,

උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප

රු680.00

  • Author : ආචාර්ය සමුද්‍රා සෙනරත් 
  • Publisher : Sooriya Publishers
  • First Edition 2021
  • ISBN 978-955-656-620-8
  • 154 Pages

Out of stock

Author : ආචාර්ය සමුද්‍රා සෙනරත් 

Publisher : Sooriya Publishers

First Edition 2021

ISBN 978-955-656-620-8

154 Pages

ආචාර්ය සමුද්‍රා සෙනරත්, කොළඹ විශ්වවිද්‍යාලයේ, අධ්‍යාපන පීඨයේ, අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ උපදේශන මනෝවිද්‍යා සහ අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගැන්වීම පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියකි. ඇය විසින් එළි දක්වන ලද මෙම කෘතිය පිළිබඳ හැඳින්වීමක් ලිවීම පිළිබඳ සතුටුවන්නේ ඇයගේ “ උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප” කෘතිය උපදේශන මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයට ඉමහත් ලෙස දායක වන නිසාය. 21 වන ශතවර්ෂය ආරම්භයත් සමඟ වේගයෙන් විද්‍යාව හා තාක්ෂණය දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස ජන සමාජයෙහි සරල ලෙස ජීවත් වූ මිනිසා සංකීර්ණ සමාජයකට අවතීර්ණය වීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසාගේ මානසික සෞඛ්‍ය බිඳවැටීමකට ලක්ව ඇති බව වර්තමාන සමාජයෙන් පෙන්නුම් කරයි. ඒනම් මානසික රෝග, ගැටලු, පවුල් ආශ්‍රිත අර්බුද, සියදිවි නසාගැනීම්, ව්‍යසනවලට ලක්වීම හා ආශ්‍රිත ගැටලු, උග්‍ර වෙමින් පවතී. මෙවැනි ගැටළු නිරාකරණය සහ මානසික සෞඛ්‍ය ගොඩනැංවීම උදෙසා උපදේශන මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයේ සහාය වර්තමාන සමාජයට දැඩි ලෙස අවශ්‍ය වී ඇත. උපදේශන මනෝවිද්‍යා පාඨමාලා හදාරණ විද්‍යාර්ථීන්ට සහ ප්‍රායෝගිකව උපදේහනයේ නියැලෙන වෘත්තීය උපදේශකවරුන්ට මෙම ග්‍රන්ථයේ අන්තර්ගත ඥාන සම්භාරය අතිශයින්ම වැඩදායි වනු ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීම මඟින් අදාළ විෂය ක්ෂේත්‍රයෙහි අන්නතිය වෙනුවෙන් කතුවරිය විසින් ගන්නා ලද උත්සහය බෙහෙව්න් අගයකොට සලකමි. 

මහාචාර්ය සුසීමා වැලිගමගේ,                                                                                                                                                                            වාණිජ සහ කළමනාකරණ අධ්‍යයන පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය.                

#UpadeshanaManowidyaweMulikaSankalpa #SamudraSenarath #Manowidyawa                                                  

WhatsApp us