Sale!
, ,

ඩබ්ලියු.ඒ. සිල්වා මහතාගේ නවකතා එකතුව 1

Original price was: රු1,675.00.Current price is: රු1,592.00.

  • කැලෑහඳ + ජුලිහත + සිරියාලතා + ලේන්සුව 
  • සාමාන්‍ය මිල – රු.1675 /=
  • අපේ මිල – රු.1592 /=

Out of stock

කැලෑහඳ + ජුලිහත + සිරියාලතා + ලේන්සුව 

සාමාන්‍ය මිල – රු.1675 /=

අපේ මිල – රු.1592 /=

 

කැලෑහඳ 

Author: ඩබ්ලියු. ඒ. සිල්වා 

Publisher: S Godage & Sahodarayo (Pvt) Company 

Fifteenth Batch 2018 

ISBN 955-20-0647-3 

340 Pages 

වේල් බලන්නට පැමිණි මහ පිරිස් අතර, හැත්තෑ වියෙහි සිටී, පෙනුමෙන් දුබල මහල්ලෙක් ද, අටළොස් වියෙහි සිටි, බොළඳ තරුණියක ද වූහ. ඇඳුම්- පැළඳුම් වලින් පවා, බැලූ බැල්මට ම ඔවුන් නාගරිකයන් නො වන බව පෙනේ. මහල්ලාට වස්ත්‍රය වූයේ, අලුත් මඩකලපු සරොමක් හා පරණ සුදු කබායකි. සරොම කෙසේ වුවත්, කබාය නම්, තමාගේ වැනි සිත්කලු සිරුරකට නොව, සෘජු කායකට සුදුසු වන පරිද්දෙන් මුවින් මස්වන ලද හෙයින්, දැන් පරණ වුව ද, තමාට අවනත නොවන්නකු සේ, දළයෙන් පසු බසින්නේ ය. එතෙක් නන්ද රාළට හෙවත් මේ මහල්ලාට ඇඳුමක හැඩය ඇති-නැති බවක් නො තේරේ. නන්ද රාළ වෙනුවෙන් යම් කිසි විටක සරොමක් මැසුණත්, කබායක් නම් කිසි කලකත් නොමැසුණේ ය. නන්ද රාළ කබාය අඳින්නෙක් නොවේ. ඔහු කබායට නුපුරුදු ය. ඔහු පුරුදු සරොමක් හිණට හැඳ ගෙන, සරොමක් උරය පන්නා, උරය මතුපිට ලා ගෙන, ලේන්සුවක් හිස බැඳ ගෙන, ගමන් යාමට පමණකි.

කාලය වෙනස් වීය. එයින් පහත රට ටික දෙනකුට පමණක් විශේෂ වූ කබාය කාහටත් පොදු විය. පළමුවෙන් පිටිසර ද, තරුණ පෙළ ම කබායට යුහුව-යුහුව පුරුදු වූහ. පරණ පෙළ, මේ අලුත් වෙනස එ තරම් ඉක්මනින් නො පිළිගත්හ. එ හෙයින්, කල් යාමේ දී පරණ පෙළේ වෘඩයකු වූ නන්ද රාළ සෙස්සන් වැනි වූ ම සිත්-පිත් ඇති, ඇට-මස්-ලෙයින් සැදුණු, මිනිහකු වුව ද, නවීන ශිෂ්ටාචාරයෙන් යුත් මුළු රටට ම කෞතුක වස්තුවක් විය- නොහොත් පුදුමයක් විය. යට ගිය කලදි නම්, ඔහුට බැලූ- බැලූ අතින් තමා සේ වූවන් දකින්නට  ලැබිණි. 

#Kelehanda #WASilva #SinhalaNawakatha #OnlinePoth #OnlineBooks  

 

ජුලිහත

Author: ඩබ්ලියු. ඒ. සිල්වා 

Publisher: S Godage & Sahodarayo 

Eleventh Batch 2019 

ISBN 955-20-4458-8 

114 Pages 

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පර්පූර්ණ ප්‍රථම සිංහල නවකතාව – සිරියාලතා – උත්පාද කිරීමෙන් සතළොස් වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබැළුණු, වැල්ලවත්තේ ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ වීය. සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය. ලෝක ධර්ම හා නර ස්වභාවය හැඳිනීමේ තියුණූ නුවණින් ප්‍රවීණ වීය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහි දී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද, “ලංකා සමය” වැනි පුවත්පතින් මෙන්ම, “සිරිසර” , “නුවණ”, “තිලක” වැනි මාසික සංග්‍රහයන් මඟින් පුවත්පත් කලාව වෙනුවෙන් ගෙවුණු කාලය ද, හැරුණු විට නවකථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය. ශ්‍රම ශක්තිය ගෙවුණේ ය.

 ඩබ්ලියු. ඒ. සිල්වාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රබල පෑන, 1957 මැයි 31 වැනි දින සිට සඳහට ම ක්‍රියා විරහිත වී ඇත්තේ ය. ඔහුගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය අප කෙරෙන් තුරන් වී ඇත්තේ ය. එහෙත් සිංහල සාහිත්‍යය වෙනුවෙන් මුළු ජීවිතය කැපකොට, පනස් වසරක් තුළ ඔහු විසින් ලියා තැබූ අගනා මිණිවන් අමරණීය මහා පොත් රැසක් නො‍නැසී පවත්නේ ය. 

#Julihatha #WASilva #SinhalaNawakatha #OnlinePoth #OnlineBooks  

 

සිරියාලතා 

Author: ඩබ්ලියු. ඒ. සිල්වා 

Publisher: S Godage & Sahodarayo (Pvt) Company 

Twelfth Batch 2018

ISBN 955-20-0390-3 

240 Pages 

සියුම් කලාකාරියක් හැටියට නාට්‍ය රසයෙන් පර්පූර්ණ ප්‍රථම සිංහල නවකතාව- සිරියාලතාව – බිහි කිරීමෙන් සතළොස් වියෙහිදීම පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පංතියේ පවුලක උපන්නේය. හෙළදිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ වීය. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසල බුද්ධියෙන් විශාරද විය. ලෝකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීන විය. අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වීය.

නවකතා චක්‍රවර්ති – සාහිත්‍ය කීර්ති වැනි විරුදාවලියෙන් පුද ලද මේ අසහාය ලේඛකයාගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය, 1957 මැයි 31 වැනි දා සිට පාඨකයන් කෙරෙන් සඳහටම තුරන් වී ඇත්තේය. එහෙත් සිය බස වෙනුවෙන් සිය දිවි කැප කොට, ඔහු අතින් ලියැවුණු මිණි-මුතුවන් මහ පොත් රැසක් නොනැසී පවත්නේය.

#Siriyalatha #WASilva #SinhalaNawakatha #OnlinePoth #OnlineBooks  

 

ලේන්සුව 

Author: ඩබ්ලියු. ඒ. සිල්වා 

Publisher: S Godage & Sahodarayo (Pvt) Company 

Fourteenth Batch 2017

ISBN 955-20-2157-X

152 Pages 

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍යරසයෙන් පර්පූර්ණ ප්‍රථම සිංහල නවකථාව-සිරියලතා-උත්පාද කිරීමෙන් සතළොස්වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළ දිව මහා නවකතාකරු මෙන් අර්ධ ශත වර්ෂයක් සපුරා බැබළුණු වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ වීය. සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද වීය. ලෝක ධර්ම හා නරස්වභාවය හැඳිනීමේ තියුණූ නුවණින් ප්‍රවීණ වීය. අවලෝකනයෙන් හා ප්‍රතිභාශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය. තමා විසින් නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය. තුරුණු වියෙහි දී වෙළෙඳ ලිපිකරුවෙකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද, “ලංකා සමය” වැනි පුවත්පතින් මෙන්ම, “සිරිසර” , “නුවණ”, “තිලක” වැනි මාසික සංග්‍රහයන් තුළින් පුවත්පත්කලාව වෙනුවෙන් කැරුණු සේවය ද, හැරුණු විට, නවකථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය. ශ්‍රම ශක්තිය ගෙවුණේ ය. ඩබ්ලියු. ඒ. සිල්වාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රබල පෑන, 1957 මැයි 31 වැනි දින සිට සඳහට ම ක්‍රියා විරහිත වී ඇත්තේ ය. ඔහුගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය අප කෙරෙන් තුරන් වී ඇත්තේ ය. එහෙත් සිංහල සාහිත්‍යය වෙනුවෙන් මුළු ජීවිතය කැපකොට, පනස් වසරක් තුළ ඔහු විසින් ලියා තැබූ අගනා මිණිවන් අමරණීය මහා පොත් රැසක් නො‍නැසී පවතින්නේ ය. 

#Lensuwa #WASilva #SinhalaNawakatha #OnlinePoth #OnlineBooks  

Weight 1.141 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඩබ්ලියු.ඒ. සිල්වා මහතාගේ නවකතා එකතුව 1”

Your email address will not be published. Required fields are marked *