Author : ඉ.ක. ජිනදාස
The Spring of Tiger (by Victoria Holt) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher : Sooriya Publishers
First Edition 2021
ISBN 978-955-656-614-7
508 Pages
ලංකාවේ බ්‍රිතාන්‍ය ජාතික තේ වගාකරුවෙකු වූ රැල්ෆ් හා රූමත් නිළියක වූ ඔහුගේ බිරිඳ අයිරීන් ගේ දියණිය වන සාරා ඇශින්ටන්ට තම දෙමාපියන්ගේ විරසක වීම හේතුවෙන්, ලන්ඩන් නුවරට එපිටින් පිහිටි ඇශින්ටන්වරුන්ගේ පාරම්පරික මන්දිරයට සිය මව සමඟ පදිංචියට යාමට සිදුවේ.
කාලය ගතවත්ම සාරාගේ මව අභිරහස් ලෙස මරණයට පත් වන අතර, මරණාසන්න තත්ත්වයේ පසු වූ පියාද ආපසු එංගලන්තයට පැමිණෙයි. ලංකාවේ ඔහුගේ අසල්වැසි තේ වතුයායක හිමිකාර මිතුරෙකු වූ ක්ලින්ටන් ද ඔහු සමග පැමිණෙන අතර විවහ කර ගැනීමේ අරමුණකින් ක්ලින්ටන් සාරා සිය වසඟයට ගනී. කාලය ගෙවී යද්දී සියල්ල අතහැර ක්ලින්ටන් සමඟ විවාපත් වන සාරාට තමා සිදුකර ගත් වරදෙහි බරපතළකම අවබෝධ වන්නේ අනතුරුව ය. සැමියා ඔහුගේ බලය හා අණසක තමා කෙරෙහි පතුරුවනවා පමණක් නොව ඔහු තමාගේ ජීවිතයට ද තර්ජනයක් වී ඇති බව ඇයට වැටහෙයි. අනතුරුව ගෙවෙන සාරාගේ ජීවිතය කෙබඳු වේද?
#DiviPimma #EKJinadasa #SinhalaPoth #Sinhalapariwarthana
Reviews
There are no reviews yet.