Author: පුරාවිද්‍යා චක්‍රවර්ති, පුරාවිද්‍යා පර්යේෂණශූරි, පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමි
Publisher: Dayawansha Jayakody & Company
First Edition 2008
ISBN 978-955-551-576-4
168 Pages
මට පෙනෙන හැටියට අනුන්ගේ සොයාගැනීම් තමන්ගේ ලෙස දක්වන, පදවිවලින් වර්ණනා කරගන්නා මෝඝ පුරුෂයන් දැන් දැන් වැඩි වෙමින් පවතී. මීට පෙර ලංකාවේ කිසිඳු ශාස්ත්රවන්තයකු නොදුටු, මවිසින් අතගා බලා පිටපත් කර පළ කරන ලද සෙල් ලිපි තමන්ගේ නමින් දක්වන්නෝ ද මේ මෝඝයන් අතර සිටිති.
පසුගිය කාලය තුළ වගකිවයුතු කිසිවකුගේ ඇස නොගැටුනු මේ ග්රන්ථයෙහි එන වැඩි පමණක් ලිපි ගැමියන් මගින් අපට සොයා ගැනීමට හැකිවිය. පුන්‍යාඩි ලිපි හමුදා සෙබල මුළු විසින් රැකවරණය කරන ලද්දේය. මේ නිසා මේවා සොයාගැනීමේ ගෞරවය ලැබීමට පණ්ඩිතම්මන්යයනට හිමි නැත. අපදු කළේ ඒවා පිටපත් කර අරුත් දක්වා පළමු වරට ලොවට දීමකි. මේ අතර අපේ ඇස මිස එවන් කිසිවෙකුගේ ද ඇස නොගැටුනු ලිපි ද වෙයි. ඒවා සොයාගන්නා ලද්දේ අපම විසිනි. දියතිත්තවැව, මදයාකන්ද, බෙරවායාකන්ද ලිපි ඉන් ප්‍රධානය. මේ සියලු ලිපි ඉතිහාසයේ නව පිටුවක් පෙරලනු ඇත. මේ ලිපි සොයාගෙන මාධ්‍යවලට විස්තර දැක්වූයේ 2006 ජනවාරි මස දීය.
#NawathamaShilalipiGaweshana #EllavalaMedhanandaHimi #SinhalaPoth
Reviews
There are no reviews yet.