,

උපේකා

රු700.00

  • Author: ජයසේන ජයකොඩි
  • Publisher: Dayawansa Jayakody & Company
  • Fifth Batch 2018
  • ISBN 978-955-686-342-0
  • 191 Pages

Out of stock

Author: ජයසේන ජයකොඩි

Publisher: Dayawansa Jayakody & Company

Fifth Batch 2018

ISBN 978-955-686-342-0

191 Pages

 

පද්මාවතී ලිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමීය කුමාරයා සිහිපත් කළා ය. පැවිදිව හුදෙකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්ට පිය රජතුමා දිනක් ගියේ ය. ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකට පත්ව ඇතැ යි කියා ය. එහෙත් බොහෝ පැහැපත්ව ප්‍රබෝධමත්ව ඔහු එහි පසුවනු දුටු රජතුමා මවිතයට පත්ව, මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි, ප්‍රශ්න කෙළේ ය. “අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි. කඩුගත්තාවු රාජාරක්ෂකයෝ මා වටා නැත්තෝ ය. අතීතය ගැන සිතා ශෝක නොකරමි. අනාගත ප්‍රාර්ථනා ද නැත. වර්තමානයෙන් යැපෙමි. මේ නිසා පිය රජතුමනි මට මැනවින් නිදි ලැබේ. ශරීර වර්ණය පැහැපත් වේ. සෝ තැවුල් නැත.” තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේ ය.

 

#Upeka #JayasenaJayakody #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

WhatsApp us