,

මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යායන්

රු750.00

  • Author : සමුද්‍රා සෙනරත්
  • Publisher : Sarasavi Publishers
  • First Edition 2021  
  • ISBN 978-955-31-2238-4
  • 199 Pages

Out of stock

Author : සමුද්‍රා සෙනරත්

Publisher : Sarasavi Publishers

First Edition 2021  

ISBN 978-955-31-2238-4

199 Pages

ආචාර්ය සමුද්‍රා සෙනරත්, කොළඹ විශ්වවිද්‍යාලයේ, අධ්‍යාපන පීඨයේ, අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ උපදේශන මනෝවිද්‍යාව සහ අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගැන්වීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. ඇය වසර විස්සකට වඩා වැඩි කාලයක් ප්‍රායෝගිකව උපදේශනයේ නියැළෙමින් සිටී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ විශේෂ ගෞරව උපාධිය ලබා ගත් ඇය, කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරීය. ඇයගේ විදේශීය අධ්‍යාපනය ලෙස එංගලන්තයේ බ්‍රිස්ටල්හි බටහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනපති උපාධිය සහ ජර්මනියේ ලයිෆ්සිස් විශ්වවිද්‍යාලයෙහි මනෝප්‍රතිකාර හා උපදේශනයේ ප්‍රායෝගිකව යෙදෙමින් සහ ඒ පිළිබඳ පර්යේෂණයන්හි නිරත වෙමින් ස්වභාවික විද්‍යා ගණයට අයත්ව මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ගෞරව සම්මාන සාමර්ථ්‍යයක් සහිතව හිමි කර ගත්තාය.

කතුවරිය විසින් රචිත “මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යායන්” නම් මෙම කෘතිය උපදේශනයේ නියැළෙන සහ උපදේශන පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනයට ඉමහත් පිටිවහලක් වනු ඇත. ප්‍රායෝගික උපදේශනයේ දී උපදේශන න්‍යායන් පිළිබඳ දැනුම උපදේශකයාට උචිත ලෙස ප්‍රායෝගික අන්දමින් උපයෝගී කරගන්නා ආකාරය මෙම ග්‍රන්ථයෙහි මැනවින් පැහැදිලි කර තිබේ. ශ්‍රී ලාංකික සමාජය තුළ උපදේශන මනෝවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා ගන්නා ලද එක් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රන්ථය අගය කරමි.

මෙම ග්‍රන්ථය උපදේශන විෂය අධ්‍යයනයෙහි යෙදෙන්නන්ට පමණක් නොව, දරුවන්ගේ මනස හඳුනා ගැනීමට උත්සාහ කරන සෑම ගුරුවරයෙක් ම කියවා බැලිය යුතු වටිනා ග්‍රන්ථයක් ලෙස නිර්දේශ කරමි.

 මහාචාර්ය රාජා ගුණවර්ධන

හිටපු අංශ ප්‍රධාන අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යයනාංශය   

පීඨාධිපති

අධ්‍යාපන පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය 

 

#ManovidyathmakaUpadeshanaNyayan #SamudraSenarath #Manovidyava

 

 

Weight 0.238 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යායන්”

Your email address will not be published. Required fields are marked *