, , , ,

බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව

රු680.00

  • Author : ආචාර්ය කොග්ගල්ලේ විජිත හිමි
  • Publisher : Sooriya Publishers
  • Second Edition 2018
  • ISBN 978-955-656-057-2
  • 268 Pages

Availability: 1 in stock

Author : ආචාර්ය කොග්ගල්ලේ විජිත හිමි

Publisher : Sooriya Publishers

Third Edition 2022

ISBN 978-955-656-057-2

268 Pages

ත්‍රිපිටකය මූලාශ්‍ර කරගනිමින් බෞද්ධ මනෝ චිකිත්සාව  පිළිබඳව සහ බටහිර න්‍යායයන් උපයෝගී කරගනිමින් බටහිර මනෝ චිකිත්සාව පිලිබඳව ද පුළුල් වශයෙන් සාකච්ඡාකොට ඇති මෙම කෘතිය නූතන උපදේශන විෂය ක්ෂේත්‍රයට කළ මහඟු සේවයක් සේ අගය කළ හැකි ය. නවීන බටහිර වෛදය විද්‍යාව හැදෑරුවෙකු ලෙස මානසික ආතතීන් හා ප්‍රශ්නවලට විසඳුම්, සම්පූර්ණයෙන් එම ක්‍රමය තුළින් නොලැබෙන බැව් මාගේ හැඟීම යි. බෞද්ධ දර්ශනය මගින් අප රටේ,අප සංස්කාතියට උරුමකම් කියන අපගේ ජනතාවට තම මානසික ආතතීන්ගෙන් මිදීමට මග පෙන්වන කෘතියක් කිරීම වෙනුවෙන් ගත්කතුවරයන් වහන්සේට අපගේ පැසසුම් හිමිවිය යුතු ය. මෙය විශේෂයෙන් උපදේශන විෂය ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන ගුරු සිසු සැම  ගේ මන දොළ සපුරනු ඇත.

කැළණිය විහ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාදිය ගෞරව සාමාර්ථ සහිත ව සහ ශාස්ත්‍රපති උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශිෂ්ඨ සම්මාන සහිත ව සමත් මෙහි කතුවරයා එම විශ්වවිද්‍යාලයෙන් ම බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය ද, බෞද්ධ හා බටහිර මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද අවසන්කොට දැනට රුහුණු විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරයෙහි සේවය කරයි. 

කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව හදාරා දැනට රුහුණ විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි, උපාධි, සහ ඩිප්ලෝමා පාඨමාලාවන්හි කථීකාචාර්යවරයෙකු වශයෙන් ද සේවය කරන පූජ්‍ය කොග්ගල්ලේ විජිත හිමියන් විසින් රචිත මෙම කෘතිය උන් වහන්සේගේ ශාස්ත්‍රීය මගෙහි තවත් එක් විශිෂ්ඨ සලකුණක් පිළිබිඹු කරන්නකැ’යි කිව හැකි ය.

                                                                                                        උපකුලපති, මහචාර්ය සුසිරිත් මෙන්ඩිස්

                                                                                                                        රුහුණ විශ්වවිද්‍යාලය, මාතර.

#BauddaHaBatahiraManoChikithsawa #KoggalleVijithaHimi #SinhalaPoth #SamajaWidyawa

Weight 0.343 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බෞද්ධ හා බටහිර මනෝ චිකිත්සාව”

Your email address will not be published. Required fields are marked *