාරත් පිළිබඳ තොරතුරු මෙහි සඳහන්ව තිබේ.
මනෝ විශ්ලේෂණයෙහි ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව සිංහල භාෂාව පරිශීලනය කරනු ලබන පාඨකයින් සඳහා බෙහෙවින් වැදගත් කරුණු මෙහි අන්තර්ගතව තිබේ.
#PrayogikaManowidyaWishleshanaya #SugathKankanamge #SinhalaPoth
Reviews
There are no reviews yet.