Sale!
, , , , ,

චරිත කතා එකතුව – 4

රු1,283.00

  • නූපන් දේශයක මිනිසුන්ගේ විමුක්තිය සොයාගිය බොලිවියාවේ චේ + සදාම් සමඟ මා පාරිසුලා + කඳුළු අතරින් සිනාසෙන රැජින
  • සාමාන්‍ය මිල – රු. 1350/=
  • අපේ මිල – රු.1283/=

Out of stock

නූපන් දේශයක මිනිසුන්ගේ විමුක්තිය සොයාගිය බොලිවියාවේ චේ + සදාම් සමඟ මා පාරිසුලා + කඳුළු අතරින් සිනාසෙන රැජින

සාමාන්‍ය මිල – රු. 1350/=

අපේ මිල – රු.1283/=

 

නූපන් දේශයක මිනිසුන්ගේ විමුක්තිය සොයාගිය බොලිවියාවේ චේ

Author : රොහාන් ඩිරෙක්ස් , තිස්ස ගුණතිලක 

Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් 

Edition : First Edition 2019

ISBN :978-955-677-863-2

Pages : 130

ලෝකයේ රටවල් අසූවකට වඩා වැඩි ප්‍රමාණයක සංචාරක අත්දැකීම්වලින් පෝෂිත රොහාන් ඩිරෙක්ස් බොලිවියානු සංචාරයේදී සොයා යන ලොව අසහාය විප්ලවීය චරිතය වන අර්නොස්ටෝ චේ ගුවේරාගේ සමීපතයන් මෙන්ම ලාහිගුරා වනයේදී චේ ගුවේරා අත්අඩංගුවට ගත් කැප්ටන් ගැරී ප්‍රාඩෝගේ සජීවි සාක්ෂි ඇසුරුකොට ඉතා රමණීය බස් වහරකින් ‘බොලිවියාවේ චේ ’ ග්‍රන්ථය රචනා කර තිබේ.

එබැවින් මෙම ග්‍රන්ථය චේ ගුවේරා බොලිවියානු විමුක්ති අරගලයේදී (චේ ගුවේරාගේ අවසන් කාලය) මියගිය අන්දම පිළිබඳ රචිත වඩාත් සත්‍යයට ළංවන තොරතුරු ඇතුළත් කෘතියක් වන අතර චේ ගුවේරා පිළිබඳ ලොව කොතැනක, කවර හෝ භාෂාවකින් ලියැවී ඇති එවැනි ආකාරයේ කිසිම ග්‍රන්ථයකට නොදෙවැනි වන්නකි.

#NoopanDeshayakaMinisungeWimuktiyaSoyaGiyaBoliviyaweChe #RohanDireksThissaGunathilaka #NupanDeshayakaMinisungeWimuktiyaSoyaGiyaBoliviyaweChe

 

සදාම් සමඟ මා පාරිසුලා 

Author : ප්‍රියංවදා ඇම්. බන්දුවර්ධන 

Mitt liv med saddam (by Parisoula Lampsos, Lena Katarina Swanberg) යන කෘතියේ සිංහල පරිවර්තනයකි. 

Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් 

Edition : First Edition 2021

ISBN :978-624-204-029-5

Pages :336

ජිනාගේ නිවසට මා කැඳවූයේ හරුට්ගේ පෙලඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුව ය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්‍රභුවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජීවිතය ප්‍රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරුබුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්‍රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරීමෙන් ලෝකයේ සියලු ප්‍රතිලාභ අයත් කර ගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්‍රියේ හරුට්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මා ය.

#SadamSamagaMaParisoula #PriyanwadaMBanduwardhana 

 

කඳුළු අතරින් සිනාසෙන රැජින 

Author :අසෝක ගුණතිලක 

Publisher :ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් 

Edition : First Edition 2020

ISBN :978-955-677-959-2

Pages : 229

ඇයට දරුවන් සිව් දෙනෙකි. මුනුපුරු මිනිපිරියන් අට දෙනෙකි. මෙම පිරිසෙහි දුක සැප බෙදාගෙන රණ්ඩු දබර ආරාවුල් විසඳිමට ද කාලය වෙන්කර ගැනීමට තරම් ඇය කාර්යශූර ය.

ඇය සිය වල්ලභ කුමරු සමඟ ලෝකයේ රටවල් 116 ක 265 වතාවක් කරන ලද සංචාර දිය ගොඩ සහ ගුවන් වශයෙන් ගත් කළ සැතපුම් 103,2513 ක් වේ. මෙම දුර ප්‍රමාණය පෘථිවිය වටා රවුම් 42 වතාවකි. 

සමස්තයක් වශයෙන් ගත් කළ ඇය සතු පෞද්ගලිකව වස්තු සම්භාරයේ වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 530 කි. ලොව පුරා ඇගේ නමින් ලියැවී ඇති ඉඩකඩම් ප්‍රමාණය අක්කර මිලියන 6.6 කි. මෙය විශ්වයේ භුමි ප්‍රමාණයෙන් 1/6 කි. ඇයගේ අනෙක් ඉඩකඩම්වලින් ලැබෙන ආදායම පවුම් බිලියන 16 කි.

“එලිසබෙත් හරි ලස්සනයි. එයාට හරිම ලස්සන හමක් තියන්නේ…”

“ඔව්. යාගේ  මුළු ඇඟේම හම ලස්සනයි.”

රැජින පුණ්‍ය කටයුතු සඳහා සිය පෞද්ගලික ධනය අසාමාන්‍ය ලෙස වියදම් කළත්, කිසි දිනෙක ඒම මුදල් සම්භාරය හෙළි නොකරන්නීය. ඒය රහසකි. 

රැජින සිය අවමංගල්‍ය කටයුතු කිරීම සඳහා කමිටුවක් පත් කර ඇත. ඇය එහි සභාපති වන අතර කමිටු කටයුතු වාර්ෂිකව යාවත්කාලීන කරනු ලබයි. ඇයගේ අවසන් කටයුතු හෙවත් අවමංගල්‍ය උත්සවය “ලන්ඩන් බ්‍රිජ්” වශයෙන් නම් කර ඇත. 

ෆිලිප් කුමරු කූඩාරමෙන් පිටතට පැමිණ දුවන්නට විය. රැජින ටෙනිස් රැකට්ටුවක් සහ සපත්තුවක් ගෙන ඔහු පසුපස පන්නා යයි. 

“හැම කසාදෙකම අඬ දබර තියෙනවා නේ…”

#KanduluAtharinSinasenaRejina #AsokaGunathilaka

 

Weight 0.824 kg

Reviews

There are no reviews yet.

Be the first to review “චරිත කතා එකතුව – 4”

Your email address will not be published. Required fields are marked *