, , , ,

පසුනොබසිමි

රු480.00

  • Author : රන්ජිත් ධර්මකීර්තී 
  • Publisher : Sakila Publications
  • Third Edition 2020
  • ISBN 978-955-1300-64-7
  • 220 Pages

Availability: 4 in stock

Author : රන්ජිත් ධර්මකීර්තී 

Publisher : Sakila Publications

Third Edition 2020

ISBN 978-955-1300-64-7

220 Pages

 

2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් මෙම යොවුන් නවකතාව, එම වසරේ රජිත පුස්තක සම්මාන උළෙලේ අවසාන වටයට ද තේරුණි. මෙම කතුවරයා ලියූ යොවුන් සාහිත්‍ය කෘති පහ අතුරින් හතරක් ම රාජ්‍ය සම්මාන දිනා තිබීම විශේෂත්වයකි. “ යෞවන – වැඩිහිටි ” සාහිත්‍ය කියවන වයස් කාණ්ඩයට අයත් පාඨකයන් ගේ මනස්, යථාර්ථ ලෝකයට යොමු කරමින් චිත්ත ශක්තිය, උට්ඨාන වීර්යය වඩවන තේමාවක් මෙම යොවුන් නවකතාවට පාදක වෙයි.

ඇඹිලිපිටියට නුදුරු ගොවි ජනපදයක පදිංචියට ආ හේන් ගොවියකු ගේ පුතකු වන සාලියට ගමේ පාසලේ දී    මානවහිතවාදී ගුරුවරයෙකු හා ගමේ පන්සලේ උගත් හිමි නමක හමු වෙයි. එම සත්පුරුෂයන් ගේ මඟ පෙන්වීම යටතේ පොතපත කියවමින්, ධෛර්යයෙන් යුතුව වැඩ කිරීමෙන් ජයග්‍රහණ සාක්ශාත් කර ගන්නා සාලියගේ චරිතය පාඨකයා හමුවට පත්කරන්නේ ‘ මානිවත්ත අභික්කම ’  යන බුදුවදන ද සිහියට නඟමිනි. සරල රසවත් කතා පුවතක් කියවීමට ඉඩ සලසන කතුවරයා, යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන් තුළ ද චමත්කාරය දනවන නිර්මාණයක් ඉදිරිපත් කරයි.

#Pasunobasimi #RanjithDharmakeerthi #YounNawakatha

Weight 0.282 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පසුනොබසිමි”

Your email address will not be published. Required fields are marked *