Author: අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර
Publisher: Dayawansha Jayakody & Company
Second Batch 2018
ISBN 978-955-686-298-0
110 Pages
කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ විශේෂඥ වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ගෞරව සහිතව ලබාගත්තේය. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්(Diploma in legal Medicine), අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දර්ශන විශාරද (Doctor of Medicine) උපාධියත් ලබා ගන්නා ලදී. පසුව ඔහු කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයයේ සායනික සහ පර්යේෂණ ශිෂ්‍යත්වධාරියකු විය. හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකුද වේ..ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් රැසකට විශේෂාංග ලිපි රචකයකු වූ ඔහු “නිහඬ නොවූ සාක්ෂි” නමින් වූ ග්‍රන්ථ මාලාවක කතුවරයා වේ.
“තෙවැනි ඇස” නමැති රෑපවාහිනි ටෙලිනාට්‍ය මාලාව රචනයෙන් අධීක්ෂණයෙන් සහ ඊට රංගනයෙන්ද ඔහු දායක වී ඇත. ජාත්‍යන්තර අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සඟරා සහ පොත් රාශියකට පර්යේෂණ ලිපි සපයා ඇති ඔහු එවැනි සඟරා කිහිපයක කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරයි. පසුගියදා ඔහු ජාතික පර්යේෂණ සභාව මඟින් පිරිනමන ජාතික පර්යේෂණ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.
හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජපානය, ස්විට්සර්ලන්තය, තුර්කිය යන රටවල නීති/අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක කටයුතු සඳහා සමීපව සම්බන්ධ වී කටයුතු කර ඇත. අන්තර් ජාතික අධිකරණ වෛද්‍ය විද්‍යා සම්මන්ත්‍රණ සඳහා ඔහු ඉදිරිපත් කළ දේශන ජාත්‍යන්තර සම්මානවලට පාත්‍ර වී ඇත. දැනට ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙසත්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ සහ දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා ලෙසත් කටයුතු කරයි.
#NihandaNowuSakshi3 #SarathchandraKodikara #Sinhalapoth #AparadhaVidyaPoth
Reviews
There are no reviews yet.