, , ,

ගිලුණු නැව සොයා ගත් වීරයෝ

රු280.00

  • Author : රන්ජිත් ධර්මකීර්තී 
  • Publisher : Sakila Publications
  • First Edition 2020
  • ISBN 978-955-1300-78-4
  • 64 Pages

Out of stock

Spread the love

Author : රන්ජිත් ධර්මකීර්තී 

Publisher : Sakila Publications

First Edition 2020

ISBN 978-955-1300-78-4

64 Pages

 

ගිලුණු නැව සොයා ගත් වීරයෝ ’ යනු මගේ සයවැනි යොවුන් නවකතාව යි. මීට පෙර මා ලියූ ‘ අභයභූමිය, ’     ‘අහස පොළව ළංවෙලා, ’ ‘ සැඟවුණු ලෝකය, ’ ‘ සොර නැව බිලි වුණු සුනාමිය ’ හා ‘ පසු නොබසිමි ’ යන යොවුන් නවකතා පාඨක ප්‍රචාරක ප්‍රශංසාවට භාජන විය. එමෙන් ම ‘ අභයභූමිය, ’ ‘ අහස පොළොව ළං වෙලා, ’ ‘සොරනැව බිලි වුණු සුනාමිය ’ හා ‘ පසු නොබසිමි ’ යන යොවුන් නවකතා හතරට ම රාජ්‍ය සම්මාන හිමි වී තිබේ. ඇතැම් යොවුන් නවකතා පහළොස්වැනි මුද්‍රණය ද පළ වී ඇත. 

මගේ මේ නවතම යොවුන් නවකතාව ‘ සොර නැව බිලි වුණු සුනාමිය ’ නමැති කතාවට සමාන සමුද්‍ර පසුබිමක් මත ලියැවී ඇත. එ නමුත් ඒවා යේ තේමාවන් හා චරිත එකිනෙකට ඉඳුරා වෙනස් ය. වස්තු විෂය ද තේමාව ද ‘අභයභූමිය’ නවකතාවේ සිද්ධිදාමය සිදු වන්නේ කල්පිටිය පැත්තේ කලපුවට අයත් රහස් දූපතක ය. එ නමුත් මෙම නවකතාවේ සිද්ධි පාදක වී ඇත්තේ මන්නාරමට ඔබ්බෙන් පිහිටි සමුද්‍රයේ ගිලුණු නෞකාවක් පසුබිම් කරගෙන ය.

එමනිසා මෙම නවකතාවේ වස්තු විෂය, පාඨක ඔබට නව ම අත්දැකීමක් වනු නිසැක ය. මෙම යොවුන් නවකතාව ඉතාමත් අභිමානයෙන් යුතු ව පාඨක ඔබට මෙසේ පිරිනමමි.

#GilunuNawaSoyagathWeerayo #RanjithDharmakeerthi #Lamaintakiyaweemata #YounNawakatha

Weight 0.088 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගිලුණු නැව සොයා ගත් වීරයෝ”

Your email address will not be published.