468
සිය මිත්‍රයකුගේ අතුරුදහන් පුත්‍රයා සොයා අප්‍රිකානු මහා වන ගහනයේ ඈත අභ්‍යන්තරයේ සැඟවුණු නිම්නයක් වෙත ගමන් කරන ටාර්සන්ට, කාලයෙන් වැළලී ගිය මහා අධිරාජ්‍යයක් හමු වෙයි. ඒ අධිරාජ්‍යය වනාහි අවුරුදු දහඅට දහසකට පෙර අභාවයට ගිය ඉපැරණි රෝම අධිරාජ්‍යයෙහි ම කොටසක් බව ඔහුට එහි දී දැන ගන්නට ලැබෙයි. එහි පිය තබන ඔ්නෑ ම පිටස්තරයකුට සිය ජීවිතය රැක ගත හැකි වන්නේ, මහා කොලිසියම් රංග භූමියෙහි ප්‍රබල ග්ලැඩියේටර්වරුන් සමඟ හෝ වනචාරීන් සමඟ හෝ දරුණු තිරිසන් සත්ත්වයන් සමඟ හෝ සටන් කර ජය ලැබීමෙන් පමණි. ප්‍රබල ප්‍රචණ්ඩ ටාර්සන්ට සෑම දා ම මෙන් ම මෙවර ද ඒ අභියෝගයන් සියල්ල ජය ගත හැකි වනු ඇත් ද?
වීර වික්‍රමයෙන් ද, ත්‍රාසයෙන් ද, කුතුහලයෙන් ද පිරී එක හුස්මට කියවා ගෙන යා හැකි රස වෑහෙන ප්‍රචන්ඩ වන නව කතාවකි.
සම්පූර්ණ යි; අසංක්ෂිප්ත යි.
#TarzonSahaYatagiyaAdirajya #PrabathMirihagalla #PariwarthanaNawakatha #Lamaintakiyaweemata






Reviews
There are no reviews yet.