Author: කේ.ජී. කරුණාතිලක
Publisher: S Godage & Sahodarayo (Pvt) Company
3rd Batch 2021
ISBN 978-624-00-0100-7
144 Pages
කේ.ජී. කරුණාතිලක ශතාධික බටහිර සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණ මෙන් ම ජනකාන්ත කෘති ද ගණනාවක් සිංහල පාඨකයාට පිරිනමමින් සාහිත්‍ය පෝෂණයෙහි නියුතු වූ විශිෂ්ට ලේඛකයෙකි. ඔහුගෙන් ඉටු වූ ඉහළ ම මෙහෙය නම් විශ්ව සාහිත්‍යයේ විවිධ ප්‍රවණතා නියෝජනය කරන සම්භාව්‍ය කෙටිකතා රාශියක් සිංහලයෙන් පළ කිරීම යි. මුල් කෘති අසංක්ෂිප්ත ව හා පූර්ණ ව පරිවර්තනයත් මුල් නිර්මාණයේ භාෂා ශෛලිය හා රචනා විලාසයත් ආරක්ෂා කරමින් විදග්ධ සිංහල ලේඛන සම්ප්‍රදායට අනුගත ව එම නිර්මාණ ප්‍රතිනිර්මාණය කිරීමත් කරුණාතිලක සූරීන්ගේ තව ද විශේෂත්වයක් වන්නේ ය.
දියමන්ති මාලය නමින් ප්‍රකාශයට පත් කෙරෙනුයේ කෙටිකතාවේ ආරම්භක අවධිය නියෝජනය කරන එඩ්ගා ඇලන් පෝ හා ගී ද මෝපසාංගේ සිට විසි වන සියවසේ ප්‍රකට සෝවියට් ලේඛකයන් දෙදෙනෙකු වන ඉවාන් බුනින් හා කොන්ස්තන්තීන් පවුස්තවුස්කි තෙක් කෙටිකතාකරුවන් දස දෙනෙකුගේ විවිධ සාහිත්යික මුහුණුවර සහිත නිර්මාණ දහයක සිංහල පරිවර්තන යි. හුදු වින්දනාත්මක අරමුණින් පොතපත කියවන පාඨකයාට මෙය ආනන්දය ගෙන දෙවන රසෝඝයක් වන අතර විද්‍යාර්ථියාට සන්දර්භය, තේමාව, දෘෂ්ටි කෝණය ආදි අංග සම්බන්ධ විශ්වකෝෂයක් වනු නොඅනුමාන ය.
#DiyamanthiMalayaHaVenathSheshtaJagathKetikatha #KGKarunathilaka #SinhalaPoth
Reviews
There are no reviews yet.