, ,

බ්‍රොන්ටේ සොයුරියෝ

රු500.00

  • Author: එන් .පී .විජේරත්න
  • Bronte Sisters (by Catherine Reef)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5519-27-9
  • 178 Pages

 

Out of stock

Author: එන් .පී .විජේරත්න

Bronte Sisters (by Catherine Reef)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-27-9

178 Pages

 

මෙතෙක් බිහි වූ වඩාත් ප්‍රචලිත හා මහජන ආදරය දිනාගත් ලේඛකයන් අතර බ්‍රොන්ටේ සහෝදරියන් ද සිටී. දහනව වැනි සියවසේ සම්භාව්‍ය නවකතා අතරට ඔවුන්ගේ ජේන් අයර් (චාලට්), වදරින් හයිට්ස් (එමලි) සහ ඇග්නස් ග්‍රේ (ඈන්) ද අයත් වෙයි.

සමහරවිට හද කම්පා කරවන මෙම යොවුන් වැඩිහිටි චරිතාපාදනයේදී එම සහෝදර සහෝදරියන්ගේ කැලඹිලි බහුල ජීවිත සහ ඔවුන් ජීවත් වූ පීඩාකාරී කාලය මෙහි මුල් පොතේ කතුවරිය වන කැතරින් රීෆ් විසින් මනාව ගවේෂණය කර ඇත.

මෙහි දැක්වෙන හැටකට අධික ඉතා වටිනා කළු සුදු සංරක්ෂිත ඡායාරූප බ්‍රොන්ටේ රසිකයන් විස්මයට පත් කරවන ඒවාය. එමෙන්ම චාලට් ඇගේ මිතුරියන් සමඟ කළ ලිපි හුවමාරුව, හැවෝර්ත් හි පටු වටපිටාවෙන් බැහැරව ලබාගත් වඩාත් පුළුල් අත්දැකීම්, ඇගේ චරිතාපදානය ලියූ නවකතාකාරිය වන එලිසබෙත් ගෑස්කල් දැන හඳුනා ගැනීම ඇතුළුව ඇගේ පුද්ගලික තොරතුරු මෙහි වැඩි වශයෙන් නිරාවරණය කර ඇත.

19 වන සියවසේ කාන්තා ලේඛිකාවන් සඳහා වූ සන්දර්භය සහ බ්‍රොන්ටේ සහෝදරියන් අන්වර්ථ නාමයන් යටතේ පමණක් සිය කෘති ප්‍රකාශයට පත් කිරීමට හේතු වූ කරුණු ද මෙහිදී විමසා බැලෙයි. එමෙන්ම ඈන් සහ චාලට් , චාලට්ගේ ප්‍රකාශකයාට තම අනන්‍යතාව හෙළි කළ හමුවීම පිළිබඳ අපූරු විස්තරයක්ද සහෝදරියන්ගේ නවකතාවල කෙටි , ප්‍රධාන සාරාංශ කීපයක් ද , සැබෑ ජීවිත අත්දැකීම් ප්‍රබන්ධයක් බවට පරිවර්තනය වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඉවහල්වන සාධක ද මෙයට ඇතුළත් ය. මෙම පොත නූතන ප්‍රබන්ධකරණයේ විශිෂ්ඨ පුරෝගාමින් වූ බ්‍රොන්ටේ සහෝදරියන් දෙස හෙලන ආකර්ශනීය බැල්මකි.

 

#BronteSoyuriyo #NPWijerathne #PariwarthanaPoth #OnlineBooks

Weight 0.228 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බ්‍රොන්ටේ සොයුරියෝ”

Your email address will not be published. Required fields are marked *