Sale!
, , , ,

කත්‍යානා අමරසිංහ මහත්මියගේ කෘති එකතුවක්…

රු2,755.00

  • නිලි වැස්ස + වණ්ණදාසි + ධරණි + බාණ කුසුම්
  • සාමාන්‍ය මිල – රු.2900 /=
  • අපේ මිල – රු.2755 /=

 

Out of stock

නිලි වැස්ස + වණ්ණදාසි + ධරණි + බාණ කුසුම්

සාමාන්‍ය මිල – රු.2900 /=

අපේ මිල – රු.2755 /=

 

නිලි වැස්ස

Author: කත්‍යානා අමරසිංහ

Publisher: Sooriya Publisher

Sixth Edition 2019

ISBN 978-955-656-330-6

224 Pages

“ මගේ දෙවියන් ඉන්නෙ මේ නිල් පාට අහසෙ. මේ මහ මූදෙ. මේ හුළං අතරෙ. මේ ගහකොළ අතරෙ. ” කපිතාන් කීවා.

මට ඒක හරියට ම තේරුණේ නෑ. තේරුම් ගන්ඩ මං උත්සාහ කළෙත් නෑ. මට දෙවියො බුදුන් තියා කන්ද උඩරටයි, රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබ්බේ.

මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇඟ පුරා ඔහුගෙ ඇඟිලි තුඩු ගමන් කරනව දැනුණා. දියෙන් පෙඟුණු ඔහුගෙ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි, නිල් පාට මූදයි එක් වෙන හැටි බලාගෙන හිටිය.

#Niliwassa #KathyanaAmarasingha #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

වණ්ණදාසි

Author: කත්‍යානා අමරසිංහ

Publisher: Sooriya Publisher

Sixteenth Batch 2020

ISBN 978-955-656-396-2

307 Page

 

එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න.

ඒ, ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට, මගේ අතීතය ගැන සැඟවීමට හෝ ඒ ගැන ලැජ්ජා වීමට වුවමනා නැති බව ය. එහෙත්, තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරික ලෝකයේ ඉහළ ම නැගීම ඔබට රස මවන පුවතක් වූවාට මට එය එසේ නොවේ.

මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ.

එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.

#Wannadasi #Vannadasi #KathyanaAmarasingha #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

ධරණි

Author: කත්‍යානා අමරසිංහ

Publisher: Sooriya Publisher

Sixth Edition 2019

ISBN 978-955-656-526-3

200 Pages

“ එතැන් සිට අවුරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වේලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බංකුව මත වාඩි වී ඇය ඉදිරියේ මගේ පෑරුණු හදවත විවර කළෙමි.

ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තිබිණි. නොඑසේ නම්, මම රෙදි  බෝනික්කෙකුට පණ ලැ‌බෙන එවැනි සිහින ලෝකයක
සැරිසැරුවෙමි.”

#Dharani #Darani #KathyanaAmarasingha #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

 

බාණ කුසුම්

Author: කත්‍යානා අමරසිංහ

Publisher: Sooriya Publisher

First Edition 2020

ISBN 978-955-656-604-8

230 Pages

 

ඒ නග්න ස්ත්‍රී ප්‍රතිමාව දිහා බලනකොට පරම්පරා දහයකට එහා ඉතිහාසයක් තමන් ඉදිරියේ දෑස දල්වගෙන ඉන්න වගට ඈට දැනුණා. මැජික් කණ්ණාඩියකින් බලනව වගේ ඉතිහාසයේ සුළි කුණාටුවලට හසු වුණු ගැහැණු රූප ගණනාවක් ඒ අස්සෙන් පේන්න පටන් ගත්තා. සමහර විට මායා බලයකින් වගේ ඒ දැවමුවා ප්‍රතිමාව ගුප්ත ඉතිහාසයේ අගාධයකට තමන් ඇදගෙන යනව කියල ඈට හැඟුණා.

 

#BanaKusum #KathyanaAmarasingha #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

Weight 1.190 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කත්‍යානා අමරසිංහ මහත්මියගේ කෘති එකතුවක්…”

Your email address will not be published. Required fields are marked *