Author: ශමෙල් ජයකොඩි
Publisher: Vidarshana Publication (PVT) Ltd
First Edition 2020
ISBN 978-624-5087-73-0
401 Pages
ඇය සතු සංස්කෘතිය දෙස ආදරෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය. දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ් අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ෂ්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇදුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැර දැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.ආරම්භයේ සිට තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළුමහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය. එකිනෙකා හදුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය.
#KomalaManavaka #ShamelJayakodi #SinhalaNawakatha #SinhalaPoth #නවකතා
Reviews
There are no reviews yet.