Author : සාලිය සමරවික්‍රම
Publisher : Sahanodaya Publisher
First Edition 2019
ISBN 978-955-43271-4-6
116 Pages
අප ඉපද ඇත්තේ කරුණු දෙකක් සඳහාය. ඒ ජීවත් වීම සහ ලබාගැනීමය. ජීවත් විමට සොබා දහම සැමට හුස්ම සමානව දී ඇත. අපේ සමහරු විනෝදය සඳහා දිය නෑමට ගොස් ජීවිතය නැතිකර ගනිති. වතුර යට හුස්ම නැත. එසේ නම් ජීවත් වීමට ආරක්ෂාව අප විසින් එකතු කර ගත යුතුය.
ලබාගැනිමට ද සැමට පැය 24 ක් සමානව ලබා දී ඇත. අපට ලැබෙන්නේ අප වෙලාවට දෙන දේම පමණි. ‘ආකර්ශණ නීතිය’ සියල්ල ලබාගැනීමේ රහස ලෙස ලොව පිළිගත්තත්, ආකර්ශනය වන සියල්ල ලබාගන්නේ නැත. ලබාගන්නේ වේලාව දෙන දේ පමණි. සිතන්න වේලාව දීමෙන් ලැබෙන්නේ සිතුවිල්ල පමණි. ක්‍රියාකිරීමට වේලාව දීමෙන් සියලු ඵල නෙලාගත හැක. දැනුම, අධිෂ්ඨානය, උත්සහය, හැකියාව සහ කැපවීම තුළින් ජීවිතයේ සියලුම ජයග්‍රහන හිමිකර ගන්න. මෙලොව බිහි වූ කෝටිපතියන් ගේ වටිනා අදහස් මෙම ග්‍රන්ථයට ඇතුලත් කර ඇත. ඒවා හොඳින් අවබෝධ කොට ක්‍රියාත්මක කිරීමෙන් ඔබටත් කෝටිපතියෙකු වීමේ වාසනාව වීමේ වාසනාව උදාකරගත හැක.
සොබාදහමේ වටිනාම දේ සූර්යාලෝකයයි. අප සතු වටිනාම දේ අවධානයයි. අපේ සැපත සහ විපත එමගින් සිදුවන බව අවබෝධ කරගෙන,අවධානයෙන් තොරව සියල්ල අවසානයෙන් කෙළවර වන බව දැනගෙන අවශ්‍ය කරන සියල්ල අවධානයෙන් රැකගැනීම කෝටිපතියෙකු සතු මහඟුම සම්පතයි.
#ObathKotipathiyekuWanna #SaliyaSamarawickrama #SinhalaPoth
Reviews
There are no reviews yet.