,

කැලෑහඳ

රු650.00

  • Author : ඩබ්ලියු. ඒ. සිල්වා 
  • Publisher : S Godage & Sahodarayo (Pvt) Company 
  • Fifteenth Batch 2018 
  • ISBN 955-20-0647-3 
  • 340 Pages 

Out of stock

Author : ඩබ්ලියු. ඒ. සිල්වා 

Publisher : S Godage & Sahodarayo (Pvt) Company 

Fifteenth Batch 2018 

ISBN 955-20-0647-3 

340 Pages 

 

වේල් බලන්නට පැමිණි මහ පිරිස් අතර, හැත්තෑ වියෙහි සිටී, පෙනුමෙන් දුබල මහල්ලෙක් ද, අටළොස් වියෙහි සිටි, බොළඳ තරුණියක ද වූහ. ඇඳුම්- පැළඳුම් වලින් පවා, බැලූ බැල්මට ම ඔවුන් නාගරිකයන් නො වන බව පෙනේ. මහල්ලාට වස්ත්‍රය වූයේ, අලුත් මඩකලපු සරොමක් හා පරණ සුදු කබායකි. සරොම කෙසේ වුවත්, කබාය නම්, තමාගේ වැනි සිත්කලු සිරුරකට නොව, සෘජු කායකට සුදුසු වන පරිද්දෙන් මුවින් මස්වන ලද හෙයින්, දැන් පරණ වුව ද, තමාට අවනත නොවන්නකු සේ, දළයෙන් පසු බසින්නේ ය. එතෙක් නන්ද රාළට හෙවත් මේ මහල්ලාට ඇඳුමක හැඩය ඇති-නැති බවක් නො තේරේ. නන්ද රාළ වෙනුවෙන් යම් කිසි විටක සරොමක් මැසුණත්, කබායක් නම් කිසි කලකත් නොමැසුණේ ය. නන්ද රාළ කබාය අඳින්නෙක් නොවේ. ඔහු කබායට නුපුරුදු ය. ඔහු පුරුදු සරොමක් හිණට හැඳ ගෙන, සරොමක් උරය පන්නා, උරය මතුපිට ලා ගෙන, ලේන්සුවක් හිස බැඳ ගෙන, ගමන් යාමට පමණකි.

කාලය වෙනස් වීය. එයින් පහත රට ටික දෙනකුට පමණක් විශේෂ වූ කබාය කාහටත් පොදු විය. පළමුවෙන් පිටිසර ද, තරුණ පෙළ ම කබායට යුහුව-යුහුව පුරුදු වූහ. පරණ පෙළ, මේ අලුත් වෙනස එ තරම් ඉක්මනින් නො පිළිගත්හ. එ හෙයින්, කල් යාමේ දී පරණ පෙළේ වෘඩයකු වූ නන්ද රාළ සෙස්සන් වැනි වූ ම සිත්-පිත් ඇති, ඇට-මස්-ලෙයින් සැදුණු, මිනිහකු වුව ද, නවීන ශිෂ්ටාචාරයෙන් යුත් මුළු රටට ම කෞතුක වස්තුවක් විය- නොහොත් පුදුමයක් විය. යට ගිය කලදි නම්, ඔහුට බැලූ- බැලූ අතින් තමා සේ වූවන් දකින්නට  ලැබිණි. 

#Kelehanda #WASilva #SinhalaNawakatha #OnlinePoth #OnlineBooks  

 

Weight 0.447 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කැලෑහඳ”

Your email address will not be published. Required fields are marked *